Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 20, 2018

161 ට ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ ගැනුම් හා විකුණුම් අනුපාත සටහනට අනුව ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම රුපිය‍ලේ අගය වාර්තා විය.

ඒකාබද්ධ හමුදා අභ්‍යාසය අත්හිටුවීමට එකඟතාවක්

අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත ඒකාබද්ධ හමුදා අභ්‍යාසය අත්හිටුවීමට ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව 18 වැනි දින එකඟත්වය පළ කර තිබේ.

යුද හමුදා පරිහරණයේ තිබූ තවත් ඉඩම් අක්කර 120ක් ජනතා අයිතියට

උතුරු පළාතේ යුද හමුදා පරිහරණයේ තිබූ තවත් ඉඩම් අක්කර 120ක් ඔවුන්ගේ පරිහරණයෙන් නිදහස් කිරීමට කටයුතු කර තිබේ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ඇපෑල කල් යයි

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කළ අභියාචනය සලකා බැලීම ලබන 22 වන දා දක්වා කල් දමා තිබෙනවා.

කිම් තෙවැනි වරටත් චීනයට

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් 19 වැනි දින චීනයේ බීජිං නුවරට පැමිණියේය. මේ වසරේදී මාස කිහිපයක් ඇතුළත උතුරු කොරියානු නායකයා චීනයට පැමිණි තෙවැනි අවස්ථාව මෙයයි.

පළමු ශ්‍රේණියට අයදුම්පත් ගැනීම ජූලි 10 දක්වා

2019 වසර සඳහා රජයේ පාසල් හි පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ජූලි මස 10 වැනි දින දක්වා කල් දැමේ.

සාපෙළ හර විෂයන් ගණන 6ට අඩු කිරීමට පියවර

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අයත් හර විෂයන් 08 විෂයන් 06 ක් ලෙස අඩු කිරීම කෙරෙහි සලකා බලමින් තිබෙන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

වසර තුනක ඇවන්ට්ගාඩ් මෙහෙයුමෙන් නාවික හමුදාවට කෝටි 560ක්

ඇවන්ට්ගාඩ් සමාගම නාවික හමුදාව යටතට පත්කිරීමෙන් පසු 2015 වසරේ සිට මේ දක්වා කාලයේ රුපියල් කෝටි 560ක මුදලක් උපයා ඇතැයි මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ප්‍රා.ලේ.කො. 365 දක්වා වැඩි කිරීමට තීරණයක්

දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව 365ක් දක්වා වැඩි කිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

තායිලන්තයේ රාජකීය වත්කම් රජුට පවරයි

තායිලන්ත රාජකීය දේපළ කාර්යාංශය මගින් පාලනය කළ ඇමරිකානු බිලියන ඩොලර් 30 ක් පමණ වන රාජකීය දේපළ මහා වජිරලොන්කෝන් රජු වෙත පැවරීමට එරට රජය තීරණය කර තිබේ.

ඊශ්‍රායලයෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්

සිරියාව සමඟ එක්ව ඊශ්‍රායලයට විරුද්ධව ක්‍රියා කිරීම හේතුවෙන් ඉරානයට විරුද්ධව ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව ඊශ්‍රායලය පවසයි.

යුද්ධ කරලා අර්බුදය විසඳන්න බෑ

යේමන අර්බුදයට හමුදාමය විසඳුමක් නැතැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී පෙන්වා දෙයි.

චීන ඇමරිකා වෙළෙඳ යුද්ධය උග්‍ර වේ

චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය සමඟ ඇති වී තිබෙන වෙළෙඳ යුද්ධය උග්‍ර වීම නිසා මූල්‍ය වෙළෙඳපොළ රැසක් අර්බුදකාරී තත්ත්වයකට පත්විය.

මැක්රෝන් මාකෙල් යුරෝපා කලාපීය අයවැයකට එකඟවෙති

යුරෝපා කලාපීය අයවැයක් නිර්මාණය කිරීමට ජර්මානු චාන්සලර් ඇන්ගෙලා මර්කෙල් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් 19 වැනි දින එකඟතාව පළ කළහ. 

ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති.

නව බස්රථ දෙදහසක් ධාවනයට

ලංගම සේවය සඳහා නව බස් රථ දෙදහසක් ධාවනයට යෙදවීමට රජයේ අවධානය යොමුව ඇත. ඒ සදහා විදෙස් ආයෝජකයන් සමඟ සාකච්ඡා කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරමේ සැකකරුවෝ 3741ක් වසර තුනකදී අත්අඩංගුවට

රට තුළ මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වෙමින් පැවැති මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලිමට ආණ්ඩුව විශේෂ කාර්ය බළකායට 2016 වසරේදි ලබා දෙන ලද අභියෝගය අකුරටම ඉෂ්ඨ කරමින් පසුගිය වසර තුන තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුන සැකකරුවෝ 3741ක් අත්අඩංගුවට ගෙන රුපියල් කෝටි හතලිස් හයක පමණ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

මධ්‍යධරණී මුහුදේ දී බේරා ගත් සංක්‍රමණිකයන් වැලෙන්සියා වරායට

ඉතාලියෙන් හා මෝල්ටාවෙන් හරවා යවනු ලැබූ මධ්‍යධරණී මුහුදේ දී බේරා ගන්නා ලද සංක්‍රමණිකයන් ස්පාඤ්ඤයේ වැලෙන්සියා වරාය වෙත පැමිණ තිබේ.

දේශගුණික විපර්යාසයෙන් සහල් නිෂ්පාදනයට වන බලපෑම් මැඬලීමට චන්ද්‍රිකා තාක්‍ෂණය

දේශගුණික විපර්යාස හේතුවෙන් මෙරට සහල් නිෂ්පාදනයට සිදුවන බලපෑම අවම කර ගැනීම සඳහා චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට සූදානම් බව අන්තර් ජාතික සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටී.

ජාතික නිවාස දින කොඩි සතිය අරඹමින් පළමු කොඩිය ජනපතිට

ජූනි 23 වැනි දිනට යෙදෙන ජාතික නිවාස දිනය වෙනුවෙන් ප්‍රකාශයට පත්කර ඇති කොඩි සතිය ආරම්භ කරමින් එම පළමු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැළඳවීම 19 වැනි දින ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණ.