Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 20, 2018

ප්‍රා.ලේ.කො. 365 දක්වා වැඩි කිරීමට තීරණයක්

දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව 365ක් දක්වා වැඩි කිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

මේ වන විට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 332ක් පවතින අතර 2020 වසරින් පසු එම කොට්ඨාශ සංඛ්‍යාව 365ක් දක්වා ඉහළ නැංවීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව නුවරඑළිය, ගාල්ල, මහනුවර, මඩකලපුව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට අලුතින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් එකතු වන බව වජිර අබේවර්ධන අමාත්‍යවරයා කියා සිටියේය. දිවයින පුරා පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 332 කට අදාළව නව ගොඩනැගිලි ඉදිකිරීම මේ වන විට සිදුකෙරෙන අතර එම කටයුතු ද 2020 වසර වන විට අවසන් කරන බවද පැවසේ.