Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 31, 2018

සඳ මත ඇවිද ගිය සිව්වන මිනිසා සමුගනී

ඇපලෝ - 12 යානයෙන් චන්ද්‍ර ගවේෂණයේ යෙදුණු, සඳ මත ඇවිද ගිය සිව්වන මිනිසා වන ඇමරිකානු ගගනගාමී ඇලන් බීන් වයස අවුරුදු 86 ක්ව සිටියදී ටෙක්සාස් හිදී ඊයේ අභාවප්‍රාප්ත විය.

වසංගත රෝග ව්‍යාප්තවීමේ අවදානමක්

ගංවතුර තත්ත්වයෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශවල වසංගත රෝග ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

නිත්‍ය කාණ්ඩයේ නව මුද්දර තුනක්

ශ්‍රී ලංකාවේ වන වන සතුන් තිදෙනෙක් වන වලි කුකුළා, දඬු ලේනා හා ශ්‍රී ලංකා බර්ඞ්විංග් සමනලයාගේ රුව සහිත නිත්‍ය කාණ්ඩයේ මුද්දර තුනක් පසුගියදා නිකුත් කෙරිණ.

ලොව ඉපැරණි වයින් බෝතලෙත් වෙන්දේසි වේ

ලොව දැනට ඉතිරිව ඇති පැරණිම වයින් බෝතල් කිහිපයක් පසුගිය සෙනසුරාදා වෙන්දේසී කෙරිණ.

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය සභාපති ධූරයට පත් වේ

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය සභාපති ධූරයට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා 28 වැනි දින නිතරගයෙන් තේරී පත් විය. ඒ වසරක කාලයක් සදහාය.

ජාතික නාමල් උයන මතු පරම්පරාවට උරුම කරදීමට මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරාදීමට යයි

ජාතික,ආගමික හා භූගෝලීය වශයෙන් කීර්තියට පත් රෝස තිරුවානා කන්දේ පිහිටි නාමල් උයන අනාගත පරපුරට සුරක්ෂිත කොට දැකබලා ගැනීමටත්,

ඉතාලි ජනපතිට දෝෂාභියෝගයක්

ඉතාලි දේශපාලනය තුළ ආන්දෝලනයක් ඇති කරමින් එරට ජනපතිවරයාට දෝෂාභියෝගයක් එල්ලවීමේ අවදානමක් මතුව තිබේ.

ඉරානයට දැමූ සම්බාධක අහිතකරයි

ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඉරානයට අලුතින් පනවා ඇති සම්බාධක ඉතා හානිකර බවත්, එයින් බරපතල ප්‍රතිවිපාක අත්විය හැකි බවත්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පෙන්වා දේ.

Wednesday, May 30, 2018

ආපදා තත්ත්වයෙන් අවතැන්වූ පුද්ගලයින් සංඛාව 75,000 ඉක්මවයි

දිස්ත්‍රික්ක 20කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව 75,000 ඉක්මවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Tuesday, May 29, 2018

ඇමෙරිකාවේ ප්‍රන්ත 3 කට හදිසි තත්ත්වයක්

සුළි කුණාටු අවදානමක් හේතුවෙන් අමෙරිකාවේ ප්‍රන්ත තුනකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. “ඇල්බර්ටෝ” සුළි කුණාටුවේ අවදානම හේතුවෙන් ෆ්ලෝරිඩා, මිසිසිපි සහ ඇලබාමා යන ප්‍රන්තවලට මෙම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගංවතුරින් පාසැල් පෙළපොත් විනාශ වූ සියලු දරුවන්ට අලුත් පෙළ පොත්

ගංවතුරින් පාසැල් පෙළපොත් විනාශ වූ සියලූ පාසැල් දරුවන්ට නැවතත් පෙළ පොත් ලබාදීමට තමන් උපදෙස් දුන් බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මහනුවර නිවාස 546 කින් යුත් මහල් නිවාස යෝජනා ක්‍රමය 29 වැනි දින ඇරඹේ

රජයේ නිලධාරීන්ට සහනදායි ක්‍රමයක් මත නිවාස ලබාදීම සඳහා වත්මන් රජය මඟින් ගෙන යන වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ සේවකයන් වෙනුවෙන් ඉදි කරන නිල සෙවන නිවාස යෝජනා ක්‍රමයේ ආරම්භක අවස්ථාව 29 වැනි දින ඇරඹේ.

