රුසියානු ජනාධිපතිවරණය සඳහා මිලියන 100කට අධික සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කරනු ඇති. මේ වන විට පුටින් ඉදිරියෙන් සිටින බව පැවසේ. 19 වැනි දින සවස සමස්ත මැතිවරණ ප්‍රතිපලය නිකුත් කළ හැකි බව එරට මැතිවරණ කාර්යාලය කියා සිටී.
Monday, March 19, 2018
රුසියානු මැතිවරණය අතර තුර සයිබර් ප්‍රහාරයක්
රුසියාවේ මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. එරට ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම සිදුවන අතර තුර මෙම සයිබර් ප්‍රහාරය එල්ල වීම විශේෂත්වයකි. කෙසේවෙතත් මේ වන විට වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කර ඇති අතර කොමිසමේ තොරතුරු පද්ධතිය සයිබර් ප්‍රහාරයේ ඉලක්කය වූ බව රුසියානු මැතිවරණ කොමිසම සදහන් කර තිබේ.
රුසියානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඇරඹේ
රුසියානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම 18 වැනි දින ඇරඹිණ. ඒ සදහා ඡන්ද මධ්‍යස්ථාන 97,000 ක් දේශීය වශයෙන් ස්ථාපනය කර තිබූ අතර විදේශීය ඡන්ද මධ්‍යස්ථාන 400 ට වැඩි ප්‍රමාණයක් ස්ථාපනය කර තිබිණ.
Sunday, March 18, 2018
ඇමෙරිකාව චීන ආනයන මත බදු පැනවීමට සැරසෙයි
දුරකතන හා විදුලි සංදේශ, තාක්ෂණ යන ක්ෂේත්‍ර ආවරණය වන අයුරින් චීන ආනයන මත තීරුබදු පැනවීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර ඇතැයි වාර්තා වේ. මේ අනුව එක්සත් ජනපද ඩොලර් මිලියන 60කට චීන ආනයන මත එම බදු පැනවෙනු ඇතැයි පැවසේ.
චීනය රාජ්‍ය ප්‍රතිසංස්කරණයකට සැරසෙයි
වසර ගණනකට පසු චීනය රාජ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට තීරණය කර තිබේ. මේ අනුව එරට බැංකු හා රක්ෂණ නියාමන ආයතන ඒකාබද්ධ කිරීම, නව අමාත්‍යාංශ ස්ථාපිත කිරීම, මහ බැංකුව ආදී ප්‍රතිපත්ති හා තීරණ ගන්නා ආයතනවලට නව බලතල දීම , අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීම යනාදි ප්‍රතිසංස්කරණ ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව පැවසේ.
ඇපල් සමාගමට තවත් සමාගමක්
ලෝ ප්‍රකට ඇපල් සමාගම තම සේවාදායකයන්ට ලබාදෙන සේවා තවදුරටත් පහසු කිරීමේ අරමුණින් ඩිජිටල් සේවා සපයන ‘ටෙක්ෂර්’ සමාගම මිලදී ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.
නේපාල ක්‍රිකට් ක්‍රීඩකයන්ට එක්දින වරම්
නේපාලය පළමු වරට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් වරම් හිමිව තිබේ. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙහෙය වූ ලෝක කුසලාන ක්‍රිකට් සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් මෙම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් වරමිව ඇත. එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරග වටය බටහිර ඉන්දීය කොදෙව්හි දී පැවැත්වේ.
පොදු රාජ්‍ය මණ්ඩල සැමරුම දෙවැනි එලිසබෙත් රැජිනගේ ප්‍රධානත්වයෙන්
පොදු රාජ්‍ය මණ්ඩල දින සැමරුම මෙවරත් දෙවැනි එළිසබෙත් රැජිණගේ ප්‍රධානත්වයෙන් ලන්ඩනයේ වෙස්ට් මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ දී පැවැත්විණි. මේ සඳහා චාර්ල්ස් යුවළ, විලියම් යුවළ මෙන්ම හැරී සහ ඔහුගේ පෙම්වතිය ද එක්ව සිටීම විශේෂත්වයකි.
සකිබ් සහ නුරුල් දෙදෙනාටම දඩ මුදලක් නියම කෙරේ
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති නිදහස් කුසලාන තරගයේ අවසන් ඕවරයේදී සහ ඉන් පසුව නොමනා ලෙසින් හැසිරීම හේතුවෙන් බංග්ලාදේශ නායක සකිබ් අල් හසන්ට සහ අතිරේක ක්‍රීඩක නුරුල් හසන්ට ඔවුන්ගේ තරග මුදලින් 25% ක දඩයක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරක ක්‍රිස් බ්‍රෝඞ් මහතා තීරණය කර තිබේ.
ICC ආයතනයේ තීරණය නිවැරදි බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මඟින් තම ක්‍රීඩකයන්ට ලබාදුන් දඬුවම නිවැරදි බවත් තමන් එය පිළිගන්නා බවත් තම ක්‍රීඩකයින් සීමාව ඉක්මවා කටයුතු කර ඇති බව පිළිගන්නා බවත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසයි.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති තරඟයේ දී සිදුවූ දේ පිළිබද ICC යෙන් විශේෂ පරීක්ෂණයක්
නිදහස් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර 16 වැනි දින පැවැති තරඟයෙන් අනතුරුව සිදු වූ කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පරික්ෂණයක් ආරම්භ කර තිබේ.
