Social Icons

facebookrss feedemailtwitter

Wednesday, January 31, 2018

අයිස් වලින් වැසුනු ශාක

මේ මධ්‍යම චීනයේ Henan පළාතේ Shangcheng කෝරළයේ Huangbaishan ජාතික වන උයනක ඇස ගැටුණ දසුනකි.

මේ උසම හා මිටිම දෙදෙනා

ලෝකයේ උසම මිනිසා සහ මිටිම ගැහැණිය පසුගියදා ඊජිප්තුවේ දර්ශනීය පිරමීඩ සහිත ස්ථානයේදී හමු වී ඇත. උසම මිනිසා සුඩානයේ 34 හැවිරිදි Sultan Kosen ය. ඔහුගේ උස මීටර් 2.465 ක් වේ.

මේ චීනයේ පොත් කුළුණක්

ෂැන් සී පළාතේ සී ඇන් නගරයේ වාස්තු විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සංස්කෘතික කලාපයේ දක්නට ඇති පොත් කුළුන මීටර් 11 ක් උසය. ටොන් 14 ක බර පොත් අහුරා ඇත.

ඊශ්‍රායලය නීති විරෝධී සංක්‍රමණිකයින් පිළිබඳ දැඩි තීරණයක

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය Benjamin Netanyahu සිය කැබ්නට් රැස්වීමේදී එරට රැඳී සිටින අනවසර සංක්‍රමණිකයින් පිටුවහල් කරන බව පසුගියදා සඳහන් කර ඇත. ඒ අනුව නීත්‍යානුකූලව සිටන සරණාගතයින්ට පමණක් රට තුළ රැඳී සිටිය හැකිවේ.


ඊ – පළාත් පාලන වැඩසටහන

ඊ – පළාත් පාලන වැඩසටහන අද (29) ආරම්භ වෙයි. මෙම වැඩසටහන යටතේ පළාත් පාලන ආයතන වෙත කරනු ලබන සියලුම ගෙවීම් අන්තර්ජාල විද්‍යුත් කාඩ්පත් මගින් ගෙවීම සහ සියලුම මහජන සේවාවන් අන්තර්ජාලය මගින් සිදු කිරීමට මහජනතාවට අවස්ථාව ලැබෙනු ඇත.

චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමුවන සැසිවාරය මාර්තු මාසයේ

13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමුවන සැසිවාරය මාර්තු මස 5 වැනිදා බෙයිජිං හිදී පැවැත්වේ. 12 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 32 වැනි සැසිවාරයේදී මේ බව තීරණය කර ඇත.

ඉන්දීයාවේ නව විදේශ ලේකම් ශ්‍රී ලංකාව සමඟ සබඳතා තර කිරීමට සූදානම්

ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා වැඩි දියුණු කිරීමට තමන් බලාපොරොත්තු වන බව, නව ඉන්දීය විදේශ ලේකම් විජය කෂාව් ගෝඛාලේ මහතා සදහන් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. චීනයේ සහ නැගෙනහිර ආසියාව පිළිබඳ විශේෂඥයෙකු ලෙස කටයුතු කළ ඒ මහතා ඉන්දියාවේ විදේශ ලේකම් ලෙස 31 වැනි දින සිට කටයුතු කරනු ලැබේ.

ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල ඇඳුම් මාධ්‍යයට නිකුත් කෙරේ

ශීත ඍතු ඔලිම්පික් උළෙල පැවැත් වෙන්නේ දකුණු කොරියාවේ පියෙංන්චා (Pyeongchang) හී දීය. ලබන පෙබරවාරි මස 9 වැනි දින සිට 25 වැනි දින දක්වා එහි තරඟ පැවැත්වේ. මේ සදහා සහභාගී වන විවිධ රටවල කණ්ඩායම් ඔවුන්ගේ නිල ඇඳුම් ප්‍රසිද්ධියට පත් කර තිබේ.

