Social Icons

facebookrss feedemailtwitter

Friday, October 26, 2018

2018 ඡන්ද හිමි නාමලේඛණය සහතික කිරීම 25 සිට

2018 ඡන්ද හිමි නාමලේඛණය 25 වැනි දින සිට සහතික කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඇමරිකාව ගන්නා තීරණයට අනුව ක්‍රියාකරන බව රුසියානු ජනපති පවසයි

අන්තර් - මධ්‍යම බැලැස්ටික මිසයිල ගිවිසුමෙන් ඉවත්වීම පිළිබඳව ඇමරිකාව ගන්නා ක්‍රියාමාර්ග සළකා ඊට ප්‍රතිචාර දක්වන බව, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා පවසයි.

කොළඹට සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක්

පොදු ප්‍රවාහනය භාවිත කරන ජනතාවගේ පහසුව වෙනුවෙන් සැහැල්ලූ දුම්රිය මාර්ග පද්ධතියක් හඳුන්වාදීමට පියවර ගැනේ.

කාබන් බද්ද ජනවාරියේ සිට

කාබන් බද්ද ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

තලේබාන් නායක “මුල්ලා අබ්දුල් ඝානී බරාදර්” නිදහස්

අත්අඩංගුට ගෙන සිටි ඇෆ්ගන් තලේබාන් ත්‍රස්ත සංවිධානයේ නායක මුල්ලා අබ්දුල් ඝානී බරාදර් නිදහස් කිරීමට පාකිස්තාන රජය තීරණය කළේය.

ජෝන් බෝල්ටන් පුටින් හමුවේ

ඇමරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් රුසියාවේ මොස්කව් නුවර දී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

ඉතිහාසයේ පළමු වරට ඉතියෝපියාවට ජනාධිපතිනියක්

ඉතියෝපියානු ජනාධිපති ධුරය සඳහා පළමු වරට කාන්තාවක් තෝරාපත් කරගෙන තිබේ.

තුන් ඉරියව් ක්‍රීඩකයා පිටියට සමුදේ

බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකා බෝට්ටු ප්‍ර‍දර්ශනය සහ සැණකෙලිය ඔක්තෝම්බර් 26 සිට

මේ වසරේ දකුණූ ආසියාවේ විශාලතම බෝට්ටු ප්‍ර‍දර්ශනය සහ සැණකෙලිය ලංකාවේදී පැවැත්වේ.

ජමාල් කෂෝගි ඝාතනයේ සියලුම සාක්කි සීඅයිඒ සංවිධානයට

තුර්කිය සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනයට සම්බන්ධ සියලු සාක්කි ඇමරිකා එක්සත් ජනපදයේ සී.අයි.ඒ. සංවිධානයට ලබා දේ.

ඔබාමාට සහ හිලරිට පුපුරන ද්‍රව්‍ය යැවේ - පරීක්ෂණ ක්‍රියාත්මකයි

ඇමරිකාවේ ස්ථාන කිහිපයකින් හමුවූ බෝම්බ පාර්සල් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඇමරිකානු රහස් තොරතුරු ඒකකය පියවර ගෙන තිබේ.

විරාට් කෝලිගෙන් යළිත් අන්තර්ජාතික ක්‍රිකට් වාර්තාවක්

එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ ලකුණු 10,000 සීමාව අඩුම තරග ගණනකදී පසු කළ පිතිකරුවා බවට පත්වීමට ඉන්දීය නායක විරාට් කෝලි සමත් වේ.

පලාලි ගුවන්තොට සංවර්ධනය ගුවන් හමුදාවෙන්

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා අභ්‍යන්තර වාණිජ ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ ගැටළු ගැන විමර්ශනයක්

2019 වසරේ පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු සොයා බලන්නැයි, අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 

Wednesday, October 24, 2018

LED බල්බ දස ලක්ෂයක් බෙදා දීමට සූදානම්

ලබන මාසයේ දී රට පුරා එල් ඊ ඩී බල්බ දස ලක්ෂයක් බෙදාහරින බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය සඳහන් කරයි.

