Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 18, 2018

බංග්ලාදේශ පිතිහරඹය හමුවේ සුන් වූ ශ්‍රීලංකා බලාපොරොත්තුව සහ පසු විපරම

"නිදහස් කුසලාන” තුන්කොන් 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සදහා සුදුසුකම් ලබාගැනීමට බංග්ලාදේශය 16 වැනි දින සමත් විය. කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායක සකීබ් අල් හසන් පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේ පැවැති හයවැනි තරගයේ දී ශ්‍රීලංකාව ලකුණු 159 ක් ලබා ගත්තාය.

ලකුණු 160ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශය කඩුලු 8ක් දැවී සිටිය දී තරගයේ පන්දුවක් ඉතිරිව තිබියදී ජය තහවුරු කර ගැනීමට සමවිය. අවසන් පන්දුවාරය ඉසුරු උදාන විසින් යවන ලදී. ඔහුගේ පන්දු යැවීම පිළිබඳ සතුටු නොවූ පිටියෙන් පිටත සිටි බංග්ලාදේශ නායකයා තම පිතිකරුවන් දෙදෙනාට පිටියෙන් ඉවත් වන ලෙස දන්වා සිටියේය. කෙසේ වෙතත් මහමදුල්ලා රියාද් සහ අනෙක් පිතිකරු පිටියෙන් ඉවත් නොවීම තුළ බංග්ලාදේශයට එක්වීමට තිබූ කළු පැල්ලම ඉවත්ව ගිය බව විචාරක අදහස වේ.

බංග්ලාදේශයට ජයග්‍රහණය සදහා අවසන් ඕවරයේදී ලකුණු 12ක් අවශ්‍යව තිබිණ. පන්දු යැවීමට භාර වූයේ ඉසුරු උදානටය. පළමු පන්දු දෙකට ලකුණු ලබානොදුන් ඉසුරුගේ තුන්වෙනි පන්දුවට මුස්ටෆිසුර් රහමාන් දුවද්දී දවාගැනීමකට හසුකර ගත්තාය. කෙසේ නමුත් පෙර පන්දු දෙකම පිතිකරුගේ හිස ප්‍රදේශයෙන් පැමිණීම ගැන බංග්ලාදේශයට නොසතුට ගෙන දුන්නාය. විනිසුරුවන් නිපන්දුවක් සංඥා නොකළ බවට බංගලාදේශ ක්‍රීඩකයින් චෝදනා කිරීමත් සමඟ තරගය මදකට නතර කිරීමට ද සිදු විය. එහිදීද බංගලාදේශ පිතිකරුවන් ක්‍රීඩාංගනයෙන් ඉවත් කිරීමට කණ්ඩායමේ නායක ශකීබ් අල්හසාන් උත්සාහ දරන බවක් දක්නට ලැබිණ. කෙසේවෙතත් පසුව තරඟය යළි ක්‍රියාත්මක කෙරිණ.


අවසන් ඕවරයේ තෙවැනි පන්දුවෙන් ලකුණු 4 ක් ලබාගත් මහමදුල්ලා සිවුවැනි පන්දුවේදී ලකුණු 2 ක් සහ පස්වැනි පන්දුවෙන් ලකුණු 6ක් ලබාගනිමින් බංග්ලාදේශයට ජය ගහණය හිමිකර දුන්හ. Mohammad Mahmudullah පන්දු 18කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමගින් රුස්කළ ලකුණු සංඛ්‍යාව 43 කි.


බංග්ලාදේශ ඉනිමේ දෙවැනි සහ සිවුවැනි ඕවර යැවූ අකිල ධනංජය විසින් ලින්ටන් දාස් සහ සබීර් රහමන් දවාගනිමින් පීඩනයක් ඇති කිරීමට සමත්වුවත් ටමීම් ඉක්බාල් සහ මුෂ්ෆිකුර් රහීම් එක්ව තෙවැනි කඩුල්ල සදහා ලකුණු 64ක සම්බන්ධතාවයක් ගොඩනැගීය. ටමීම් ඉක්බාල් සිය පස්වැනි විස්සයි20 අර්ධ ශතකය ලබා ගත්තේ පන්දු 41කදී.ඊට හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් ඇතුළත්විය.

ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙනයාමට පන්දු යවන්නන් උත්සහ දැරුවද අවසන් මොහොතේ තරගය වෙනස් මුහුණුවරක් ගත්තේය. ඒ අනුව තිසර පෙරේරා නායකත්වයට පත්වීමෙන් අනතුරුව තරග අටම පරාජයට පත්වූ,  පිට පිට තරග වැඩි සංඛ්‍යාවක් පරාජයට පත්වූ නායකයා ලෙස වාර්තා අතරට එක් වූ බව ද පැවසේ. ශ්‍රී ලංකාව පරාජයට පත් කළ බංග්ලාදේශය නිදහස් කුසලානය වෙනුවෙන් ඉන්දියාව සමග අවසන් මහා තරගයට සුදුසුකම ලබා ගත්තා.