පර්පචුවල් සමාගම් 28 ක ගිණුම් අත්හිටුවීමට මහ බැංකු මූල්‍ය බුද්ධි ඒකකය පියවර ගනී

මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින අර්ජුන් ඇලෝසියස් මහතා සම්බන්ධ පර්පචුවල් සමූහ ව්‍යාපාර තුළ ඇති සමාගම් 28 ම බැංකු ගිණුම් අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය කටයුතු කර ඇත. එම ගිණුම්වල ඇති මුදල් බැඳුම්කර ගණුදෙනු පිළිබඳ පරීක්ෂණයන්ට යටත්ව පවතින බැවින් එම ගිණුම් වලින් වෙනත් ගිණුම් වලට රහසිගතව මුදල් හුවමාරු විය හැකි නිසා මෙම අත්හිටුවීම පසුගිය බදාදා සිට සිදු කර තිබේ.

ඉරානයට විරුද්ධව ඊශ්‍රායලයෙන් චෝදනා

ඉරානය තම රටට එරෙහිව ලෙබනනයේ මිසයිල ‍තොග රැස් කරමින් සිටින බවට ඊශ්‍රායලයෙන් චෝදනා. ඉරානයේ මෙම ක්‍රියාවට දැඩිව විරෝධය පළ කරමින් ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මහතා අවධාරණය කරන්නේ, ඊට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවය. රුසියාවේ සංචාරයක නිරත වීමට පෙර ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

බැඳුම්කර වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 06

බැඳුම්කර වංචා පිළිබඳ හා මහා පරිමාණ වංචා පිළිබඳ ජනාධිපති කොමිසම් සභා වාර්තා පිළිබද පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 06 වැනි දින පැවැත්වීමට තීරණය කර ඇත. එම දිනයට පාර්ලිමේන්තුව කැඳවීමේ ලිපිය අගමැතිවරයා විසින් කතානායකවරයාට යොමුකර ඇති බව, පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා සදහන් කර තිබේ.

චීනයේ නව ක්ලෝනීය තාක්ෂණය පිළිබද විවිධ මත

අමෙරිකානු විද්‍යාඥයින් චීනය සිදු කළ විප්ලවීය වෙනස ඇගයීමට ලක්කර ඇත. ක්ලෝනීයකරණයෙන් වඳුරන් බිහි කිරීම නූතන විද්‍යාවේ තවත් ඉදිරි පියවරක් බව අමෙරිකාවේ මැසචුසෙට් තාක්ෂණික ආයතනයේ මොළය පිළිබද පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂ ‍රොබට් ඩෙසිමෝන් මහතා සඳහන් කර සිටී. චීනය මුල් වරට ක්ලෝන තාක්ෂණයෙන් වඳුරන් දෙදෙනෙකු බිහි කිරීම රෝගවලට එරෙහිව සටන් කිරීමේ මූලික පියවරක් ලෙස ද හැදින්වේ.

රටවල් 118 ක දී නිදහස් දිනය සැමරේ

ශ්‍රී ලංකාවේ 70 වැනි ජාතික නිදහස් දිනය සැමරීම සඳහා ලෝකයේ රටවල් 118 ක උත්සව සංවිධාන කිරීමට රජය පියවර ගෙන ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ එම රටවල ශ්‍රී ලාංකිකයින්ගේ විවිධ සංවිධාන මඟින් මෙම නිදහස් උත්සව සංවිධානය කර ඇති බව පැවසේ.

GMO වර්ජනය නවත්වයි

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සංඛේත වැඩ වර්ජනයක නිරතව සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතර සාකච්ඡාවකින් පසුව වර්ජනය අත්හිටුවා ඇත. සයිටම් අර්බුදයට විසඳුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංඛේත වැඩ වර්ජනයක නිරත විය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අද පළමු ටෙස්ට් ගැටුමට

තුන්කොන් එක්දින තරගාවලියේ ජයග්‍රහණයේ උද්යෝගයෙන් පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම 31 වැනි දින චිතගොං නුවරදී සත්කාරක බංග්ලාදේශ පිල සමඟ පළමු ටෙස්ට් තරගයට සහභාගී වේ. පසුගිය වසර පුරාම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැඩි පසුබෑමකට ලක්වූ ශ්‍රී ලංකා පිල තුන්කොන් තරඟාවලියේ ජයග්‍රහණයත් සමඟ නව වසරේදී සහභාගි වන පළමු ටෙස්ට් තරගය මෙය වේ.

