“සයිටම්”පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුයුක්ත කිරීමට තීරණය කෙරේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව, සිසුන් දහසකගේ පමණ සුදුසුකම් විමසා බැලීමකින් පසුව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුයුක්ත කෙරෙනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කර ඇත.