Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 18, 2018

චීනය රාජ්‍ය ප්‍රතිසංස්කරණයකට සැරසෙයි

වසර ගණනකට පසු චීනය රාජ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට තීරණය කර තිබේ. මේ අනුව එරට බැංකු හා රක්ෂණ නියාමන ආයතන ඒකාබද්ධ කිරීම, නව අමාත්‍යාංශ ස්ථාපිත කිරීම, මහ බැංකුව ආදී ප්‍රතිපත්ති හා තීරණ ගන්නා ආයතනවලට නව බලතල දීම , අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීම යනාදි ප්‍රතිසංස්කරණ ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව පැවසේ.

චීනය මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ වසර ගණනකට පසුව යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම නව ප්‍රතිසංස්කරණමය තීරණ චීන ජනාධිපති ෂී ජින්පින්ගේ බලය හා ඔහුගේ දේශපාලන සහ ආර්ථික වැඩසටහන තවත් ශක්තිමත් වන්නකි. එමෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂය තුළ තමා කේන්ද්‍රස්ථානය කරමින් පක්ෂ ප්‍රතිපත්තියත් තම දේශපාලන ආර්ථික වැඩසටහනත් පක්ෂයේ කේන්ද්‍රීය මතය බවට පත්කිරීමේ එක් පියවරක් යැයි ද දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති. ඉහළ අවදානමක් සහිත ණය දීමේ ක්‍රමවේදවලට එරෙහිව පියවර ගැනීමේ අරමුණින් සහ ඉහළ සමාගම් ණය මට්ටම් පහත දැමීමේ අරමුණින් එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 42ක වටිනාකමකින් සමන්විත බැංකු හා රක්ෂණ ක්ෂේත්‍ර මෙලෙස දැඩි කිරීමට චීනයට පියවර ගෙන තිබේ.