පෙබරවාරි 21 සිට 25 දක්වා මසුන් මැරීම තහනම්

ධීවරයින්ට කච්චතිව් හා ඒ අවට මුහුදේ මසුන් මැරීමේ කටයුතු පෙබරවාරි මස 21 දා සිට 25 දා දක්වා ඉන්දීය නාවික හමුදාව විසින් තහනම් කර ඇත. ඒ යාපනයේ කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය පෙබරවාරි මස 23 හා 24 යන දිනවලදී පැවැත්වෙන නිසාය.

යේමනයේ යළිත් ගැටුම්

යේමනයේ ඒඩ්න් වරාය නගරය ආශ්‍රිතව නැවතත් දරුණු ගැටුම් උද්ගත වේ. සෞදි සහාය ලබන යේමන් රජයට පක්ෂපාතී හමුදාව සහ ඒඩ්න් නගරයේ තාවකාලික පාලන කවුන්සිලයට පක්ෂපාතී මිත්‍ර හමුදාව අතර මෙම ගැටුම් හට ගෙන තිබේ. ඒ එහි තාවකාලික පාලන කවුන්සිලය සංවිධානය කර තිබූ සාමකාමී විරෝධතා රැළියක් තහනම් කර රජය පැනවූ නියෝගයත් සමඟය.

ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවේ සහය

ග්‍රාමීය ජනතාවට ප්‍රතිලාභ ලැබෙන බහුකාර්ය ව්‍යාපෘති සඳහා සහය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව කැමැත්ත පළකර සිටී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර 30 වැනි දින හමුවක දී මේ බව අනාවරණය විය. ආසියානු සංවර්ධන බැංකුව මඟින් මෙරටට ලබාදෙන අධාර සහ එමඟින් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව ද විශේෂ අවධානයට ලක්විය.

නවම් පුන් පොහොය අදයි

සම්බුද්ධ ශාසනයේත්, බුද්ධ චරිතයේත් උදාර සිදුවීම් රැසක් සිදුවුණු ඉතා පූජනීය දිනයක් ලෙස නවම් පුන් පොහොය දිනය සැළකේ. සැරියුත් - මුගලන් දෙනම සම්බුද්ධ ශාසනයේ අගසව් තනතුරු ලබන ලද්දේ නවම් පොහොය දිනකය. බුදු සසුනෙහි සඳහන් වන ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදුවූයේත් නවම් පොහොය දිනයේදීය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තෙමසකට පෙර ආයු සංස්කාරය අත්හළේත් නවම් පුන් පොහොය දිනකය.

Tuesday, January 30, 2018

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් කිරුළ වොස්නියැකිට

ජාත්‍යන්තර ටෙනිස් පිටියේ සුරූපි ක්‍රීඩිකාවක ලෙස ප්‍රකට ඩෙන්මාර්කයේ කැරොලින් වොස්නියැකි ට ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාව හමිවිය. මෙල්බර්න් නුවර පැවැති කාන්තා ඒකල අවසන් මහා තරගයේදී ඇය ලකුණු 7 - 6 ක්, 3 - 6 ක් සහ 6 - 4ක් ලෙස රුමේනියාවේ සිමෝනා හැලෙප් පරාජයට පත් කරමින් කුසලානයට හිමිකම් කීවාය.

ඡන්දය කල්දාන සූදානමක් නෑ

වසර පහකට පසුව මෙවර පළාත් පාලන මැතිරවණය පෙබරවාරි 10 දාට පැවැත්වීමට නියමිත බවත් එම මැතිවරණය කල් දැමීමේ සූදානමක් මැතිවරණ කොමිසමට නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මැතිවරණ ක්‍රියාවලියේ නිහඩ කාලය වන පෙබරවාරි 08 වන දා බැදුම්කර කොමිසන් වාර්තාව පිළිබඳ විවාදය පැවැත්වුවහොත් එය මැතිවරණයට බාධාවක් විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් කොමිසමේ සාමාජිකයන් තිදෙනා එක්ව සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද සභාපතිවරයා සදහන් කර සිටී.