රේගුව වෙත ලේඛණ ඉදිරිපත් කිරීමකින් තොරව e - bay ක්‍රමයට භාණ්ඩ අපනයනය කළ හැකියි

විදේශයන් හී සිටින පාරිභෝගිකයන්ට ඉලෙක්ට්‍රෝනික ක්‍රමවේදය හරහා ඍජුවම භාණ්ඩ යැවීමට අවස්ථාව හිමිවේ. ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින්ට විදේශ සමාගම් මඟින් ඍජුවම භාණ්ඩ තම නිවෙස් වෙත ගෙන්වා ගැනීමට අවස්ථාව තිබේ.

“Lonely Planet” සංචාරක ලැයිස්තුවේ පළමු තැන ලංකාවට

ලොව ඉමහත් පිළිගැනීමක් ඇති “ලෝනිලි ප්ලැනට්” නැමැති සංචාරක ගමනා ගමන පොත් ප්‍රකාශනයේ ඉහළම සංචාරක ගමනාන්ත හිමි රට ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇත.

පැන්මුන්ජොම් දේශසීමා අතර මුරපොල ඉවත් කිරීමට එකඟත්වයක්

උතුරු සහ දකුණු කොරියා දේශ සීමාවේ දෙරටටම පොදු පන්මුන්ජොන් සාම ගම්මානයෙන් හමුදා මුර පොළ සහ අවි ආයුධ ඉවත් කිරීමට දෙරටේ බලධාරීහු පියවර ගෙන තිබේ.

ලොව 7 වැනි ආශ්චර්යය අනාගත පරපුරට චීනය දායාද කරයි

හොංකොං - චුහයි - මැකාවෝ මහ පාලම චීන ජනපතිවරයා විසින් විවෘත කෙරේ. චීනයේ හොංකොං විශේෂ පරිපාලනය, ගුවන් චෞ පළාතේ චුහයි නගරය සහ මැකාවෝ විශේෂ පරිපාලන කලාපය හා සම්බන්ධ කෙරෙන මුහුද මත වසර 15කින් ඉදිවූ මෙම පාලමේ දිග කි‍ලෝමීටර් 55කි.

Tuesday, October 23, 2018

ජාන තාක්ෂණයෙන් ඉදිරියේදී ඖෂධ නීර්ණය කිරීමේ සූදානමක්

ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා සමුළුවක් පැවැත්වීට කටයුතු කෙරේ. ඒ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

යුරෝපා සංගමය පරීක්ෂණයක් ඉල්ලයි

මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කළ යුතු බව යුරෝපා සංගමය පවසයි.

ඔස්ට්‍රේලියාවෙන් සංක්‍රමණිකයින්ට නව නීති

ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව සංක්‍රමණිකයන්ට සිඩ්නි සහ මෙල්බර්න් නගරවලින් පිට ජීවත්වන ලෙසට බලපෑම් කරමින් නව යෝජනාවක් සම්මත කරගැනීමට ඕස්ට්‍රේලියානු රජය සුදානම් වේ.

ඉතිහාසයේ වැඩිම සංවර්ධන ව්‍යාපෘති වත්මන් ආණ්ඩුවෙන්

රටේ ග්‍රාමීය ප්‍රදේශ නගා සිටුවීම සඳහා රජය සංවර්ධන ව්‍යාපෘති ලක්ෂයකට අධික ප්‍රමාණයක් ක්‍රියාවට නංවා ඇති බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අපනයන වෙළඳපොළ පුළුල් කිරීමට රජයේ අවදානය

මෙරට කුරුඳු අපනයන ඉලක්ක සපුරා ගැනීම අරමුණු කර ගනිමින් අපනයන වෙළඳපොළ පුළුල් කිරීම පිළිබඳව රජයේ අවදානය යොමුවේ.

