Social Icons

facebookrss feedemailtwitter

Wednesday, February 14, 2018

පැමිණිලි 152 ක් පිළිබදව අල්ලස් කොමිසමෙන් විමර්ෂණ

තම කොමිසමට ලැබුණු පැමිණිලි 152ක් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කරන බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.එහි විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ පසුගිය මාසය තුළ ලැබුණූ එම පැමිණිලිවලින් මහේස්ත්‍රාත් අධිකරණවල සහ මහාධිකරණයේ නඩු 05ක් පවරා ඇති බවයි.


චුදිතයින් අතර හිටපු අගවිනිසුරුවරයෙකු, අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු සහ හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු ඇතුළු රජයේ නිලධාරින් සිටින බව හෙතෙම සදහන් කළේය.පසුගිය ජනවාරි 31 වන දින දක්වා මේ වසරට අදාළව එම පැමිණිලි ඉදිරිපත්ව ඇත.