Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 31, 2018

2020දී චීනයේ කර්මාන්තශාලා 1000ක් වසා දැමීමට පියවර

චීනය එරට අගනුවර වන බීජිං නුවර පිහිටි කර්මාන්තශාලා 1,000කට ආසන්න ප්‍රමාණයක් 2020 වනවිට වසා දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

අසාම් ප්‍රාන්තයේ මිලියන 4කට පුරවැසි භාවය අහිමිවීමේ අවදානමක්

ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ ජීවත්වන මිලියන හතරක පමණ ජනතාවට ඉන්දියානු පුරවැසි භාවය අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.

කාම්බෝජයේ පාලක පක්ෂය ආසන සියල්ල ජයගනී

මහ මැතිවරණයෙන් තම පක්ෂය පාර්ලිමේන්තුවේ ආසන 125 ම ජයග්‍රහණය කර ඇතැයි කාම්බෝජයේ පාලක පක්ෂය වන “කාම්බෝජියානු ජනතා පක්ෂය (සී.පී.පී) පක්ෂය ප්‍රකාශ කරයි.

අඟහරු වසර 15කට පසුව අද පෘථිවියට ළං වෙයි

අඟහරු ග්‍රහයා අද (31) දිනය තුළ ඉතා පැහැදිලිව දැක ගැනීමේ අවස්ථාව උදාවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

අධික වැසි නිසා ගංවතුර හා නායයෑම් රැසක්

මේ දිනවල චීනයට බලපා ඇති අධික වැසි හේතුවෙන් ගංවතුර හා නායයාම් රැසක් වාර්තා විය.

ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් පසු සංචාරකයින් පිරිසක් කදුකර ප්‍රදේශයක සිරවෙයි

ඉන්දුනීසියාවේ කදුකර ප්‍රදේශයක සංචාරකයින් 200 දෙනෙකු පමණ සිර වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇෆ්ගන් රජය සහ තලේබාන් සංවිධානය අතර සටන් විරාමයක්

ඇමෙරිකාව දකුණු ආසියාව වෙනුවෙන් පත් කළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනී ඇලිස් වේල්ස් හමුවී සාකච්ඡා පැවැත් බව ඇෆ්ගන් තලේබාන් සංවිධානය පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණය රන්ජන් රාමනායකගෙන් නිදහසට කරුණු විමසයි

අධිකරණයට කළ අපහාසයට දඬුවම් නොකිරීමට හේතු විමසා කෙටුම්පත් ආඥාවක් සහිත චෝදනා පත්‍රයක් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට හා වග උත්තරකාර රන්ජන් රාමනායක මහතාට භාරදුන්නේය.

කරුනානිධි රෝහල් ගත කෙරේ

තමිල්නාඩුවේ දේශපාලනඥයෙකු වන මුත්තවේල් කරුනානිධි හදිසියේ රෝගාතුරව රෝහල් ගත කර තිබේ.

චීන ජනපතිගේ ප්‍රථම විදෙස් නිල සංචාරය ඓතිහාසිකයි

චීන ජනාධිපතිවරයා මේ වසරේ සිදු කළ ප්‍රථම විදේශ නිල සංචාරය සාර්ථක හා ඓතිහාසික සංචාරයක් බව එරට විදේශ ඇමැතිවරයා පවසයි. මේ සංචාරය තුළ, සහයෝගීතා ගිවිසුම් 40ක් පමණ අත්සන් කර ඇත.

නවාස් ෂරීෆ් රෝහල් ගත කෙරේ

දස වසරක සිර දඬුවමක් ලබා සිටින පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් ඉස්ලාමාබාද් රෝහල වෙත රැ‍ගෙන ගොස් තිබේ.

පොළොන්නරුව ව්‍යාපෘති 180ක් ජනපති අතින් ජනතා අයිතියට

පිබිදෙමු ‍පොළොන්නරුව වැඩසටහනින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉදි කළ ව්‍යාපෘති 180ක් ජනතා අයිතියට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම් වේ.

