Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 18, 2018

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති තරඟයේ දී සිදුවූ දේ පිළිබද ICC යෙන් විශේෂ පරීක්ෂණයක්

නිදහස් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර 16 වැනි දින පැවැති තරඟයෙන් අනතුරුව සිදු වූ කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

තරඟයෙන් අනතුරුව බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් ඔවුන් රැදී සිටි විවේකාගාරයේ දේපල වලට අලාභ හානි සිදු කර තිබිණි. විවේකාගාරයේ විදූරු දොරටුව ඔවුන් විසින් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවයි වාර්තා වූයේ. කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තරඟ තීරකවරයා හරහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පරික්ෂණයක් ආරම්භ කර තිබේ.


ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් පැවැති තරඟයේ තරඟ තීරකවරයා ලෙස කටයුතු කළ ක්‍රිස් බෝඩ් විසින් ක්‍රිඩා පිටියේ කාර්යය මණ්ඩලයෙන් ප්‍රකාශ ලබා ගැනිමට පියවර ගෙන ඇති අතර, අදාළ ප්‍රකාශ 17 වැනි දින දහවල් 12.00ට පෙර ලබා ගෙන තිබිණ. මේ අතර ඊයේ ඇති වූ සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා  ක්‍රිකට් ආයතනය විසින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ද පැමිණිලි කර තිබේ.