Social Icons

facebookrss feedemailtwitter

Monday, April 23, 2018

කාබූල් ප්‍රහාරයෙන් මිය ගිය ගණන 57දක්වා ඉහළට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට 22 වැනි දින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින් ගණන 57 දක්වා ඉහළ ගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

ඉන්ධනවලට සැකසූ මිල සූත්‍රය 24 කැබිනට් මණ්ඩලයට

ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් සකස් කළ මිල සූත්‍රය හෙට (24) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

දෙවන පාසල් වාරය අද සිට

රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය ඇරඹේ. සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පළමු පාසල් වාරය පසුගිය 06 වන දිනෙන් අවසන් වූ අතර මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය මෙම මස 11 වන දිනෙන් අවසන් විය.

Sunday, April 22, 2018

ලොව ධනවත්ම එමීර් වැසියන් හත්දෙනා

අබ්දුල්ලා බින් අහමඩ් අල් ගුරායි සහ එම පවුල පළමු ධනවත් එමීර් පුද්ගලයින් වශයෙන් සැළකේ. එම එමර් ජාතික ධනපති ලැයිස්තුවේ දෙවැනි ස්ථානය මජීඩ් අල් ෆුටායිම් සහ පවුල් විසින් හිමිකර ගෙන ඇත. ඔවුන් සතු වත්කම ඇමෙරිකානු ඩොලර් 4.6 කි.

ලොව වයස්ගතම කාන්තාව සමුගනී

ලොව වයස්ගතම කාන්තාව ලෙස සැලකූ ජපන් ජාතික 117 හැවිරිදි වියේදී මියගොස් තිබේ. 21 වැනි දින පස්වරුවේ දකුණු ජපානයේ, කිකායි ප්‍රදේශයේ රෝහලකදී ඇය මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකත්වය චාල්ස් කුමරුට

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ මීළඟ නායකයා ලෙස මහ රැජිනගේ පුත් චාල්ස් කුමරු පත් කිරීමට එම මණ්ඩලයේ සාමාජික රටවල රාජ්‍ය නායකයන් එකඟත්වය පළ කර ඇතැයි බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කරයි.

එලිසෙබෙත් රැජින 92 වන ඡන්ම දිනය සමරයි

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසෙබෙත් රැජින සිය 92 වන ඡන්ම දිනය සමරයි. ලන්ඩනයේ පිහිටි රෝයල් ඇල්බට් ශාලාවේදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් උපන් දින සාදය පැවැති බව වාර්තා වෙයි.

ලෝක ප්‍රකට සංගීතඥයෙකු වු ඇවිසි සමුගනී

ලෝක ප්‍රකට සංගීතඥයකු වන ටිම් බර්ග්ලින්ග් හෙවත් ඇවිසි බර්ග්ලින්ග් මිය ගොස් තිබෙනවා. ස්වීඩන් ජාතික 28 හැවිරිදි  බර්ග්ලින්ග්ගේ මරණයට හේතුව මෙතෙක්  හෙලි වී නැහැ.

නියමිත කාලයට පෙර ඡන්දයකට යෑමට තුර්කි ජනපති තීරණය කරයි

ලබන වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ තූර්කි ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ඊට පෙර පැවැත්වීමට ජනාධිපති රෙසෙප් තයිප් එර්ඩොගන් තීරණය කරයි. එළැඹෙන ජූනි 24 වැනි දා මෙම මැතිවරණ පැවැත්වෙනු ඇත.

විභාග පැවැත්වීමේ ක්‍රියාවලිය නවීකරණයට පියවර

විභාග දෙපාර්තමේන්තුවේ විභාග ක්‍රියාවලිය නවීකරණය කිරිමටත් ඒ සඳහා නව තාක්ෂණ ක්‍රමවේද භාවිතා කිරිමටත් අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් දී තිබේ.

