Social Icons

facebookrss feedemailtwitter

Friday, September 28, 2018

චීනය වෙබ් අඩවි 4000 කට තිත තියයි

චීනය විසින් රට තුළ ක්‍රියාත්මක වෙබ් අඩවි 4000 ක් වසා දැමීමට තීරණය කර ඇත.

රුපියල ස්ථාවර වෙයි

රුපිය‍ලේ අගය අවප්‍රමාණය වීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් මිලියන 60 ක් වෙළෙඳ ‍පොළට නිකුත් කර තිබේ.

Wednesday, September 26, 2018

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 480ක ආධාරයක්

එක්සත් ජනපද රජයට අයත් සහශ්‍ර අභියෝගතා සංස්ථාව ශ්‍රී ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 480 ක එනම් රුපියල් කෝටි 8,000 කට අධික සංවර්ධන ආධාරයක් සැපයීමට සූදානම් බව එම සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරි Brock Bierman මහතා පවසයි.

ඉරානය සිය යුද ශක්තිය පෙන්වයි

ඉරාන ගුවන් සහ පාබල හමුදාව එක්ව මුලෝපායික වශයෙන් වැදගත් යුධ අභ්‍යාසයක් හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදි පවත්වා ඇති බව වාර්තා වේ. “ශක්තිය ප්‍රදර්ශනය’’ යනුවෙන් යුධ අභ්‍යාසය නම් කර ඇත.

බෙලිහුල්ඔය සිට ලෝකාන්තයට කේබල් කාර් ව්‍යාපෘතියක්

සමනලවැව ජලාශය ආසන්නයේ බෙලිහුල්ඔය සිට ලෝකාන්තය දක්වා කේබල් කාර් සේවයක් ඩුබායි රජයේ ආධාර ඇති නුදුරු කාලය තුළ අරඹන බව සබරගමු පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පවසයි.

රුසියාව සිරියාවට මිසයිල පද්ධතියක් ලබා දේ

සිරියාවට එස් - 300 ගුවන් යානා නාශක මිසයිල ලබා දීමට රුසියාව තීරණය කර ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ, සිරියාවේ දී ඊශ්‍රායල ප්‍රහාරක යානාවලට එල්ල කළ ප්‍රහාරයකින් රුසියානු ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පසුවයි.

වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය ක්‍රොඒෂියාවේ ලුකා මොඩ්රිච්ට

ලෝක පාපන්දු අනුශුරතාව හිමිකරගත් ක්‍රොඒෂියා කණ්ඩායමේ නායක ලූකා මොඩ්රිච් 2018 වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දින ගනී.

Tuesday, September 25, 2018

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ලංකාව අවදානම් තත්වයක

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම යන කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවදානම් තත්වයක පසු වන බව ඇමෙරිකා එක්සත් ජනපදය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

රුපියල කඩා වැටීමෙන් වාහන මිලත් ඉහළට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපිය‍ලේ අගය අව ප්‍රමාණය වීමත් සමග වාහන මිල අවම වශයෙන් රුපියල් ලක්ෂ 3කින් පමණ ඉහළ යනු ඇති බව පැවසේ.

දකුණු කොරියා ජනපති අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවති නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ දකුණු කෙරියා ජනපති මුන් ජේ - ඉන් ( Moon Jae - in) මහතා හමු විය.

එක්සත් ජාතීන්ගේ මහ සැසිවාරය අද ( 25)

“එක්සත් ජාතීන් සියලුම ජනතාවට සමීප කරවීම හා සාධාරණ, සාමකාමී සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම” යන්න තේමාව කරගත් මෙම ප්‍රධාන සැසිවාරය සඳහා ලෝකයේ රටවල් 193ක රාජ්‍ය නායකයින් සහභාගී වන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වෙයි.

