Social Icons

facebookrss feedemailtwitter

Saturday, November 10, 2018

වාර්ෂිකව සිදුවන මරණ අතරින් සියයට 7 ක් දියවැඩියාවෙන්

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මරණ අතරින් සියයට හතක් දියවැඩියාව නිසා සිදුවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

දියවැඩියාව ප්‍රධාන මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට ජාතිකව සහ අන්තර්ජාතිකව අද වනවිට පත්ව ඇත. දිවයිනේ ළමා හා තරුණ පරපුර මේ නිසා දැඩි අවදානමක පසුවන අතර සෑම යෞවනයන් හය දෙනකුගෙන් එක් අයකු දියවැඩියා අවදානම තුළ පසු වේ. සෑම වැඩිහිටියන් ‍ෙදාළොස්දෙනකුගෙන් එක් අයකුට දියවැඩියාව පවතින බව පැවසේ.

නොවැම්බර් මස 14 වැනි දින ලෝක දියවැඩියා දිනය යෙදී තිබේ. මෙවර එහි තේමාව වන්නේ “දියවැඩියාව සහ පවුල” යන්නයි. හෘදයාබාධ, අංශභාගය සහ වකුගඩු අක්‍රිය වීමට මූලික හේතුව වන්නේ දියවැඩියාව බවත් දියවැඩියාව වැලඳීමට ප්‍රධාන හේතුව වන්නේ නිවරැදි ජීවන රටාවක් අනුගමනය නොකිරීම නිසා බව පැවසේ.