Social Icons

facebookrss feedemailtwitter

Wednesday, February 14, 2018

පළාත් පාලන ආයතන නැවත පිහිටුවීම මාර්තු පළමු සතියේ

පළාත් පාලන ආයතන නැවත පිහිටුවීම මාර්තු මස පළමු සතියේ සිදු කිරීමට නියමිත බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා පැවසුවේ මේ පිළිබඳව වූ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තුවන බවය. මැතිවරණ කොමිෂන් සභාව විසින් සභිකයන් පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව මෙම කටයුතු සිදු කෙරෙනු ඇත.



මේ අතර මැතිවරණයෙන් පසු ගතවූ පැය 36 ක කාලය තුළ සිද්ධීන් 40 ක් පිළිබඳ පැමිණිලි ලැබී ඇති බව පැෆරල් සංවිධානය සඳහන් කර සිටී. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ පහරදීම් 11 ක් ඇතුළු බරපතල ප්‍රචණ්ඩ ක්‍රියා ගණයට ගැනෙන සිද්ධීන් 33 ක් පිළිබඳ පැමිණිලි ලැබී ඇති බවය. බරපතල සිද්ධීන් අතර දේපල වලට හානි කිරීම් 6 ක් හා තර්ජනය කර බිය වැද්දීම් පිළිබඳ පැමිණිලි 12 ක් ද වාර්තා වී ඇත.