Social Icons

facebookrss feedemailtwitter

Tuesday, November 13, 2018

මාධ්‍යවේදී ඝාතනය සම්බන්ධ හඬපට සෞදි අරාබියට

මාධ්‍යවේදී ජමල් කෂෝගී ඝාතනය සම්බන්ධ හඬපට සෞදි අරාබියට ලබාදී ඇති බව තුර්කිය පවසා ඇත. ඊට අමතරව එම හඬපට අමරිකාව, බ්‍රිතාන්‍යය සහ තවත් රටවල් කිහිපයකට ද ලබාදී තිබෙන බව විදෙස්මාධ්‍ය සඳහන් කලේය.

තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩොගන් යලිත් ප්‍රකාශ කර ඇත්තේ කෂෝගීගේ ඝාතනය සෞදි අරාබියේ අනුදැනුම මත සිදු වූවක් බවයි. මේ අතර, කෂෝගිගේ සිරුර ඇසිඩ්වල දියකළ බව හෙළිවේ.


තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළදී මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ සිරුර ප්‍රබල අම්ලයක දියකොට අපවහන මාර්ගයෙන් ඉවතට ගලා යෑමට සලස්වා ඇති බව හෙළි වී තිබේ. තුර්කි පුවත්පතක් වාර්තා කළ පරිදි ඉස්ථාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේ කාණු පද්ධතියේ එහි සලකුණු හමු වී ඇති බව සඳහන්. සෞදි අරාබියේ මොහොමඩ් බින් සල්මාන් කුමරු දැඩි ලෙස විවේචනය කරමින් ඇමරිකාවේ වාසය කළ ජමාල් කෂෝගි පසුගිය ඔක්තෝම්බර් 02 වැනිදා තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය වෙත පැමිණියේ සිය සෞදි බිරිඳගෙන් වෙන්වීමේ ලියකියවිලි ලබා ගැනීම සදහාය. එහිදී ඔහු ඝාතනයට ලක් වූ බව සෞදි අරාබියද පසුව පිළිගනු ලැබීය.