උතුරු කොරියාව න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම් නතර කරයි

තම රට න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම් නතර කරන බව උතුරු කොරියා නායකයා නිවේදනය කරයි. එරට පාලක පක්ෂයේ හත්වන මධ්‍යම කමිටුවේ තුන්වෙනි පූර්ණ සැසිය අමතමින් මෙම තීරණය ප්‍රකාශයට පත් කළේය.

රසායනික අවි තහනම් සංවිධානයේ පරීක්ෂකවරු සිරියාවේ පරීක්ෂණ ආරම්භයි

රසායනික අවි තහනම් සංවිධානයේ පරීක්ෂකවරු සිරියාවේ ‍ඩවුමා දිස්ත්‍රික්කය‍ට ඇතුළු වෙති. රසායනික අවි භාවිත කළ බවට ඇති චෝදනා පරීක්ෂා කිරීම අරමුණයි. අදාළ සාම්පල ලබා ගැනීමට තම පරීක්ෂකයන් ක්‍රියා කරනු ඇති බව රසායනික අවි තහනම්  සංවිධානය සඳහන් කරයි.

උෂ්ණත්වය ඉහලයෑමෙන් ජීවීන් අඩකට වැඩි ප්‍රමාණයක් අනතුරේ

ලෝකයේ ජෛව විවිධත්වයෙන් වැඩිම ස්ථාන 35ක සිටින ජීවීන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් දේශගුණික වෙනස්කම් හේතුවෙන් වඳවීමේ තර්ජනයට මුහුණදී සිටින බව ජෛව විද්‍යාඥයින් විසින් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

රියදුරෙකු රහිත මෝටර් රථයක්

ස්විස්ටර්ලන්තයේ පැවැත්වුණ ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයේ දී රියදුරෙකු නොමැතිව ධාවනය වන මෝටර් රථයක් හඳුන්වා දීමට රෙනාල්ට් සමාගම කටයුතු කර තිබේ. ජංගම දුරකථනයට ස්ථාපනය කළ හැකි යෙදුමක් හෙවත් ඇප් එකක් මාර්ගයෙන් මෙම රථයට විධාන සැපයිය හැකි අතර නතර කළ යුතු ස්ථානය ආදි විධාන මෙම මෝටර් රථයට ලබා දිය හැකි බවයි රථය නිර්මාණය කළ ජර්මානු සමාගම පවසයි.

සතුටින් සිටින රටවල් අතරින් ශ්‍රී ලංකාවේ 116

ප්‍රීතිමත්ම  ජනතාව සිටින රටවල් අතරින්  ශ්‍රී ලංකාව 116 වෙනි ස්ථානයට  පත්ව ඇත. ඒ රටවල් 156ක් යොදා ගනිමින් සිදුකරන ලද සමික්ෂණයකට අනුවයි. 2018 වර්ෂය සදහා නිකුත් කරන ලද මෙම වාර්තාව අනුව පසුගිය වසරවලට සාපෙක්ෂව ශ්‍රි ලංකාව පියවර 4ක් ඉදිරියට පැමිණ ඇති බව සඳහන්.

කාලගුණ වෙනසින් වැඩිම බලපෑමක් සිදුකරන රටවල් අතරට ශ්‍රී ලංකාවත්

ලෝක කාලගුණ වෙනසින් වැඩිම බලපෑමක් ඇති වන රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වන බවට අධ්‍යයනයකින් හෙළිවේ. එම අධ්‍යයනය සිදු කර ඇත්තේ සංවර්ධිත, නැගී එන සහ පෙරමුණු වෙලෙඳපල නියෝජනය කරන රටවල් 67 ක් තෝරාගනිමිනි.

දික්කසාදය නීතිගත කිරීම සඳහා පිලිපීනය සූදානම්

දික්කසාදය නීතිගත කිරීම සඳහා පිලිපීන රජය කටයුතු කරමින් සිටියි. ඒ සඳහා වන යෝජනාවට එරට කොංග්‍රසයේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවද සඳහන්. ලොව දික්කසාදය සඳහා නීතියෙන් අවසර නොමැති රාජ්‍යයන් දෙක වන්නේ පිලිපීනය සහ වතිකානයයි.

