Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 18, 2018

ලබන මාසයේ සිට දුම්රිය ගාස්තු ඉහළට

ලබන මාසයේ සිට දුම්රිය ගාස්තු 15% කින් වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. දුම්රිය සාමාන්‍යාධිකාරී එම්. අබේවික්‍රම මහතා සදහන් කර ඇත්තේ, ඒ සඳහා  දැනටමත් අවසර ලැබී ඇති බවය. ඊට අදාළ ගැසට් නිවේදනය මේ මස අගදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කර තිබේ.


දුම්රිය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එහිදී අවම ගාස්තුව වැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී නොමැති බව සදහන්. මේ වන විට දුම්රිය අවම ගාස්තුව රුපියල් 10කි. රුපියල් 10කින් ගමන් කළ හැකි දුර ප්‍රමාණය වෙනස් කිරීමට ද මෙහිදී අවධානය යොමු වී තිබේ.