චීන තායිවාන ප්‍රදේශයේ දුම්රිය අනතුරින් 18 ක් මිය යයි

චීන තායිවාන ප්‍රදේශයේ සිදු වු දුම්රිය අනතුරින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙති. අනතුර සිදුවූයේ චීන තායිවානයේ Yilan කෝරළයේදී ය.

එබෝලා වෛරසයෙන් මිය යන සංඛ්‍යාව ඉහළට

කොංගෝ රාජ්‍යයේ එබෝලා වෛරසය ශරීරගත වූ රෝගීන් ගණන 200 දක්වා ඉහළ යයි. එම රෝගීන් අතරින් පුද්ගලයින් 117 දෙනෙක් මිය ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය පසුගියදා නිවේදනය කළේය.

“අන්තර් මධ්‍යම මිසයිල” ගිවිසුමෙන් ඉවත්වීමට ඇමරිකාව ගත් තීරණයට රුසියාවේ දැඩි විරෝධය

ඇමරිකාව අන්තර් මධ්‍යම මිසයිල ගිවිසුමෙන් ඉවත්වීම පිළිබඳ රුසියාව ප්‍රතිචාර දක්වයි.

මුහුද මතින් ඉදිවූ ලොව දිගම පාලම අද ( 23) විවෘත කරයි

මුහුද මතින් ඉදිවූ ලොව දිගම පාලම විවෘත කෙරේ. මෙම පාලම ඉදිකර ඇත්තේ හොංකොං සහ චීනය යා කරමිනි. එහි දිග කිලෝමීටර් 55කි.

කශෝගි ඝාතනයට සල්මාන් කුමරුගේ සම්බන්ධයක් නෑ - සෞදි රජය

මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ ඝාතනයට ලක්වීමේ සිද්ධියට මොහොමඞ් බින් සල්මාන් කුමරු සම්බන්ධ නොමැති බවට සෞදි රජය ප්‍රකාශ කරයි.

නයිජීරියාවේ ආගමික ගැටුමකින් 55 දෙනෙකු මරුට

නයිජිරීයාවේ කඩූනා ප්‍රාන්තයේ කසුවාන් මගානි නගරයේ සිදුවූ ආගමික ගැටුමකින් පුද්ගලයින් 55 දෙනෙකු ජීවිතක්ෂයට පපත්වේ.

ආනයනික භාණ්ඩ නිෂ්කාශනය සඳහා ගබඩා පවත්වාගෙන යාමට පෞද්ගලික අංශයටත් අවසර

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන LCL Cargo හෙවත්, බහලුම් ප්‍රමාණයකට වඩා අඩු ප්‍රමාණයකින් ආනයනය කරනු ලබන භාණ්ඩ නිෂ්කාශනය කිරීමට පහසු වන පරිදි ගබඩා පහසුකම් පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික අංශයට ද අවසර ලබා දීමට රජය තීරණය කරයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් දැඩි තීරණයක්

බඩ ඉරිගු, උඳු, රට කජු, කුරක්කන් සහ මිරිස් ආනයනය කිරීමට ලබන වසරේ සිට බලපත්‍ර ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අධ්‍යාපනය නැංවීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100ක්

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා නවීකරණ ව්‍යාපෘතිය වෙනුවෙන් සහනදායී ණය පදනම මත ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ප්‍රදානය කිරීමට ලෝක බැංකුව එකඟ වේ.

Tuesday, October 9, 2018

වර්ෂාව නිසා 48,918 ක් පීඩාවට පත්වේ

බොහෝ ප්‍රදේශවල පසුගිය දින කිහිපයෙහි පැවැති අධික වර්ෂාවත් ඇති වූ ආපදා හේතුවෙන් දිස්ත්‍රික් දොළහක පවුල 12,478ට අයත් පුද්ගලයන් 48,918 දෙනෙක් පීඩාවට පත්වී ඇති අතර පුද්ගලන් නවදෙනෙක් මියගොස් ඇත.