සෞදි සෙබළියන්ට අදාල කොන්ද්සි

සෞදි කාන්තාවන්ට හමුදා සේවයට බැඳීමට පසුගියදා අවසර ලැබිණ. පසුව ඔවුන්ට හමුදා සේවයට බැඳීමට අවසර ලබාදීමෙන් පසු ඒ සඳහා අදාළ වන සේවා කොන්දේසි සෞදි ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර ඇති බව පැවසේ.

ගෝලීය මූල්‍ය අවදානම ඉහළට

ගෝලීය මූල්‍ය අවදානම් ඉහළ යනු ඇති බව ජාත්‍යන්තර මුදල් අරමුදල අනතුරු ඇඟවයි. තරමක සැහැල්ලු මූල්‍ය තත්වය කෙටි කාලීන ලෙස ගෝලීය ආර්ථික වර්ධනයට හිතකර වුව ද දීර්ඝකාලීන අවම පොලි අනුපාතය ක්‍රියාත්මක කිරීමෙන් ඉතිරි වූ මූල්‍ය බි‍ඳෙනසුළු භාවය එම වර්ධනයට අවදානම් ගෙන එනු ඇති බව එම සංවිධානය පෙන්වා දේ.

ඇමරිකාව පනවා ඇති තහනම අතිශයින්ම අසාධාරණ බව ZTE සමාගමෙන් චෝදනා

තම සමාගමට එරෙහිව ඇමරිකාව පනවා ඇති තහනම අතිශයින්ම අසාධාරණ බව චීන විදුලි සංදේශ ‍ක්ෂේත්‍රයේ ප්‍රධාන සමාගමක් වන ZTE  සමාගම පවසයි. එම තහනම කි‍සිසේත් පිළි නොගන්නා බවද  ZTE  සමාගම කියා සිටී.

කොරියානු අර්ධද්වීපය සාමකාමී ගිවිසුමකට අත්සන් තැබිය යුතුයි - දකුණු කොරියානු ජනපති

කොරියානු අර්ධද්වීපය සාමකාමී ගිවිසුමකට අත්සන් තැබිය යුතු යැයි දකුණු කොරියානු ජනපති සඳහන් කරයි. දකුණු කොරියානු ජනාධිපති Moon Jae-in පසුගිය 19 වැනි දින මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති මන්දිරයේ මාධ්‍යවේදීන් අමතමිනි.

GSP සහනයෙන් ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්‍රයට වැඩි ප්‍රතිලාභ

මෙරටට GSP සහනය ලබා දීමට ඇමරිකා එක්සත් ජනපදය යළි තීරණය කිරීමත් සමඟ ඉන් වැඩිම ප්‍රගතියක් ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්‍රයට අත්වන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

පළාත් පාලන ආයතන සංස්ථාපන කටයුතු අවසන්

මාර්තු මස 20 වනදා එම කටයුතු ආරම්භ කෙරුණු අතර මේ වන විට පළාත් පාලන ආයතන දෙකක හැර සෙසු සියලු‍ පළාත් පාලන ආයතනවල සංස්ථාපන කටයුතු අවසන් වී ඇති බවයි පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ.

කියුබානු නායකයා ලෙස මිගෙල් ඩියෙස් කැනල් නම් කෙරේ

කියුබාවේ මීළඟ නායකයා ලෙස මිගෙල් ඩියෙස් කැනල් නම් කර ඇත. ඒ පිළිබඳ නිල නිවේදනය පසුගියදා එරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කෙරිණ. මිගෙල් ඩියෙස් කැනල්, කියුබාවේ වත්මන් නායක රාවුල් කස්ත්‍රෝගේ ප්‍රධානතම අනුගාමිකයා ද වේ.