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 20කට බලපෑම් - 23ක් මරුට

දිවයිනේ දිස්ත්‍රික්ක20කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ අනතුරු වලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 23 දක්වා ඉහළ යයි.

Monday, May 28, 2018

ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සංවිධානයේ වෙළඳාම පිලිබඳ සමුළුව පැපුවා නිව්ගිනියාවේදී

2018 ආසියා පැසිෆික් ආර්ථික සහයෝගිතා සංවිධානයේ වෙළඳාම සම්බන්ධ උසස් පෙළේ නිලධාරීන්ගේ සමුළුව පැවැත්වෙයි. ඒ පැපුවා නිව්ගිනියාවේ පොට් මොරෙස්බි අගනුවරදී.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව ගෝලීය සෞඛ්‍ය සේවා ඉලක්ක

ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරි වසර 5 සඳහා වන ගෝලීය සෞඛ්‍ය සේවා ඉලක්ක ප්‍රකාශයට පත් කරයි. “බිලියන 3ක්” නමැති වසර 2019 - 2023 ක්‍රියාමාර්ග සැලැස්ම සම්මත කර 71 වැනි ලෝක සෞඛ්‍ය සම්මේලනය 26 වැනි දින ජිනිවාහිදී අවසන් විය.

දකුණේ වෛරස් උණ අනෙක් පළාත් වලට ද පැතිර යාමේ අවදානමක්

දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගය අනෙකුත් පළාත් වලට ද පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

ඩොලර් මිලියන 539 ක් “Samsung” සමාගමට “Apple” සමාගමට ගෙවීමට සිදුවේ

iPhone ජංගම දුරකතනයේ මුල් පිටපතෙහි ඇතුළත් අංග අනුකරණය කිරීමේ චෝදනාව මත “ඇපල්” සමාගමට ඩොලර් මිලියන 539ක වන්දියක් ගෙවන ලෙස ඇමරිකානු අධිකරණයක් දකුණු කොරියාවේ “සැම්සුන්’’ සමාගමට නියෝග කර තිබේ.

20 - සංශෝධනයෙන් පසු ජනපති නාම මාත්‍රික නැහැ - ජවිපේ

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු පත්වන ජනාධිපතිවරයා නාම මාත්‍රික ජනාධිපතිවරයෙක් නොවන බව, ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

බුද්ධගයා ප්‍රහාරය පිළිබදව පැවති නඩු විභාගය අවසන්

2013 වසරේ බුද්ධගයාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දීය අධිකරණයක් විසින් පුද්ගලයින් 02 ක් වරදකරුවන් කෙරේ.

උතුරු නැගෙනහිර හෙද හිගයට විසදුමක්

උතුරු නැගෙනහිර රෝහල්වල පවතින හෙද හිගය විසදුමක් ලෙස උසස් පෙළ සමතුන් බදවා ගැනේ. ඒ සදහා උතුරු හා නැගෙනහිර පළාත්වල ඕනෑම විෂය ධාරාවකින් 2015 / 2016 / 2017 වසර වල උසස් පෙළ විභාගය සමත් පුද්ගලයන්ට ඒ සදහා ඉල්ලුම් කළ හැකියි.

විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගැනීම ලබන මස 5 සහ 6 දෙදින

2015 අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල මත 2017 වර්ෂය සඳහා දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක පාඨමාලා 27 ක් සඳහා ශික්ෂණලාභීන් 4746  දෙනෙකු බඳවා  ගැනීම  ලබන ජූනි මස 05 සහ 06  යන දෙදින තුළ සිදු කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

උතුරු - අමෙරිකා හමුව යළි පැවැත්වෙන ළකුණු

උතුරු කොරියා නායක කිම් ජොන් උන් ඇතුළු එරට රජයේ නියෝජිතයන් දිගින් දිගටම කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් අවලංගු කරන ලද “සාම සමුළුව” යළි පැවැත්වීමට තමන් කටයුතු කරනවා යැයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ කියා සිටියේය.

ඉරානයට එරෙහිව යුද ප්‍රකාශ කරන්න ට්‍රම්ප්ට බෑ - අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය

කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඉරානයට එරෙහිව යුද ප්‍රකාශ කිරීමට නොහැකි වන අයුරින්, ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට තහංචි පැනැවීමේ යෝජනාවක් සම්මත කර ගැනීමට ඇමරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පියවර ගෙන ඇත.

ඉස්ලාම් අන්තවාදීන් පරාජයට දිගටම සහහාය දෙනවා

ඉස්ලාමීය අන්තවාදීන් පරාජය කිරීම සඳහා සිරියා ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට දිගටම සහාය පළ කරන බව ඉරානය කියා සිටී. සිරියානු අර්බුදයට ඉරානය අංශ දෙකකින් සම්බන්ධ වී සිටී.

Sunday, May 27, 2018

ගෙබි කුමාරයාගේ සුන්දර ආදරේ

මේ ගෙබි කුමාරයා සහ සමනළී ගේ හමුව සිදු වුණේ ගහක අත්තකදී. හමුවී කුළුපග වූ ඔවුන් දුටු ඉන්දුනීසියානු කැමරා ශිල්පී Kurit Afsheen අපට රසවිදින්න මෙම ඡායාරූපය මාධ්‍යට නිදහස් කර තිබිණ.

ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක් නිෂ්පාදනය කෙරේ

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට්  විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.

2024 දී ජනපති ධූරයෙන් ඉවත් වන බව පුටින් පවසයි

රුසියානු ව්‍යවස්ථාවට ගෞරව කරමින් 2024 දී තම තනතුරෙන් ඉවත් වන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

නාස්ති කළොත් දඩුවම් දීමට සූදානම්

සෞදි අරාබියේ වාර්ෂිකව 90%ක ආහාර ප්‍රමාණයක් අපතේ යෑම සැළකිල්ලට ගනිමින් ආහාර නාස්තිය අපරාධයක් ලෙස සලකා නීති මඟින් කටයුතු කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම නිර්මාණය කර ගැනීම සඳහා යෝජනාවක් ෂූරා සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඇමරිකාව සිරියාවට නැවතත් අනතුරු අඟවයි

සටන් විරාමය උල්ලංඝණය කළහොත් ස්ථීර සහ නිසි පියවර ගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපදය සිරියාවට අනතුරු අඟවයි. සිරියාවේ නිරත දිග ප්‍රදේශ කිහිපයකට සටන් විරාම ප්‍රකාශයට පත්කර තිබේ.

ඊශ්‍රායල් හා පලස්තීන ගැටුම් උත්සන්න වෙයි-පලස්තීනුවන් 60ක් මිය ගොස් 100කට අධික පිරිසක් තුවාලයි

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුම් මේ දිනවල ජාත්‍යන්තර සිදුවීම් අතර වැඩිම අවධානයක් දිනාගත් සිදුවීමක් බවට පත්ව තිබේ.

ට්‍රම්ප් එනතුරු කිම් ජොං උන් තවමත් බලාපොරොත්තු සහගතව බලා සිටී

ඇමෙරිකා ජනාධිපති සමග ඕනෑම වේලාවක කුමන හෝ ස්ථානයක දී සාකච්ඡා කිරීමට සුදානම් බව  උතුරු කොරියා නායකයා පවසයි.