නවකවදයට වසර 10ක් හිරේ

නවකවදය දෙන සිසුන්ට තරාතිරම නොබලා නවකවද පනත යටතේ නීතිය ක්‍රියාත්මක කරන ලෙස සියලු පොලිස් ස්ථානවලට උපදෙස් දේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අළුතින් එක්වුණු "A-321 නියෝ”

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා සමූහයට නවතම ගුවන් යානයක් එක්වේ. මෙය ජර්මනියේ නිෂ්පාදනය කරන ලද A - 321 නියෝ වර්ගයේ ගුවන් යානයකි.

චීනයේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සඳහා රටවල් හා ව්‍යවසායන් රැසක්

චීනයේ පැවැත්වීමට නියමිත ප්‍රථම ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සඳහා රටවල් හා ව්‍යවසායන් රැසක් සිය සහභාගීත්වය ස්ථිර කරයි.

ආසියා ශාන්තිකර විකාශ සංවර්ධන ආයතනයේ 17 වන මහ සමුළුව ශ්‍රී ලංකාවේ

ආසියා ශාන්තිකර විකාශ සංවර්ධන ආයතනයේ 17 වන මහ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කෙරේ.

Monday, July 30, 2018

ලොව වයස්ගතම කාන්තාව මියයයි

ලොව වයස්ගතම කාන්තාව ලෙස සැලකෙන ජපන් ජාතික චියෝ මියාකෝ අභාවප්‍රාප්ත වී තිබේ.

ආසියා ශාන්තිකර කලාපයේ විශාලතම යුද අභ්‍යාසය ඕස්ට්‍රේලියානු අහසේ

ඕස්ට්‍රේලියාවේ උතුරු දිග වෙරළ තීරයට ඉහළ අහසේදී රටවල් 16ක සහභාගීත්වයෙන් ගුවන් හමුදා යුද අභ්‍යාසයක් පැවැත්විණ.

ෆේස්බුක් සමාගමේ ආදායම සීග්‍රයෙන් පහතට

ෆේස්බුක් සමාගමේ ආදායම සීඝ්‍රයෙන් පහත බැස තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ එක් දිනකට අමෙරිකානු ඩොලර් බිලියන 120 කින් එම ආදායම පහත බැස ඇති බවයි.

බ්‍රික්ස් සමුළුවේදී අමෙරිකානු වෙළෙඳ බඳු හේතුවෙන් විවාදයට ලක්ව ඇති ගෝලිය වෙළෙඳාම ගැන රාජ්‍ය නායකයන් අදහස් දක්වයි

බ්‍රික්ස් සංවිධානයේ 10 වන සංවත්සර සමුළුව මේ වන විට දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් හිදී පැවැත්වේ.

සත්ත්ව ආහාර නිෂ්පාදනයට බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 50,000ක් ආනයනයට පියවර

2018 වසරේදී සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 500,000ක් පමණ අවශ්‍ය වනු ඇති බව පැවසේ.

කොරියානු යුද්ධයේදී මියගිය අමෙරිකානු බටයන් පිළිබඳ ශේෂයන් යළි අමෙරිකාවට

කොරියානු යුද්ධයේදී මියගිය අමෙරිකානු බටයන් පිළිබඳ ශේෂයන් අමෙරිකාවට ලබාදීමට උතුරු කොරියාව තීරණය කරයි.

කාම්බෝජ මහ මැතිවරණය

කාම්බෝජ මහ මැතිවරණය පැවැත්වෙන අතර, 1985 වසරේ සිට බලයේ සිටින අගමැති හුන් සෙන් සහ ඔහුගේ ජනතා පක්ෂය, යළිත් බලයට පත්වීමට නියමිතයි.

මේ වසරේ සිට අලුතින් වෛද්‍ය පීඨ 2ක්

මේ වසරේ සිට අලුතින් වෛද්‍ය පීඨ දෙකක් ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.

කුඩා වැව් 789ක් පිළිසකරට අනුමැතිය

වියලි කලාපීය දිස්ත්‍රික්ක 11ක් පුරා විසිරී පවතින ඇති කුඩා වැව් 789ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවේ.

