Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 20, 2018

ජාතික නිවාස දින කොඩි සතිය අරඹමින් පළමු කොඩිය ජනපතිට

ජූනි 23 වැනි දිනට යෙදෙන ජාතික නිවාස දිනය වෙනුවෙන් ප්‍රකාශයට පත්කර ඇති කොඩි සතිය ආරම්භ කරමින් එම පළමු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැළඳවීම 19 වැනි දින ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණ.

ජනාධිපතිතුමාට පළමු කොඩි පළඳවනු ලැබුවේ නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසිනි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම අවස්ථාවට එක්විය. දිවංගත හිටපු ජනාධිපති, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිර්මාතෘ රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ජන්ම දිනය යෙදී ඇති ජූනි 23 වැනි දින “ජාතික නිවාස සැමරුම් දිනය” ලෙස ප්‍රකාශයට පත් කර ඇත.