ජනපති ගුවන් යානයට ඇමරිකාවෙන් සම්බාධක

ඉරාන ජනාධිපති හසන් රොහානි ගමන්බිමන් සඳහා යොදා ගන්නා එරට ගුවන් සමාගමට ට්‍රම්ප් පරිපාලනය විසින් සම්බාධක පනවා ඇත.

උතුරු දකුණු කොරියානු දෙරට නායකයින් නැවත හමුවෙයි

උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් අතර හමුවක් පවත්වා තිබේ. දෙරටේ දේශ සීමාවේදී එම හමුව පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කටාර් රාජ්‍යයට බලපෑ “මේකුනු”

“මේකුනු” යන නමින් නම් ප්‍රචණ්ඩ සුළි කුණාටුව 25 වැනි දින කටාර් රාජ්‍යයට කඩා වැදුණි. කටාර් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ සුළි කුණාටුවෙන් කිසිදු බලපෑමක් තවමත් එල්ල වී නැති බවය.

නැවක ඉදි කළ ලොව පාවෙන පළමු න්‍යෂ්ටික බලාගාරය

මෙම න්‍යෂ්ටික බලාගාරය රුසියාවට අයත් වේ. “පාවන චර්නෝබිල්” සහ “න්‍යෂ්ටික ටයිටනික්” ආදී නම් වලින් හැඳින්වෙන මේ බලාගාරය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දෙකකින් සමන්විත ය.

ශ්‍රී ලංකාව ස්වාභාවික විපත් අධි අවදානම් සහිත රටවල් අතරින් 4 වන තැනට

ගෝලීය දේශගුණ අවදානම් දර්ශකය (Global Climate Risk Index) මගින් 2018 වසර සඳහා නිකුත් කොට ඇති වාර්තාව මගින් ශ්‍රී ලංකාව ස්වාභාවික විපත්වලින් අධි අවදානම් සහිත රටවල් අතරින් හතරවන ස්ථානයේ පසුවන බව පෙන්වා දී තිබේ.

අපදා තත්ත්වයෙන් පුද්ගලයින් 20 ක් මරුට

දිවයිනේ දිස්ත්‍රික්ක 19 කට බලපා ඇති ආපදා තත්වය හේතුවෙන් මේ වන විට පවුල් 40,017 කට අයත් පුද්ගලයින් එක්ලක්ෂ 53,712 දෙනෙකු පීඩාවට පත්ව සිටියි.

Saturday, May 26, 2018

හැරී - මේගන් මංගල්‍යයේ සුන්දර දසුන්

මහා බ්‍රිතාන්‍යයේ වින්ස්ඩෝර් මාලිගය සහ ශාන්ත ජෝර්ජ් දේවස්ථානය කේන්ද්‍රකොට ගනිමින් හැරී කුමරුන්ගේත් මේගන් මාකෙල්ගේත් රාජකීය විවාහ මංගල උත්සවය මහත් උත්කර්ශවත් අන්දමින් පැවැත්විණ.

ලොව ප්‍රකෝටිපතිවරුන්ගේ නම් ලයිස්තුවට චීනයේ වැඩි පිරිස

2018 Forbes සඟරාවේ ප්‍රකෝටිපතිවරුන්ගේ නම් ලැයිස්තුව පසුගිය දා නිකුත් කෙරිණ. ලෝකයේ ප්‍රකෝටිපතිවරුන් 2208 දෙනෙකුගේ නම් එහි සඳහන් වී තිබිණ.

සෙරීනාට ග්රෑන්ඩ් ස්ලෑම්ට නොහිතූ පසුබෑමක්

දරු ප්‍රසූතියෙන් මාස 8කට පසුව නැවත ග්රෑන්ඞ් ස්ලෑම් තරගබිමට පිවිසීමට සූදානම් වූ ඇමෙරිකානු සුපිරි ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස්ට තිබු සිහිනය එහෙම පිටින්ම බොඳ කර දමමින් 2018 ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ දොර ඇයට වසා දැමීමට සංවිධායකයෝ පියවර ගෙන ඇති පුවතක් වාර්තාවේ.