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ජනප්‍රිය සංචාරක නිකේතන පිහිටි ලොම්බොක් දිවයිනේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෛද්‍යවරයකුගේ දීමනාව රු.15000 විශේෂඥ රු.25000 ඉහළට

දුරකථන ඇමතුමක් ලද විගසින් (On Call) හදිසි සේවා සඳහා රාජකාරියට පැමිණීම වෙනුවෙන් දැනට වෛද්‍යවරුනට ගෙවන දීමනාව (DAT) වූ රුපියල් තිස්පන්දහසක මුදල රුපියල් පනස් දහස දක්වාත්, විශේෂඥ වෛද්‍යවරුනට ගෙවන එම දීමනාව රුපියල් හැටදහස දක්වාත් වැඩි කිරීමට රජය තීරණය කර ඇත.

සංචාරක ව්‍යාපාරය නංවන්න නැ‍‍‍ගෙනහිරට ගුවන් සේවාවක්

සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා නැගෙනහිර ප්‍රදේශයට ගුවන් සේවාවක් අරඹන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජාතික විගණන පනත 1 වැනිදා සිට ක්‍රියාත්මකයි

ජාතික විගණන පනත ක්‍රියාත්මක කිරීම ලබන අගොස්තු මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක කෙරේ.

නැගෙනහිර පළාත සංවර්ධනයට සංචාරක ගුවන් සේවාවක්

ග්‍රාමීය ප්‍රදේශ ගොඩනැගීමට යෝධ සංවර්ධන සැලැස්මක් ඇති බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

දකුණු අප්‍රිකාවට කඩුලු 5ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර රංගිරි - දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ එක්දින තරගයේ ජය දකුණු අප්‍රිකාව හිමි කර ගනී.

සිම්බාබ්වේ මහ මැතිවරණය අදයි (30)

සිම්බාබ්වේ රාජ්‍යයේ මහ මැතිවරණය අද(30). මේ සදහා මිලියන 5 ක ඡන්දදායකයින් ප්‍රමාණයක් ලියාපදිංචිව සිටී.

උතුරු සහ දකුණු පළාත් ආශ්‍රිතව මත්ස්‍ය වගාවට සහ නිෂ්පාදනට කර්මාන්ත පුරයක්

උතුරේ මත්ස්‍ය අපනයන කර්මාන්ත කලාපය ඉදිකිරීම සදහා ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 7.5 ක ආයෝජනයක්.

සරණාගත මව්පියන්ගෙන් වෙන් කළ ළමුන් 1800 ක් යළි  දෙමව්පියන්ට භාර දේ

සරණාගත මව්පියන්ගෙන් වෙන් කළ දරුවන් 1800 දෙනෙකු පමණ යළි ඔවුන්ගේ මව්පියන් වෙත බාරදී ඇති බව ට්‍ර්ම්ප් පරිපාලනය පවසයි.

Friday, July 27, 2018

වෙළඳ ආර්ථිකය ශක්තිමත් කිරීමට රාජ්‍ය නායක පොරොන්දුවක්

බහුපාර්ශ්වීය වෙළඳාම් පද්ධතිය ශක්තිමත් කිරීමට බ්‍රික්ස් රටවල නාකයින් පොරොන්දු වේ.

පාකිස්ථානයේ නව අගමැති ඉම්රාන් ඛාන්

මහ මැතිවරණයෙන් තම පී.ටී.අයි. පක්ෂය ජයග්‍රහණය කර ඇති බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් මාධ්‍ය අමතමින් ප්‍රකාශ කරයි.

අඟහරු මත ජලය සහිත විලක් ඇති බවට අනාවරණය වේ

අඟහරු ග්‍රහයාගේ දකුණු අර්ධයේ ජලය සහිත විලක් සොයාගැනීමට හැකිව තිබේ.