ග්‍රෑන්ස් ලෑන්ඩ් ශූරතා 20ක් දිනූ පළමු ටෙනිස් ක්‍රීඩකයා බවට රොජර් ෆෙඩරර් පත්වේ

ග්‍රෑන්ස් ලෑන්ඩ් ශූරතා 20ක් දිනූ පළමු ටෙනිස් ක්‍රීඩකයා බවට ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් පත්විය. ඕස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් මහා තරගය පැවැත්වුණේ රොජර් ෆෙඩරර් සහ ක්‍රොඒෂියාවේ මරීන් සිලික් අතරය. තරගය වට පහක් දක්වා ඇදී ගියේය. තියුණු තරගයකින් අනතුරුව වට තුනට දෙකක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට ෆෙඩරර් සමත් විය.

2018 - බොඖ (BOAO) ආසියා සංසදයේ සැසිය චීනයේදී

මෙය එළඹෙන අප්‍රේල් මාසයේ චීනයේ හැයිනන් පළාතේ පැවැත්වේ. අප්‍රේල් මස 8 වැනි දින සිට 11 වැනි දින දක්වා දින 4 ක් පැවැත්වෙන සැසියට දෙස් විදෙස් විවිධ කේෂ්ත්‍ර වල නියෝජිතයින් රැසක් සහභාගී වීමට නියමිතය. “විවෘත හා නිර්මාණශීලි ආසියාව - සමෘද්ධිමත් හා සංවර්ධන ලෝකය” මෙවර සැසියේ තේමාව ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට දෙන ලද ප්‍රතිඥාව ඉටු කිරීමට ශ්‍රී ලංකා රජය තවමත් අසමත්ව ඇති බව එක්සත් ජාතීනගේ මානව හිමිකම් සංවිධානය සඳහන් කරයි. ජිනීවා නගරයේදී 29 වැනි දින වාර්තාවක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

වෙනිසියුලානු ජනාධිපතිවරණය නියමිත කාලයට පෙර

අප්‍රේල් මාසය අවසන් වීමට පෙර එරට ජනාධිපතිවරණය පැවැත්වීමට වෙනිසියුලාව සූදානම් වේ. තවත් වසර 06 ක් සඳහා බලය ලබා ගැනීමට තමා සූදානම් බව, එරට ජනාධිපති “නිකොලස් මදුරෝ” සිය ආධාරකරුවන් සහභාගි වූ රැස්වීමකදී සඳහන් කර තිබේ. එය නිවැරදි තීරණයක් වන අතර අධිරාජ්‍යවාදය හා දක්ෂිණාංශික පක්ෂ විසින් රටේ ආර්ථිකය පහළ දමන්නට සූදානම් වන අවස්ථාවක ඉතා වැදගත් කාරණයක් වන බව ද මදුරෝ වැඩිදුරටත් සඳහන් කර තිබේ.


ගවයින්ගේ චිත්‍ර ඇඳීමේ කලාව

ගවයින් කාලාත්මක ලෙස වර්ණ ගැන්වීමේ කලාවක් පිළිබඳ මේ පුවත අහන්නට දිකින්නට ලැබුණේ චීනයේ Yunnan පළාතේ Jiangcheng කෝරළයෙනි. මෙය උත්සවයකි. ඒ 5 වැනි චීන - ලාඕස් - වියට්නාම් ගවයින් වර්ණ ගැන්වීමේ උත්සවයය. මෙම රටවල විවිධ සාම්ප්‍රධායක ලක්ෂණ වලට අනුව විශේෂ වර්ණවත්, සිත්කළු සිතුවම් ගවයින්ගේ ඇඳ තිබීම විශේෂත්වයකි.