ඉන්ටර්පෝල් ප්‍රධානියා අතුරුදන්

චීනයේ සංචාරයකට ගිය ජාත්‍යන්තර පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් “ඉන්ටර්පෝල්” ආයතනයේ ප්‍රධානී මෙංග් හොංග්වේ අතුරුදන්ව ඇතැයි පැවැසෙයි.

සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් සොයාගත් නවතම සද

සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ප්‍රථම චන්ද්‍රයා සොයා ගැනීමට තාරකා විද්‍යාඥයින් පිරිසක් සමත්වේ. ප්‍රමාණයෙන් නෙප්චූන් ග්‍රහයාට සමාන මෙය මෙතෙක් සෙයා ගනු ලැබූ විශාලතම චන්ද්‍රයා ලෙස සැළකේ.

රුසියාවේ අධි බලැති එස් - 300 ආරක්ක පද්ධතිය සිරියාවට

රුසියාව සතුව තිබූ අධි බලැති එස් - 300 ගුවන් ආරක්ෂක පද්ධතිය, සිරියාවට ලබා දී ඇත. සිරියාවේ සිටින රුසියානු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම එහි අරමුණ බවයි, රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ.

නාසා ආයතනයට වසර 60 යි

මානව ඉතිහාසයේ විද්‍යාව හා තාක්‍ෂණය දැවැන්ත පරිවර්තනයකට ලක් කිරීමට කටයුතු කළ නාසා ආයතනය සිය 60 වන සංවත්සරය සැමරීය. ජාතික අවකාශ තරණ හා අභ්‍යවකාශ පරිපාලන ආයතනය හෙවත් නාසා ආයතනය ආරම්භ වන්නේ 1958 වසරේ ඔක්තෝබර් 1 වැනි දිනය.

2018 වසරේ නොබෙල් ත්‍යාගයේ හිමිකරුවන්

2018 සාම ත්‍යාගය ඩෙනිස් මුක්වේගයා හා නාඩියා මුරාඩ්ට හිමි විය. ඒ නිසා පසුගිය සතියේ වැඩි අවධානයක් යොමු වූයේ නෝර්වේ හි ඔස්ලෝ නුවර සිදු වූ මෙම ක්‍රියාව පිළිබදවයි.

Sunday, October 7, 2018

ග්‍රීන් කාර්ඩ් සීමා කිරීමට ඇමරිකාව කටයුතු කරයි

නීත්‍යානූකූල ක්‍රමවේදයන් හරහා අමෙරිකාවේ ස්ථීර පදිංචිය ලබාදෙන විදේශිකයින් සීමා කිරිමේ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක කෙරේ.

ජපානයට තුන් වැනි සුළි කුණාටුවක්

මසක් ඇතුළත තුන්වන සුළි කුණාටුවට මුහුණදීමට ජපාන වැසියන්ට සිදුව ඇත. කොං - රේ ලෙස නම් කර ඇති නවතම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 185 ක වේගයෙන් ඉදිරි දිනයේදී ඔකිනාවා ප්‍රදේශය හරහා ජපානය වෙත කඩා වැදීමට නියමිත බවයි එරට කාලගුණ අංශ ප්‍රකාශ කර සිටී.

පොදු හඬක අවශ්‍යතාව Jean Juncker මතු කරයි

විදේශීය ප්‍රතිපත්ති තුළින් පොදු හඬක් නගන ලෙස යුරෝපා සංගම් සභාපති Jean - Claude Juncker මහතා එම සංගමයේ සාමාජික රට වලින් ඉල්ලා සිටී. හෙතෙම ඊයේ (5) ඔස්ට්‍රියානු පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාවේදී මේ බව සඳහන් කළේය.

වසර 7 ක් තුළ සෙල්ෆි මරණ 259 ක්

වසර 7ක කාලසීමාවක් තුළ සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමේදී සිදුවූ අනතුරු වලින් ලොව පුරා පුද්ගලයින් 259 දෙනෙකු මියගොස් ඇත. ඉන්159 දෙනෙකුම ඉන්දියානුවන්ය. මෙම කරුණු අනාවරණ වී ඇත්තේ ඉන්දියාවේ ආයතනයක් විසින් සිදුකළ සමීක්ෂණයකදිය.

