Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 18, 2018

දියවැඩියා රෝගීන්ගේ උපකරණවල මිල නියාමනයට පියවර

දියවැඩියා රෝගීන් භාවිත කරන උපකරණවල මිල නියාමනයට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ දැනට මෙම උපකරණ සහ ඒ සඳහා භාවිත කරන උපාංග විවිධ මිල ගණන් යටතේ වෙළෙඳ පොළේ අළෙවි කරන බවයි.

දියවැඩියා රෝගීන්ගේ රුධිරගත සීනි ප්‍රමාණය පරීක්ෂා කිරීම සඳහා භාවිත කරන ග්ලුකෝ මීටර් සහ ඒ සඳහා භාවිත කරන ග්ලුකෝ මාපක තීරු වෙළෙඳ පොළේ ඉහළ මිලකට අළෙවි කෙරෙන බව අමාත්‍යංශයට වාර්තා වී තිබේ. අමාත්‍යාංශය සඳහන් කළේ, පෞද්ගලික රෝහල්වල ද මේ සඳහා විවිධ මිල ගණන් අය කරන බවයි. ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමග සාකච්ඡා කර එම උපකරණ සඳහා කඩිනමින් මිල නියාමනයක් කෙරෙනු ඇත.