Social Icons

facebookrss feedemailtwitter

Sunday, December 9, 2018

සංචාරක පැමිණීම දෙලක්ෂයට ළඟා වේ

දිවයිනට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව නොවැම්බර් මාසයේදී එක්ලක්ෂ 95,582 ක් ලෙස සියයට 16 යි දශම 8 කින් වර්ධනය වී තිබේ.

ඉන්දියාවෙන් සහ එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉහළ යාම ඊට ප්‍රධාන හේතුව බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. විශේෂයෙන් එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 21,971 ක් ලෙස සියයට 61 යි දශම 01 කින් ඉහළ ගොස් ඇති බව සඳහන්. ඒ සදහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා බ්‍රිතාන්‍ය “බාමි ආමි” ක්‍රිකට් රසිකයින් විශාල වශයෙන් පැමිණීම හේතුවී තිබේ. ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය සැලකූ විට දිවයිනට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව මිලියන 2.8 ක් වන අතර, එය සියයට 11යි දශම 2 ක වර්ධනයකි.