Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 20, 2018

චීන ඇමරිකා වෙළෙඳ යුද්ධය උග්‍ර වේ

චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය සමඟ ඇති වී තිබෙන වෙළෙඳ යුද්ධය උග්‍ර වීම නිසා මූල්‍ය වෙළෙඳපොළ රැසක් අර්බුදකාරී තත්ත්වයකට පත්විය.

ඇමරිකා ජනාධිපතිවරයා චීන තාක්ෂණික ක්ෂේත්‍රය ඉලක්ක කරගනිමින් චීන ආනයන මත සියයට 25 ක බදු පැනවීමට තීරණය කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඩොලර් බිලියන 50ක ඇමරිකා භාණ්ඩ මත බදු පැනවීය.

ඒත් සමඟම තවත් ඩොලර් බිලියන 200ක චීන නිෂ්පාදන පැනවීමට කටයුතු කරන බවට ඇමරිකා ජනාධිපතිවරයා අනතුරු ඇඟවීය. ඊට ප්‍රතිචාර දක්වමින් ඇමරිකා ජනාධිපතිවරයා වෙළෙඳ යුද්ධයක් ඇති කිරීමට කටයුතු කරන බවට චීනය චෝදනා කළේය. ඇමරිකා එක්සත් ජනපද දත්තවලට අනුව චීනයට කරන ඇමරිකා එක්සත් ජනපද ආනයනවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 70ක් වේ. මේ නිසා ඇමරිකා එක්සත් ජනපදය නැවත බදු පැනවීමක් කළහොත් චීනය ඊට තරමක වෙනස් ආකාරයක ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි ආර්ථිකවේදිහු පවසති.