Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 20, 2018

සාපෙළ හර විෂයන් ගණන 6ට අඩු කිරීමට පියවර

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අයත් හර විෂයන් 08 විෂයන් 06 ක් ලෙස අඩු කිරීම කෙරෙහි සලකා බලමින් තිබෙන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් ජාතික අධ්‍යාපන ආයතනය මූලික කරගනිමින් පිහිටුවා තිබෙන අතර එම කමිටුව මගින් සමාන්‍ය පෙළ විභාගයට විෂයන් 06 ක් තිබිය යුතු බවට සාකච්ඡා කරමින් තිබෙන බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය. එහෙත් ඉතිහාසය, භාෂාව හා ආගම යන විෂයන් කිසිසේත් වෙනස් නොවන බවද අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේය.

කෙසේ වෙතත් පුරවැසි අධ්‍යාපනය ප්‍රජා පාලනය, ඉතිහාසය සහ භූගෝල විද්‍යාව යන විෂයන් අන්තර්ගත කරමින් පුරවැසි අධ්‍යාපනය සහ සමාජ විද්‍යාව ලෙස නව විෂයක් හඳුන්වාදීමට විද්වත් කමිටුව යෝජනා කර තිබූ බවද අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා කීය.