ආනයනික රන් සඳහා වටිනාකම මත 15% ක බද්දක්

ආනයනික රත්රන් සඳහා එහි වටිනාකම මත 15%ක බද්දක් පැනවීම මගින් දේශීය වෙළෙඳ පල කඩාවැටීමට ලක් විය හැකි බව මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ අභ්‍යාස අධිකාරිය සදහන් කරයි.

තිසර පෙරේරා 20-20 ලෝක කණ්ඩායමට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සදහා වන අයි.සී.සී ලෝක කණ්ඩායමට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ක්‍රීඩා කරන බව ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කරයි.

මත්තලට ආපු දැවැන්තයා ලංකාවෙන් පිටත්ව යයි

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩ බස්වා තිබු ලොව විශාලතම ගුවන් යානාවක් වන antano 225 වර්ගයට අයත් ගුවන්යානය 20 වැනිදින අළුයම 4.45 පමණ මත්තල ගුවන්තොටුපලින් නික්ම ගොස් තිබේ.

GSP බදු සහනය නැවත ක්‍රියාත්මකයි

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 120 කට ලබා දෙන ජි.එස්.පී බදු සහනය නැවතත් ක්‍රියාත්මක වේ. 2020 වසරේ දෙසැම්බර් මස 31 වන දින දක්වා බලපැවැත්වෙන පරිදි එම සහනය යලි ක්‍රියාත්මක කිරිමට අමෙරිකානු ජනාධිපතිවරයා පසුගියදා තීරණය කර තිබිණි.

ගුවන්යානයක පිපිරීමකින් කාන්තාවක් විසිවී මියයි

ගමන අතරේ ගුවන්යානයේ එන්ජිමේ සිදුවූ පිපිරීමක් හේතුවෙන් එහි ගමන් කරමින් සිටි කාන්තාවක් මගී ගුවන් යානයේ කවුළුවකින් පිටතට විසවී කාන්තාවක් මියගිය දුර්ලබ පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා විය.

Saturday, April 21, 2018

ජාතික වෙසක් සතිය හා මැයි දිනය

ජාතික වෙසක් සතිය 2018 අප්‍රේල් 26 දින සිට 2018 මැයි 02 වන දින දක්වා යෙදීම හේතුවෙන්, ලෝක කම්කරු දිනය වෙනුවෙන් 2018 මැයි 01 අඟහරුවාදා දිනට යෙදී ඇති රජයේ හා බැංකු නිවාඩු දිනය අවලංගු කර

මැයි 01 නිවාඩුව මැයි 07 වැනි දිනට

2018 මැයි 01 අඟහරුවාදා දිනට යෙදී ඇති රජයේ හා බැංකු නිවාඩු දිනය අවලංගුවේ. ඒ වෙනුවට 2018 මැයි දිනය සැමරීම සඳහා 2018 මැයි 07 වන සඳුදා දින රජයේ හා බැංකු නිවාඩු දිනයක් බවට පත් කෙරේ.

ක්‍රිකට් නිලවරණය මැයි 19

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි 19 වැනි දින පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 20 වැනි දින පැවති මාධ්‍ය හමුවකදී නිවේදනය කළේය. මෙම නිලවරණය වසර දෙකකට වරක් පවත් වන්නකි.

නොරොච්චෝලේ ගල් අඟුරු අළු මැඩළීමට සුළං බාදකයක්

නොරොච්චෝල තාප බලාගාරය නිසා වායු ගෝලයට යම් ප්‍රමාණයක් එක් වන අළු තත්ත්වය පාලනය කිරීම සඳහා සුළං බාධකයක් ඉදිකිරීමේ කටයුතු සියල්ල අවසන් කර ඇති බවත් එය කඩිනමින් ක්‍රියාවට නංවන බවත් ඒ හරහා දැනට ඇති වී  ඇති ගැටළුවට තිරසාර විසදුමක් ලබා දෙන බවත් ආපදා කළමනාකරන අමාත්‍ය සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

කඩොලාන සංරක්ෂණය ශ්‍රී ලංකාවට පැවරේ

පොදු රාජ්‍ය මණ්ඩල සාමාජික රටවල කඩොලාන සංරක්ෂණය පිළිබඳ නායකත්වය ගන්නා රට ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. පොදු රාජ්‍ය මණ්ඩල 25 වන රාජ්‍ය නායක සමුළුව 19 වැනි දින ලන්ඩන් නුවරදී ආරම්භ කෙරුණු අතර පස්වරුවේ පැවැති ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය විධායක සභාවේදී මේ බව ප්‍රකාශයට පත් කෙරිණි.