නිරායුධකරන සමුළුවෙහි සභාපතීත්වය යළිත් වරක් ශ්‍රී ලංකාවට

ජිනීවාහි නිරායුධකරන සමුළුවෙහි 2018 වසරෙහි සභාපතිධූරයට ශ්‍රී ලංකාව තේරී පත් වේ. මෙම තනතුරෙහි කටයුතු ආරම්භ කරමින් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා සදහන් කර සිටියේ ශ්‍රී ලංකාව මෙම සමුළුවෙහි සභාපතීත්වයට පත්වන්නේ එය හමුවේ තීරණාත්මක අභියෝග රැසක් පවත්නා වකවානුවක බවය.

2018 පළමු චන්ද්‍ර ග්‍රහණය

“සුපිරි නීල සඳක්” සහ “පූර්ණ ලෝහිත චන්ද්‍ර ග්‍රහණයක්” එකවර දැකගැනීමේ අවස්ථාව 31 දාට උදාවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසා ඇත. මීට පෙර මෙවැන්නක් සිදුව ඇත්තේ 1866 වසරේදීය. මෙම අවස්ථාව උදාවන්නේ වසර 152 කට පසුවය.

2018 IPL සඳහා ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක් තේරෙයි

2018 වසරේ IPL ක්‍රිකට් තරඟාවලිය සදහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකුට අවස්ථාව උදාවී ඇත. IPL ක්‍රීඩක වෙන්දේසිය පසුගිය 27 වැනි දින සහ 28 පැවැත්වුණි. මෙහිදි අකිල ධනංජය මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමටත්, දුෂ්මන්ත චමීර රාජස්ථාන් රෝයල් කණ්ඩායමටත් තෝරාගෙන ඇත.

මූල්‍ය විශුද්ධිකරණ අවදානම ඉහළ රටවල් අතරට ලංකාවත්

ශ්‍රී ලංකාව මූල්‍ය විශුද්ධිකරණ අවදානම ඉහළ රටක් ලෙස අන්තර් රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරීත්ව කාර්ය සාධක බලකාය විසින් නම් කර ඇත. දේශසීමා හරහා සිදුවන මූල්‍ය විශුද්ධිකරණය මෙන්ම ත්‍රස්තවාදී මූල්‍ය කටයුතු වලින් ජාත්‍යාන්තර මූල්‍ය පද්ධතියට එල්ලවන තර්ජන පිටු දැකීම එම සංවිධානයේ අරමුණවේ. එමගින් සිදුකරන නිරීක්ෂණයන් අනුව වාර්ෂිකව නිර්දේශ ඉදිරිපත් කෙරේ.

අමෙරිකාවේ සාම සැළසුම සිරියානු රජය ප්‍රතික්ෂේප කෙරේ

අමෙරිකාව සමග රටවල් 5 ක් ඉදිරිපත් කළ සිරියානු ගැටළුව විසදීමේ සැළසුම සිරියානු රජය ප්‍රතික්ෂේප කර තිබේ. ඔස්ට්‍රියාවේ වියානාහි පැවති සිරියානු ගැටලුව පිළිබඳ නව සංවාදයේදී සිරියානු රාජ්‍ය නියෝජිත කණ්ඩායමේ නායක, එක්සත් ජාතින්ගේ ස්ථාවර නියෝජිත Bashar al - Jaafari මහතා අමෙරිකාව ඉදිරිපත් කළ සැළැස්ම ප්‍රතික්ෂේප කර ඇත. මීට පෙර අමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, සෞදි අරාබිය සහ ජෝර්දානය එක්සත් ජාතින්ගේ මහ ලේකම්වරයාගේ විශේෂ දූතයෙක් වෙත ලියවිල්ලක් ඉදිරිපත් කර තිබිණ. සිරියාවේ දේශපාලන ක්‍රියාවලිය ප්‍රතිසංස්කරණය කරමින් විවෘත හා නිදහස් මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ විස්තරාත්මක සැළස්මක් මෙවර සංවාදයට ඉදිරිපත් කරන බව සදහන් කරමිනි. සිරියානු රජය හා ජනතාව එම ලියවිල්ල කිසිසේත්ම පිළි නොගන්නා බව Bashar al-Jaafari මහතා නිවේදනයක් නිකුත් කරමින් පසුව සදහන් කර ඇත. නමුත් ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ රුසියාව, තූර්කිය සහ ඉරානය ඉදිරිපත් කළ සිරියානු ජාතික සංවාදයට සහභාගි වීමට සිරියානු රජය එකඟ ව ඇති බවය. සිරියානු Kurd ජාතිකයින්ගේ නියෝජිතවරුන් 29 වැනි දින සහ 30 වැනි දින රුසියාවේ සෝචීහිදී ඒ පිළිබද සංවාදයට එක්වූ බව, රුසියානු විදේශ අමාත්‍යාංශය සදහන් කර ඇත.