නක්බා දිනයට අවුරුදු 70 යි

නක්බා දිනය හෙවත් ඛේදවාචකයේ දිනයට වසර 70ක් සැපිරිණ. 1948 වසරේදී පලස්තීනය දෙකඩ කර ඊශ්‍රායලය පිහිටුවීම සහ පලස්තින ජාතිකයන් ලක්ෂ 07ක් ජෝර්දානය, සිරියාව, ඊජිප්තුව ආදි රටවලට පිටුවහල් කිරීම ඇතුලු කරුණු හේතුවෙන් මෙම නක්බා දිනය සමරනු ලබයි.

ලොව විශාලම සාප්පු සංකීර්ණය

ඕමානයේ ඉදිකරන විශාලම සාප්පු සංකීර්ණය 2020 වනවිට ඉදිකිරීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ.

මැලේසියා හිටපු අගමැතිවරයා දූෂණ විරෝධි කොමිසමට

මලයාසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් එරට දූෂණ විරෝධි කොමිසමේ මූලස්ථානයට කැදවයි.

නාසා හී Space X Falcon

මේ නාසා ආයතනය කක්ෂගත කළ නවතම රොකට්ටුව. Space X Falcon 9 ලෙස නම් කර ඇත.

ඉරානයෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීමක්

තම රටට එරෙහිව ආක්‍රමණික සටනක් ආරම්භ කළහොත් ඇමරිකාව බැරෑරුම් ප්‍රතිඵලයකට මුහුණ දෙනු ඇතැයි, ඉරානය අනතුරු අඟවයි.

චීනය අධිවේගී චුම්භක දුම්රියක් නිර්මාණය කරයි

චීනය නිර්මාණය කළ නව අධිවේගී චුම්භක දුම්රියේ අත්හදා බැලීම් සාර්ථක වී තිබේ. මෙහි වේගය පැයකට කිලෝමීටර් 160කි.

ලොව කුඩාම මුවා

මේ ලොව හුමවී ඇති කුඩාම මුවා වන pudu. දකුණු ඇමරිකානු මහද්වීපයේ Andes කඳුකරයේ ජීවත්වන මේ pudu ගේ උස සෙන්ටිමීටර් 35ක්.

චීන විදාඥයින්ගේ අපූරු සොයා ගැනීමක්

මේ චීනය විසින් නිර්මාණය කළ නවතම රේඩියෝ සංඛ්‍යාත චිපයක්. චීනය දියත් කල Beidou-3 චන්ද්‍රිකා වැඩසටහන සඳහා භාවිත කළ හැකි මෙම චිපයෙන් එම චන්ද්‍රිකාව හා සන්නිවේදන අවකාෂය පුළුල් කරයි.

විවිධ ශාඛ හා සතුන් වෙසෙන ස්වභාවික කුහරයක්

මේ විශාල භූ කුහරයේ ගැඹුර මීටර් 290කි. චීනයේ හූ බේ පළාතේ Xuan'en කෝරළයේ ඇති ස්වභාවික විශේෂ කාර්ස්ට් භූ දර්ශනය හා එහි තෙතමනය සහිත දේශගුණ ලක්ෂණය නිසා මෙම කුහරය නිර්මාණය වී ඇත.

චීන විදේශ ඇමතිවරයා හා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අතර හමුවක් වොෂින්ටනයේදී

චීන විදේශ ඇමතිවරයා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා හමු වෙයි. චීන විදේශ ඇමති වං යී මහතා සිය ආර්ජන්ටිනා සංචාරය අවසන් කර චීනය කරා ආපසු එන අතරමගදී වොෂින්ටනයේදී ඇමරිකානු රාජ්‍ය ලේකම් Mike Pompeo මහතා හමු විය.