ස්වාසිලන්තය දැන් “ඊස්වාටිනි” ලෙස වෙනස් වේ

බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා වසර 50ක් පිරීම නිමිත්තෙන් රටේ නම “ඊස්වාටිනි” යනුවෙන් නම් කරන බව ස්වාසිලන්තයේ රජු පසුගිය 19 වැනි දින නිවේදනය කර ඇතැයි වාර්තා වේ.

ආනයනික රත්තරන් සඳහා සියයට 15ක තීරුබද්දක්

ආනයනික රත්තරන් සඳහා සියයට 15ක තීරුබද්දක් පැනවූ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. මෙරටට ආනයනය කරන රත්තර වලින් වැඩි ප්‍රමාණයක් නීති විරෝධී ලෙස වෙනත් රටවලට යැවෙන බවට කරුණු ආනාවරණය වීම මත එය නතර කිරීමේ පියවරක් ලෙස එම තීරුබද්ද පැනවූ බවද මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.

රාජ්‍ය වෙසක් උත්සවයට සමරු මුද්දරයක්

රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් මුද්දර කාර්යාංශය විසින් නිර්මාණය කරන ලද මුද්දරයක් ලබන 29 වැනිදා(වෙසක් පෝදා) නිකුත් කෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හා ඇගයීම්

වසර 80ක පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනූ වැඩිම පදක්කම් ප්‍රමාණය වාර්තා වූ මෙවර ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් එම කීර්තිය මවුබිමට ගෙන දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගය කිරීම ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

Friday, April 20, 2018

අර්ජුන් මහෙන්ද්‍රන්ට ජාත්‍යන්තර පොලීසියෙන් රතු නිවේදනයක්

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණවලට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

බාබරා බුෂ් සමුගනී

අමෙරිකාවේ හිටපු ජනපතිවරයෙකු වූ ජෝර්ජ් එච් ඩබ්ලිව් බුෂ්ගේ බිරිඳ, බාබරා බුෂ් අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව සිට පසුගියදා වෛද්‍ය ප්‍රතිකාරද ප්‍රතික්ෂේප කළ ඇය මියයන විට 92 වන වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔස්ට්‍රේලියාවේ පෞද්ගලික ව්‍යාපාර 400කට රුසියානු සයිබර් ප්‍රහාර

පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාව, අමෙරිකාව සහ එක්සත් රාජධානිය වෙත එල්ලවූ සයිබර් ප්‍රහාරවල පිටුපස සිටියේ රුසියාව බව ඔස්ට්‍රේලියානු බුද්ධි අංශ හඳුනාගෙන තිබෙන බව වාර්තා වේ.

ත්‍රීරෝද රථ සඳහා මීටර් සවි කිරීම අනිවාර්ය කෙරේ

ඒ අනුව 20 දා සිට සෑම ත්‍රීරෝද රථයකම මීටර් පැවතිය යුතු අතර එම රථවල මගීන්ට ගමන අවසානයේ බිල්පතක්ද ලබාදිය යුතු වේ. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ සඳහන් කළේ එම නීතිය කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනිමට හෝ දඩ නියම කිරිමේ බලය පොලිසිය සතුවන බවයි.

ක්‍රිකට් වලට සමුදුන් එංගලන්තයේ වීරයා

ක්‍රිකට් උපන් දේශය ලෙස සැලකෙන එංගලන්තයෙන් බිහිවූ සුපිරිතම හා ලෝකප්‍රකට පිතිකරුවෙකු වන කෙවින් පීටර්සන් පසුගිය දා සිය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නා.

