Social Icons

facebookrss feedemailtwitter

Monday, March 19, 2018

රුසියානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඇරඹේ

රුසියානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම 18 වැනි දින ඇරඹිණ. ඒ සදහා ඡන්ද මධ්‍යස්ථාන 97,000 ක් දේශීය වශයෙන් ස්ථාපනය කර තිබූ අතර විදේශීය ඡන්ද මධ්‍යස්ථාන 400 ට වැඩි ප්‍රමාණයක් ස්ථාපනය කර තිබිණ.


මෙවර රුසියානු ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපති වැලැදිමීර් පුටීන් මහතා ද තරඟවැද සිටින අතර, ඔහු මෙවර තරඟ වදින්නේ ස්වාධින අපේක්ෂකයෙකු ලෙසය. රුසියානු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් Vladimir Zhirinovsky මහතාත්, රුසියානු ෆෙඩරල් කොමියුනිස්ට් පක්ෂයෙන් ව්‍යාපාරිකයෙකු වන Pavel Grudinin මහතාත් තරඟවැදිණ. මීට අමතරව තවත් අපේක්ෂකයින් කිහිප දෙනෙකු ජනාධිපතිවරණයට තරඟවදින අතර රූපවාහිනි වැඩසටහන් මෙහෙයවන්නෙකු ද ඒ අතර සිටී.

රුසියානු සමුහාණ්ඩුවේ ව්‍යවස්ථාවට අනුව එරට ජනාධිපතිවරයා වසර 6 ක ධුර කාලයක් සදහා සෘජුව මහජන ඡන්දයෙන් තෝරා ගැනේ. රුසියානු පුරවැසි භාවය හිමි, වයස අවුරුදු 35 හෝ 35 ඉක්මවු, අවුරුදු 10 ට වඩා වැඩි කාලයක් රුසියාවේ පදිංචිව සිටි අයෙකුට ජනාධිපතිවරණයට තරඟ කළ හැකිවේ. #