Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 20, 2018

පළමු ශ්‍රේණියට අයදුම්පත් ගැනීම ජූලි 10 දක්වා

2019 වසර සඳහා රජයේ පාසල් හි පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ජූලි මස 10 වැනි දින දක්වා කල් දැමේ.

මේ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර ඇත. මේ දිනවල පවතින තැපැල් වර්ජනය නිසා දෙමාපියන්ට සිදුවිය හැකි අපහසුතාවයන් මග හැරවීමට එම පියවර ගත් බව අමාත්‍යවරයා සදහන් කරයි. 2019 වසර සඳහා රජයේ පාසල් හි පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් බාර ගැනීම ජූනි මස 30 වැනි දින අවසන් වීමට නියමිතව තිබිණ.