චීනයේ ගල් අඟුරු ප්‍රවාහන නව දුම්රිය මාර්ගය

මේ චීනය ආරම්භ කිරීමට නියමිත දීර්ඝතම ගල් අඟුරු ප්‍රවාහන දුම්රිය මාර්ගයය. Mongolia-Jiangxi දුම්රිය මාර්ගය ලෙස හැඳින්වේ. මෙම දුම්රිය මාර්ගය චීනය හරහා ගල් අගුරු ප්‍රවාහනය කළ හැකි දීර්ඝතම නව සේවාව ලෙස සැළකේ.
කෙන්යාවේ Ol Pojeta ස්වාභාවික සංරක්ෂිතයේ රැක බලාගත් ලොව අවසාන පිරිමි සුදු රයිනෝ මියගිය බව වාර්තා විය. Sudan නමින් හැඳින්වූ එම රයිනෝගේ වයස අවුරුදු 45 කි. මේ පිරිමි රයිනෝ මියයන විට දැඩි රෝගී තත්වයෙන් පසුවිය.

ලොව වයස්ගතම පුද්ගලයා ජපානයෙන් ගිනස් පොතට

ජපානයේ හොකයිඩෝහි ජීවත් වන මසාඔ නොනකා ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තා පොතට අද සිය නම එක් කළේ ය. 1905 වර්ෂයේ ජුලි 25 වන දා උපත ලබා ඇති නොනාකා මේ වනවිට ගත කරන්නේ, සිය 112 වැනි වසරය.

ශ්‍රී ලංකාවේ හැඩය වෙනස් වේ

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ලංකාවේ සිතියම අලුතින් නිර්මාණය කර ඇති එම නව සිතියමට අනුව දකුණු හා නැගෙනහිර වෙරළ තීරයේ ගොඩවීමක් මෙන්ම හලාවත මුහුදු තීරයේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බවද කියැවේ. මීට අමතරව ඉදි කෙරෙමින් පවතින කොළඹ වරාය නගරය හේතුවෙන් ලංකා භූමි ප්‍රමාණයට අලුතින් වර්ග කිලෝමීටර් 2.7ක් හෙවත් හෙක්ටයාර 270ක් එකතු වන බව ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පවසයි. වරාය නගරය ඉදිකිරීමට අවශ්‍ය බිම් ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා මේ වන විට මුහුද ගොඩ කරමින් පවතී.

රසායන අවි භාවිත කළොත් දිගටම ගහනවා - ඇමෙරිකාව

සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජය නැවත වරක් රසායනික අවි භාවිත කළ හොත් නැවත නැවතත් ප්‍රහාර එල්ල කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි නිකී හේලි ආරක්ෂක කවුන්සිලයේදී පවසා තිබේ.

සිරියාවේ ඇමෙරිකානු හමුදාව ගෙන්වා ගැනීමේ සූදානමක්

සිරියාවේ සිටින ඇමෙරිකානු සෙබළු නැවත එරටට ගෙන්වා ගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවශ්‍ය වී ඇතැයි වාර්තා වේ. ඇමෙරිකානු ජනාධිපතිවරයාට එසේ අවශ්‍ය වුවද ඇමෙරිකා සෙබළු දීර්ඝ කාලීනව සිරියාවේ සිටීම ඉතා වැදගත් යැයි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් ඇමෙරිකානු ජනාධිපතිවරයාට ඒත්තු ගන්වා ඇතැයි ද වාර්තා වේ.

කිම් ජොන්ග් අන් අමෙරිකාව හා සාකච්ඡා කිරීමට සූදානම්

උතුරු කොරියානු නායක කිම් ජොන්ග්- අන් අමෙරිකාව සමඟ සාකච්ඡා සිදු කිරීමට සූදානම් බව ප්‍රථම වරට නිවේදනය කළ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.