මාලදිවයින් මැතිවරණයේ ජය ඊබ්‍ර්හිම් මොහොමඩ් දිනාගනී

මාලදිවයින් ජනාධිතිවරණයේ ඡන්ද ප්‍රතිඵල අනුව තමන් ජයග්‍රහණය කල බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂිඩ් පවසයි.

රුපියල පාලනය කිරීමට මහ බැංකුවේ ඉහළ ක්‍රියාමාර්ග

ශ්‍රී ලංකා රුපියලේ අගය සීමාව ඉක්මවින් අඩු වැඩි වීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ත්‍රීවීල් මීටරය අනිවාර්යයි

මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා මීටරයක් අනිවාර්ය කිරීමේ නීතිය නැවත බලාත්මක කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව තීරණය කරයි.

සයිටම් සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

සයිටම් වෛද්‍ය සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දෙන ලෙස අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව, ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථිර කර ඇත.

ආසියානු වොලිබෝල් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට තෙවැනි තැන

ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාව තුන්වැනි ස්ථානය හිමි කරගනී.

ඇමරිකාවෙන් රුසියාවට සම්බාධක

චීන හමුදාවට රුසියානු ජෙට් යානා සහ මිසයිල මිලදී ගැනිම සම්බන්ධයෙන් ඇමරිකාව විසින් සම්බාධක පනවා තිබේ.

2032 ඔලිම්පික් සත්කාරකත්වය උතුරු - දකුණු කොරියානු නායකයින් එක්ව ඉල්ලයි

උතුරු - දකුණු කොරියානු රාජ්‍යයන් එක්ව 2032 වසරේ ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ලබාගැනීම සඳහා ඉල්ලූම් කිරීමට දෙරටේ නායකයන් එකඟවේ.

වියට්නාම ජනාධිපති මිය යයි

වියට්නාම ජනාධිපති ට්‍රෑන්ඩ් ඩයි ක්වෑන්ග් මහතා පසුගිය 21 වැනි දින ජීවිතක්ෂයට පත්ව තිබේ.

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කෙරේ

බෞද්ධ දර්ශනයේ මූලික කරුණු ඇතුළත් ලොව ඇති ආගමික ග්‍රන්ථ අතර ප්‍රධානම ස්ථානයක් ගන්නා ශ්‍රී ලංකාවේ ථෙරවාදී බෞද්ධ ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කරයි.

Friday, September 21, 2018

ලොව දරුවන් 5 කුගෙන් 1 අයෙක් අධ්‍යාපනය නොලබයි

ලොව දරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු පාසල් අධ්‍යාපනය නොලබන බව යුනිසෙෆ් සංවිධානය පවසයි. ඒ අනුව ලොව පුරා අවුරුදු 05ත් 17ත් අතර වයසේ පසුවන දරුවන් මිලියන 303ක පමණ පිරිසක් පාසල් අධ්‍යාපනය නොලබන බව යුනිසෙෆ් සංවිධානය සදහන් කර සිටී.

හිටපු අගමැති නජීබ් රාසක් අත්අඩංගුවට

රජයට අයත් ආයෝජන අරමුදලක තිබිය යුතු එක්සත් ජනපද ඩොලර් මිලියන 628ක මුදලක් තම පෞද්ගලික ගිණුමේ තිබීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රාසක් අත්අඩංගුවට පත්විය.

මර්ජුවානා දකුණූ අප්‍රිකාවේ නීත්‍යානුකූල වේ

නීති විරෝධී මත්ද්‍රව්‍යයක් වන මර්ජුවානා නීත්‍යානුකූල කිරීමට දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාධිකරණය විසින් තීන්දු කර ඇත.

රථවාහන ආනයනට වාණිජ බැංකුවල ණයවර ලිපි විවෘත කිරීමේ සදහා නව නීතියක්

රථවාහන ආනයනය කිරීම සඳහා වාණිජ බැංකුවල ණයවර ලිපි විවෘත කිරීමේදී ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පනවන ලදී.

