Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 18, 2018

ඇපල් සමාගමට තවත් සමාගමක්

ලෝ ප්‍රකට ඇපල් සමාගම තම සේවාදායකයන්ට ලබාදෙන සේවා තවදුරටත් පහසු කිරීමේ අරමුණින් ඩිජිටල් සේවා සපයන ‘ටෙක්ෂර්’ සමාගම මිලදී ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.

සඟරා සේවා සපයන සමාගමක් සහ මෘදුකාංගයක් වන ‘ටෙක්ෂර්’ මිලදී ගැනීමත් සමඟ ඇපල් භාවිත කරන්නන්ට විවිධ සමාගම් ප්‍රකාශයට පත් කරන සඟරාවල ලිපි වලට පහසුවෙන් ප්‍රවේශවීමට හැකියාව ලැබෙනු ඇත. එපමණක් නොව මාසික දායක මුදල් යටතේ පවත්නා සඟරාවල ලිපිවලට ද අදාළ මුදල් ගෙවීමෙන් පහසුවෙන් කියවීමේ හැකියාව ඇපල් දුරකතන භාවිත කරන්නන්ට හැකියාවේ ලැබෙනු ඇත.