Social Icons

facebookrss feedemailtwitter

Sunday, December 9, 2018

ඉන්ටර්පොල් නව සභාපති දකුණු කොරියාවෙන්

ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පෝල් ආයතනයේ නව සභාපතිවරයා ලෙස දකුණු කොරියානු ජාතික කිම් ජොං යැන් පත් කෙරේ.

ඒ සභාපති ධුරයට ඉදිරිපත් වූ රුසියානු ජාතික අපේක්ෂකයා පරාජයට පත් කරමිනි. රටවල් 194 ක් සාමාජිකත්වය දරන ජාත්‍යන්තර පොලිසියේ නව සභාපතිවරයා තෝරා ගැනීම ඩුබායි හිදී පැවති වාර්ෂික සම්මේලනයේදී සිදුකර තිබේ. ඒ අනුව දකුණු කොරියානු ජාතික කිම් ජොං යැන් ඉන්ටර්පෝල් ආයතනයේ සභාපතිවරයා ලෙස 2020 වසර දක්වා කටයුතු කරනු ඇති. ඔහු දකුණු කොරියාවේ හිටපු පොලිස් ප්‍රධානියෙකු වන අතර ඉන්ටර්පෝල් ආයතනයේ වැඩබලන සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.