නවාස් ශරීෆ්ගේ සිර දඩුවම අත්හිටුවීමට අධිකරණය තීරණය කරයි

පාක්ස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් මහතාගේ සිර දඩුවම අත්හිටුවීමට එරට අධිකරණය තීරණය කරයි.

මියන්මාරයට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයක්

රෝහින්යා සරණාගතයින් සම්බන්ධයෙන් මියන්මාරයට එල්ල වී ඇති අපරාධ චෝදනා පිළිබඳව ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් මූලික පරීක්ෂණ ආරම්භ කර තිබේ.

උතුරු කොරියාවේ මිසයිල අත්හදාබැලීමේ මධ්‍යස්ථානයක් වසා දෑමීමට තීරණය කෙරේ

උතුරු කොරියාවේ මිසයිල අත්හදාබැලීමේ සහ මිසයිල දියත් කිරීමේ ප්‍රධාන ස්ථානයක් වසා දැමීමට උතුරු කොරියානු නායකයා එකඟතාව පල කල බව දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් පවසයි.

Wednesday, September 19, 2018

චීන - පාකිස්ථාන සබඳතා වර්ධනයට හමුදා ප්‍රධානින්ගේ හමුවක්

චීනයේ සංචාරයක නිරත පාකිස්ථාන හමුදා ප්‍රධානී කමාර් ජාවිඩ් බජ්වා එරට හමුද ප්‍රධානීන් ඇතුලු ඉහළ පෙලේ නායකයින් සමඟ සාකච්ඡා පවත්වා තිබේ.

සිරියාවට යුද මුක්ත කලාපයක්

සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ දරුණු සටන් ඇවිලෙද්දී, රුසියාව සහ තුර්කිය තීරණය කර ඇත්තේ ගැටුම් වලට මැදිවන් සිවිල් වැසියන් වෙනුවෙන් යුද මුක්ත කලාපයක් නිර්මාණය කළ යුතු බවයි.

අමෙරිකාවෙන් ඩොලර් බිලියන 200ක් වටිනා චීන භාණ්ඩ සඳහා තීරු බදු පනවයි

ඇමරිකාව විසින් තවත් චීන භාණ්ඩ සඳහා නව තීරු බදු පනවා ඇත.

උතුරු සහ දකුණු කොරියානු රාජ්‍ය නායකයින් අතර හමුවක්

උතුර සහ දකුණු කොරියානු රාජ්‍ය නායකයින් අතර හමුවක් උතුරු කොරියාවේදී. න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා පවත්වා තිබේ.

කිලෝ 5000ක් මිලට ගන්න වී අලෙවි මණ්ඩලය සූදානම්

වී අලෙවි මණ්ඩලය ගොවීන්ගෙන් මිල දී ගන්නා වී ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 5000 දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කරයි.

මානව සංවර්ධන දර්ශකය - ආසියාවෙන් ලංකාව

ඉදිරියට එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකයේ දකුණු ආසියාවේ ප්‍රමුඛස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

ආසියානු සංවර්ධන බැංකුවෙන් මිලියන 8000ක්

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක වහල මත සවි කරන ලද සූර්ය බල ශක්ති උත්පාදන වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් මිලියන 8000 මුදලක් (ඇ.ඩො. 50) ලබා දේ.

අය - වැය දිනයේ සංශෝධනයක්

නොවැම්බර් මස 08 වැනි දින ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබූ අය - වැය කතාව ඒ අනුව නොවැම්බර් මස 05 වැනි දින ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගෑස් මිලත් ඉහළට

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195 කින් වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

කොටස් වෙළෙඳ‍පළ වේගයෙන් පහළට

කොළඹ කොටස් වෙළෙඳ ‍පළ මාස දහඅටකට පසුව වාර්තා කළ අවම සමස්ත කොටස් මිල දර්ශකයේ අගය 18 වැනි දින වාර්තා කළේය.