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

ඩකාහිදී පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ලකුණු 79 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශයට පන්දුවාර 41 යි පන්දු 01 ක් අවසානයේ ලබාගැනීමට හැකිවුයේ ලකුණු 142 ක් පමණි. මුශ්ෆිකර් රහීම් ලකුණු 22 ත් සහ මහමුදුල්ලා 76 ක් ලබාගත් අතර පන්දු යැවීමේදී අකිල ධනංජය සහ දුෂ්මන්ත චමීර කඩුලු 02 බැගින් බිඳහෙලීය.

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ඉඩ ඇති බවට මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්

අගමැතිතුමා විසින් ලබන මස 08 වැනි දින පාර්ලිමේන්තුව කැඳවුවහොත්, පළාත් පාලන මැතිවරණය බොහෝ දුරට කල් දැමීමට සිදුවනු ඇති බව, මැතිවරණ කොමිසම පවසයි. මැතිවරණ ප්‍රචාරන කටයුතු සිදුකිරීම තහනම් කාල සීමාවේ පාර්ලිමේන්තුව කැඳවුවහොත් පළාත් පාලන මැතිවරණය කල් දැමෙන බවත් පෙබරවාරි 12 වැනි දින හෝ ඊට පසු දිනක මැතිවරණය පැවැත්වීම කෙරෙහි මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබෙන බව, කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා පවසා ඇත.

මේ දිනවල 70 වැනි ජාතික නිදහස් දින පෙරහුරු පැවැත්වේ

ඒ කොළඹ - ගාලුමුවදොර පිටිය ආශ්‍රිතවය. ඒ නිසා විශේෂ රථ වාහන සැළැස්මක් ද ක්‍රියාත්මක වේ. 70 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් පෙබරවාරි 1 වැනි දා සිට 7 වැනිදා දක්වා සෑම කාර්යාලයකම, නිවසකම, සියලුම ව්‍යාපාරික ස්ථානයන්හී ජාතික ධජය ඔසවන ලෙස ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ජනතාවට දැනුම් දී ඇත.

පළමු වරට සන්නිවේදන චන්ද්‍රිකා දෙකක් අභ්‍යාවකාශගත කෙරේ

සන්නිවේදන චන්ද්‍රිකා දෙකක් අභ්‍යාවකාශගත කිරීමට සැළසුම් කර තිබේ. ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය සදහන් කළේ ලබන වසරේදී ජපානයේ කියුටෙක් ආයතනයේ සහාය ඇතිව එක් නැනෝ චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කරන බවය. අනෙක් චන්ද්‍රිකාව වසර 2020 දී රුසියාවේ සහාය ඇතිව අභ්‍යාවකාශගත කෙරේ.

2018 ලෝක පාපන්දු කුසලානය ජනපතිට පිළිගැන්වේ

ලබන ජූනි මාසයේදී රුසියාවේ මොස්කව් නුවර පැවැත්වෙන 2018 ලෝක පාපන්දු ශූරතා තරගාවලියේ කුසලානය පසුගිය 24 වැනි දින ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය. ලොව පුරා මහද්වීප 6ක් ඔස්සේ රටවල් 54 ක මහජන ප්‍රදර්ශණය සඳහා රැගෙන යන චාරිකාව් පළමු ගමනාන්තය ලෙස කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන එම විශේෂත්වයකි.