බංග්ලාදේශ පිතිහරඹය හමුවේ සුන් වූ ශ්‍රීලංකා බලාපොරොත්තුව සහ පසු විපරම
"නිදහස් කුසලාන” තුන්කොන් 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සදහා සුදුසුකම් ලබාගැනීමට බංග්ලාදේශය 16 වැනි දින සමත් විය. කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායක සකීබ් අල් හසන් පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේ පැවැති හයවැනි තරගයේ දී ශ්‍රීලංකාව ලකුණු 159 ක් ලබා ගත්තාය.
පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ සභිකයින්ගේ නම් ගැසට් කෙරේ
පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වු සභිකයින්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබේ. පසුගිය පෙබරවාරි 10 වන දින පැවති පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ සභිකයින් කොටසකගේ නම් මෙලෙස ප්‍රකාශයට පත් කර ඇත.
ෂී ජින් පිං මහතා චීනයේ නව රාජ්‍ය නායකයා ලෙසට තේරී පත් වේ
13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ පස් වැනි පූර්ණ සැසිය 17 වැනිදින පෙරවරුවේ බෙයිජිං මහජන මහ ශාලාවේදී පැවැත්විණ. එහි පැවති ජන්ද විමසීමේදී මහජන නියෝජිතයින් විසින් ෂී ජින් පිං මහතා චීන මහජන සමූහණ්ඩුවේ ජනාධිපතිවරයා ලෙසත්, චීන මහජන සමූහාණ්ඩුවේ මධ්‍යම යුධ කමිටු සභාපති ධුරයටත් තේරී පත් කරනු ලැබීය. ඒ ඒකමතිකවය.
මොදිගේ සන්ධාන රජයෙන් ප්‍රධාන පක්ෂයක් ඉවත් වේ
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සන්ධාන ගත ආණ්ඩුවට සහය පළකළ ප්‍රධාන දේශපාලන පක්ෂයක් ඉවත් වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ පාලන බලය හිමි ටී.ඩී.පී. හෙවත් තෙලුඟු දේසම් පක්ෂය එලෙස ඉවත්ව ඇති බවය.
දියවැඩියා රෝගීන්ගේ උපකරණවල මිල නියාමනයට පියවර
දියවැඩියා රෝගීන් භාවිත කරන උපකරණවල මිල නියාමනයට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ දැනට මෙම උපකරණ සහ ඒ සඳහා භාවිත කරන උපාංග විවිධ මිල ගණන් යටතේ වෙළෙඳ පොළේ අළෙවි කරන බවයි.
ශ්‍රී ලංකාව පිළිබද මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව මාර්තු මස 21 වනදා කවුන්සිලයට
2017 වසරේ පැවති තුන් වන සමාලෝචන චක්‍රයේ 28 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව සමලෝචනයට ලක් කෙරුණු අතර ශ්‍රී ලංකාවට අමතරව ආර්ජන්ටිනාව, ගැබෝන්, ගානාව, පේරු රාජ්‍ය, ගෝතමාලාව, ස්විට්සර්ලන්තය, කොරියානු ජනරජය, පාකිස්ථානය, සැම්බියාව , ජපානය සහ යුක්රේනය යන රටවල් ද මෙම සමාලෝචනයට බදුන් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
උතුරු - දකුණු කොරියානු නායක සමුළුව සූදානම් කරන දකුණු කොරියානු කමිටුව රුස්වේ
උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර නායක සමුළුව සූදානම් කරන කමිටුව දකුණු කොරියාවේදී රුස්වේ. දකුණු කොරියානු ජනාධිපති මන්දිරයේ ප්‍රකාශක Kim Eui-kyeom මහතා මාධ්‍ය හමුවකදී මේ බව සදහන කර ඇති අතර, එහිදී පුද්ගලයන් 8 දෙනෙකුගෙන් සමන්විත කමිටුවේ පළමු පූර්ණ රැස්වීම ද පැවැත්විණ.
ලබන මාසයේ සිට දුම්රිය ගාස්තු ඉහළට
ලබන මාසයේ සිට දුම්රිය ගාස්තු 15% කින් වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. දුම්රිය සාමාන්‍යාධිකාරී එම්. අබේවික්‍රම මහතා සදහන් කර ඇත්තේ, ඒ සඳහා දැනටමත් අවසර ලැබී ඇති බවය. ඊට අදාළ ගැසට් නිවේදනය මේ මස අගදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කර තිබේ.
අමෙරිකාවේ මියාමි නගරයේ ගුවන් පාලමක් කඩා වැටේ
ගුවන් පාලමක් කඩා වැටී පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. මෙලෙස කඩා වැටී ඇත්තේ අමෙරිකාවේ මියාමි නගරයේ ෆ්ලොරිඩා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය ආසන්නයේ ගුවන් පාලමකි. තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
Subscribe to:
Posts (Atom)