පළාත් සභා හතක ඡන්දය ජනවාරී මාසයේ

පළාත් සභා නිල කාලය අවසන් වන පළාත් සභා හතක මැතිවරණය ලබන වසරේ ජනවාරි මාසයේ පැවැත්විය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ට 26 වැනි දින දැනුම් දී තිබේ.

සාමාජික ගාස්තු නියමිත පරිදි ගෙවන ලෙස ජගත් ම‍හලේකම්වරයා සාමාජික රටවලින් ඉල්ලයි

නියමිත වේලාවට සම්පූර්ණ සාමාජික ගාස්තුව ගෙවන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය සාමාජික රට වලින් ඉල්ලීමක් කරයි.

ඇමරිකාවේ විවේචන චීනය ප්‍රතික්ෂේප කරයි

ඇමරිකාව චීන ආර්ථික ක්‍රමයට එරෙහිව පළ කළ විවේචනය චීනය ප්‍රතික්ෂේප කරයි.

වසර 100 ක් තුළ දැකිය හැකි දීර්ඝතම චන්ද්‍රග්‍රහණය අද

වසර 100 ක් තුළ දැකිය හැකි දීර්ඝතම පූර්ණ චන්ද්‍රග්‍රහණය අද (27) දැකිය හැකිය.

මීතොටමුල්ල කසල කන්ද ආශ්‍රිත භූමියේ ආදර්ශ උද්‍යානයක්

මීතොටමුල්ල කසල කන්ද ආශ්‍රිත භූමියේ ආදර්ශ උද්‍යානයක් ඉදිකෙරෙමින් පවතින බව නාගරික සංවර්ධන අධිකාරිය  පවසයි.

Thursday, July 26, 2018

ෂර්මන් යුද නෞකාව ඇමරිකාව ලංකාවට ලබා දීමට තීරණය කරයි

“රිම් ඔෆ් ද පැසිෆික් 2018” ලොව විශාලතම නාවික යුද අභ්‍යාසයට සමගාමීව ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාව විසින් විශාල යුද නෞකාවක් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර තිබේ.

ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් පකිස්තානයේ නව රජයක් පිහිටි වීමේ ලකුණු

පකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් පත්වන ලකුණු ප්‍රතිපළ අනුව පෙනේ.

චීනයේ බීජිං නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අසළ පිපිරීමක්

චීනයේ බීජිං නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අසළ සුලු පිපිරීමක් සිදුව තිබේ.

සිරියාවේ බෝම්බ ප්‍රහාරවලින් 220ක් පමණ මිය යයි

දකුණු සිරියාවේ ස්වෙයිදා පළාතේ ස්ථාන කිහිපයක සිදුවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් සිරියානු සිවිල් වැසියෝ 220 ක් ජීවිතක්ෂයට පත් වූහ.

ජකර්තා මූලධර්ම විශේෂඥ කණ්ඩායම් රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

ජකර්තා මූලධර්ම පිළිබද එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායම් රැස්වීම කොළඹ දී ආරම්භ විය.

ඉතාලිය සංක්‍රමණිකයන් භාර ගැනීමට එකඟ වේ

උතුරු අප්‍රිකාවේ සිට මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට ළඟාවීමට උත්සාහ කරන නීතිවිරෝධී සංක්‍රමණික යාත්‍රා හරවා නොයැවීමට ඉතාලිය එකඟ වේ.

ජපානයේ දැඩි උණුසුම නිසා ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

සෙන්ටිග්‍රේඩ් අංශක 40 ඉක්ම වූ දැඩි උණුසුමෙන් පුද්ගලයින් 65 කට වැඩි සංඛ්‍යාවක් මියයාමත් සමග ජපානයේ ස්වභාවික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි.

ගුවන්තොටුපළේ ප්‍රමාදය වැළැක්වීමට ගුවන් මගීන්ට E -කාඩ්පතක්

ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආගමන හා විගමන කවුළු අසළදී සිදුවන ප්‍රමාදයන් වැළැක්වීම සඳහා ඔවුන්ට “E - කාඩ්පත්” නිකුත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.