කඩවුණු පොරොන්දුවට 71 යි

ප්‍රථම සිංහල චිත්‍රපටය වූ “කඩවුණු පොරොන්දුව” ට වසර 71 ක් සපිරේ. මුල්ම සිංහල කථානාද චිත්‍රපටය වූ “කඩවුණු පොරොන්දුව” චිත්‍ර කලා මුවිටෝන් නම් සමාගම වෙනුවෙන් නිෂ්පාදනය කළේ එස්. එම්. නායගම් මහතාය. ඒ අවුරුදු 71 කට පෙරදීය. වසර 1947 ජනවාරි 21 වැනි දිනය.

Monday, January 29, 2018

ශීත ඔලිම්පික් උළෙලට තව ඇත්තේ සති දෙකයි

මෙවර ශීත ඍතු ඔලිම්පික් උළෙල පැවැත් වෙන්නේ දකුණු කොරියාවේ පියෙංන්චා (Pyeongchang) හී දීය. ලබන පෙබරවාරි මස 9 වැනි දින සිට 25 වැනි දින දක්වා එහි තරඟ පැවැත්වේ. මේ අතර ශීත ඍතු පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙල මාර්තු මස 9 වැනි දින සිට 18 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතය. රටවල් 100 ක් පමණ නියෝජනයෙන් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 50,000 කට අධික සංඛ්‍යාවක් මේ සඳහා සහභාගී වේ.

ජනාධිපතිවරණයට තරඟ වදින්නේ ද යන්න තමා තීරණය කර නොමැති බව ජනපති පවසයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ තමා බලයට පත් වූයේ දුෂණයෙන් තොර රාජ්‍ය පාලනයක් රට තුළ ස්ථාපිත කිරීමට බවය. (26) වැනි දින මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ පුවත්පත් කර්තෘවරුන් සමඟ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමට ඉදිරිපත් වූ සාක්ෂි නීතිපතිවරයා වෙත

බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමට ඉදිරිපත් වූ ලේඛන, සාක්ෂි සටහන් සහ භාණ්ඩ අද දිනය තුළ තමන් වෙත ලැබීමට නියමිත බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ මේ සඳහා සිව් පුද්ගල විශේෂ කමිටුවක් ද පත් කර ඇති බවය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයෙක්, රජයේ ජේෂ්ඨ නීතිඥයෙකු සහ රජයේ නීතිඥවරුන් දෙදෙනෙකුගෙන් එම කමිටුව සමන්විත වේ.

කාබුල් ප්‍රහාරය ජගත් මහලේකම්වරයා හෙළා දකී

පුද්ගලයින් 95 දෙනෙකුට මරු කැඳවමින් ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය එක්සත් ජාතින්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා හෙළා දකියි. ජගත් මහලේකම්වරයා වෙනුවෙන් ඔහුගේ ප්‍රකාශක Stephane Dujarric මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ, ජාත්‍යන්තර මානුෂීය නීතිය හා මානව හිමිකම් උල්ලංඝනය කරමින් සිවිල් වැසියන්ට එල්ල කරන මෙවැනි ප්‍රහාර කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බවය.

ලාංකිකයින් 15,400 කට අධික පිරිසක් කුවේට්හී නීති විරෝධීව රැඳී සිටින බවට අනාවරණය වේ

පුද්ගලයින් 15,447ට ආසන්න ශ්‍රී ලාංකිකයින් පිරිසක් මේ වනවිට කුවේට්හි නීති විරෝධීව රැඳී සිටින බව, විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය සදහන් කළේ වීසා නීති උල්ලංඝණය කරමින් එලෙස කුවේටයේ රැඳී සිටින පුද්ගලයින් වෙනුවෙන් කුවේට් රජය පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බවය.

අමෙරිකානු ජනාධිපති ලෝක ආර්ථික සමුළුව අමතයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් (26) ඩාවොස් ලෝක ආර්ථික සංසදයේ දී දේශනයක් කරමින් අමෙරිකානු අභ්‍යන්තර ප්‍රතිපත්ති පිළිබඳව විස්තර කර අමෙරිකාවේ ආයෝජනය කරන ලෙස ඉල්ලීමක් කළේය. නිදහස් හා විවෘත වෙළඳාම අමෙරිකාව අනුබල දෙන බවත් එම වෙළෙඳාම සාධාරණ හා අනෝන්‍ය යහපත සදහා වන බවත්, හෙතෙම එහිදී සඳහන් කළේ ය.