Tuesday, September 18, 2018

උප්පැන්න - විවාහ - මරණ සහතික විනාඩි 5න්

උප්පැන්න, විවාහ සහ මරණ සහතික කඩිනමින් ලබා දීමේ සේවාව බත්තරමුල්ල රෙජිස්ට්රාර් ජනරාල් කාර්යාලයේ දී ආරම්භ කෙරේ.

පසුගිය වසර 2 තුළ යාපනයේ රැකියා වියුක්තිය දෙගුණ වේ

2015 වසරේ දී 5.7% ක්ව පැවති යාපනය දිස්ත්‍රික්කයේ රැකියා වියුක්ති අනුපාතිකය 2017 වසර අවසානය වන විට 10.7% ක් දක්වා වර්ධනය වී ඇති බව, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දේ.

විෂ මත්ද්‍රව්‍ය පිළිබද පැමිණිළි සදහා විශේෂ මැදිරියක්

හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා පොලිස් මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ඇරඹීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් තීරණය කර තිබේ.

ජනපති ඝාතන කුමන්ත්‍රණයේ හෙළි කළ නාමල්ගේ ජංගම දුරකතනය CIDයට

ජනාධිපතිතුමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳ දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා කළ හෙළිදරව්වේ සංස්කරණය නොකළ දර්ශන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙස විද්‍යුත් මාධ්‍ය ආයතන 4කට අධිකරණය නියෝග කර තිබේ.

ඉරානය යුරේනියම් බල ගැන්වීමට සූදානම්

යුරේනියම් බල ගැන්වීමේ කටයුතු ඉහළ නංවා ගැනීමට ඉරාන රජය සූදානම් බව එරට විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

ලුණු අස්වැන්නට නියගය ආශිර්වාදයක්

ප්‍රදේශ රැසකට බලපා ඇති අධික නියඟයත් සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන යනු ලබන ලුණු කර්මාන්තය ඉහළ මට්ටමකින් ලාභ ලබන බව කර්මාන්ත කරුවෝ පවසති.

බේකරි නිෂ්පාදන රුපියල් 5කින් යළිත් ඉහළට

පාන් සහ බනිස් ඇතුළු ආපනශාලා ආහාරවල මිල රුපියල් 5කින් ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඩොලරයේ අගය 165 ටත් එහා

ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට ඩොලරයේ අගය රුපියල් 165කටත් වඩා ඉහළ ගොස් තිබේ.

ආනයනික රෙදි සදහා පැනවූ වැට් බද්ද 05% ක් කෙරේ

ආනයනික රෙදිපිළි මත වූ වැට් බද්ද සියයට 05 දක්වා අඩු කර තිබේ.

“ෆ්ලොරන්ස්” සුළි කුණාටුවෙන් ලක්‍ෂ 10ක පීඩා

ෆ්ලොරන්ස්“ සුළි කුණාටුව හේතුවෙන් උතුරු කැරොලිනා ප්‍රාන්තයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

රියදුරු බලපත්‍රයේ තොරතුරු හැඳුනුම්පතට ඇතුළත් කිරීමට යයි

ජාතික හැඳුනුම්පතට රියදුරු බලපත්‍රයේ තොරතුරු ඇතුළත් කර භාවිතා කළ හැකි ක්‍රමයක් පිළිබඳව මේ වන විට සාකච්ඡා මට්ටමින් තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කරයි.

Sunday, September 16, 2018

ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල එංගලන්තය ඉදිරියට

නවතම අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම් අනුව ටෙස්ට් කණ්ඩායම් අතර සිව්වන ස්ථානයට පැමිණීමට එංගලන්ත කණ්ඩායම සමත්වේ.

මිතිගා ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මෙහෙයුම් නතර කෙරේ

රොකට් ප්‍රහාර එල්ල වීම හේතුවෙන් ලිබියාවේ ට්‍රිපෝලි අගනුවර ක්‍රියාකාරීව පැවති එකම ගුවන් තොටුපල වන මිතිගා ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු නතර කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.