දිවයිනට සංචාරක පැමිණීම ඉහළට

මේ වසරේ අගොස්තු මාසය දක්වා විදේශ සංචාරකයින් ලක්ෂ 16කට ආසන්න පිරිසක් මෙරට සංචාරය සඳහා පැමිණ ඇති බව සංචාරක සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පැවසිය.

රත්නපුර ස්ථාන 07ක් නායයාමේ අවධානමක

අධික වාර්ෂාව හේතුවෙන් රත්නපුර ස්ථාන 07ක් නායයාමේ අවධානමක පවතින බව වාර්තාවේ. ඒ අනුව අයගම, කලවාන, බලංගොඩ, ඉඹුල්පේ ඇතුළු ස්ථාන 07කට නායයාමේ පූර්ව අනතුරු ඇගවීම් නිකුත්කර ඇති බව ද සදහන්.

සුලාවෙසි දුපතේ ගිනි කන්දක් සක්‍රීය වෙයි

ඉන්දූනීසියාවේ නැගෙනහිර සුලාවෙසි දුපතේ පිහිටි සොපුටාන් ගිනි කන්ද සක්‍රීය වී ඇත. මේ හේතුවෙන් මීටර් 6000 ක් අහස උසට දුම පිටවන බව පැවසේ. සුලාවෙසි දූපතට පසුගිය සිකුරාදා (28) රික්ටර් මාපකාංක 7.5 ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් හටගත් අතර ඉන් පසු එම දූපතට දරුණු සුනාමි රළ පෙළක් ද කඩා වැදුණේය.

ජාත්‍යන්තර අධිකරණයෙන් ඇමෙරිකාවට නියෝගයක්

පසුගිය වසරේ ඉරානයට එරෙහිව පනවන ලද සම්බාධක ලිහිල් කරන ලෙසට ජාත්‍යන්තර අධිකරණය ඇමරිකාවට නියෝග කර තිබේ. ආහාර සහ ඖෂධ වැනි මානුෂීය ද්‍රව්‍ය ඉරානයට අපනයනය කිරීමට ඉඩ දෙන ලෙස එහිදී සඳහන් කර ඇත.

කොරියානු අර්ධද්වීපය සාමය සොයා ගමන අරඹයි

උතුරු කොරියාව සහ දකුණු කොරියාව දෙරටේ දේශ සීමාව අසළ තිබෙන බිම් බෝම්බ ඉවත් කිරීම ආරම්භ කර ඇත. දේශ සීමාව දෙපස බිම් බෝම්බ ලක්ෂ අටක් පමණ වලදමා ඇති බව පැවසේ. මූලික වශයෙන් දකුණු කොරියාව දෙරටේ සාම ගම්මානය වන පැන්මුන්ජොම් ගම්මානය ආසන්නයේ බිම් බෝම්බ ඉවත් කිරීම පසුගියදා ඇරඹිණ.

කටුනායක ගුවන්තොටුපළේ අතුරු පර්යන්තය ඉදිකිරීම චීනයට පවරයි

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පර්යන්තයේ දැනට පවතින ධාරිතාවය මගීන් මිලියන 15ක් සඳහා පහසුකම් සැලසීමට හැකිවන පරිදි වැඩිදියුණු කිරීමට ව්‍යාපෘතියක් සැලසුම් කර තිබේ.

Saturday, October 6, 2018

මත්පැන් භාවිතය නිසා ලංකාවේ වසරකට 23,000ක් අහිමිවේ

ශ්‍රී ලංකාව තුළ මද්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට 23,000 කට ආසන්න සංඛ්‍යාවක් මියයි. මේ අතර මත්පැන් සඳහා දිනකට රුපියල් මිලියන 247ක් හා බියර් සඳහා දිනකට රුපියල් මිලියන 58 ක් ද වියදම් කරන බව මද්‍යසාර සමාගම් නිකුත් කළ වාර්තාවල දැක්වේ.