නව චීන තානාපති හා කතානායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නව චීන තානාපති චංග් ක්ෂූවේයුවාන් (Cheng Xueyuan) මහතා කතානායක කරු ජයසුරිය මහතා හමු වේ. මෙම හමුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී සිදුවිය. සමීප මිතුරෙකු ලෙස චීනය දිගුකලක් පුරා ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය පිළිබදව එහිදී කතානායකවරයා සිය පැසසුම් එක් කළේය.

තැපැල් ඡන්දයට අතිරේක දින 2ක්

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අතිරේක දින 2ක් වෙන් කළ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සදහන් කර ඇත. අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ ලබන 1 වැනි දා සහ 2 වැනි දා ඒ වෙනුවෙන් වෙන් කර ඇති බවය. පසුගියදා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට එම අවස්ථාව හිමිවනු ඇති.

ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර අවබෝධතා ගිවිසුම් 3 ක්

ශ්‍රී ලංකා - ඉන්දුනීසියා රාජ්‍ය නායකයින් හමුවෙති. ඉන්දුනීසියානු ජනාධිපතිවරයා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිල හමුව ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. වෛද්‍ය උපකරණ නිෂ්පාදනය, දුම්රිය කේෂ්ත්‍රයේ සංවර්ධන සහ අධ්‍යාපන කේෂ්ත්‍රයේ ප්‍රවර්ධනය සදහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබාදීමට සූදානම් බව, එහිදී ඉන්දුනීසියානු ජනාධිපතිවරයා පවසා ඇත.

රටේ ආර්ථික නැංවීමට යටිතල පහසුකම් සංවර්ධනය අත්‍යාවශයයි - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා

අග්‍රාමාත්‍යවරයා පවසන පදිරි විදෙස් ආයෝජිකයින් මෙරටට ගෙන්වා ගැනීමට නම් රට තුළ යටිතල පහසුකම්  සංවර්ධනය කළ යුතු බවය. මේ අතර මෙම වසරේ වන්නි හත්පත්තු සංවර්ධන සැලැස්ම ආරම්භ කෙරේ. සිංහරාජ අඩවිය සංවර්ධන සැලැස්ම ද ක්‍රියාත්මක වන බව අග්‍රාමාත්‍යවරයා සදහන් කර සිටී. වන්නි හත්පත්තු සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක වන්නේ, වයඹ සංවර්ධන අමාත්‍යාංශය යටතේය.

ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා

ශ්‍රී ලංකාවේ නව චීන තානාපති Cheng Xue yuan මහතා  ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත්රය භාර දෙයි.  මීට අමතරව සුඩානය, වියට්නාමය, මියන්මාරය, කොරියාවේ  නව තානාපතිවරුද සිය අක්ත පත්ර භාර දුන්හ. විදේශ කටයුතු අමාත්ය තිලක් මාරපන, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්රනාන්දු යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ළමා අපයෝජන අවම කිරීමට ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුමට

ළමා අපයෝජන අවම කිරීමට ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුමට ලක්වෙයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතීඥ මරිනිද ලිවේරා මහත්මිය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුව හමුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දක්වමින් මේ බව සදහන් කර ඇත. වීදි දරුවන් වෙනුවෙන් රට තුළ ක්‍රියාත්මක වැඩපිළිවෙළ, වින්දිත ළමුන් තාවකාලිකව රඳවා තබාගැනීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ආරම්භ කර ඇති සුරැකි පියසේ ක්‍රියාකාරීත්වය ද මෙහිදී ඇගයීමට ලක් විය.

ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබේ

ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊට අත්සන් කෙරිණ. එමගින් දෙරට අතර වෙළෙඳාම වර්ධනය වනු ඇති අතර ඇතැම් තෝරා ගත් භාණ්ඩ හා සේවා සදහා තීරු බදු නිදහස් කෙරේ.