Social Icons

facebookrss feedemailtwitter

Monday, May 28, 2018

උතුරු - අමෙරිකා හමුව යළි පැවැත්වෙන ළකුණු

උතුරු කොරියා නායක කිම් ජොන් උන් ඇතුළු එරට රජයේ නියෝජිතයන් දිගින් දිගටම කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් අවලංගු කරන ලද “සාම සමුළුව” යළි පැවැත්වීමට තමන් කටයුතු කරනවා යැයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ කියා සිටියේය.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුව පැවැත්වීමට සැලැසුම් කර තිබුණේ සිංගප්පූරුවේදීය. ඒ ලබන 12 වැනිදාය. උතුරු කොරියා නායකයා තමන් හමුවීමට ලොකු උන්නදුවක් දක්වන බවත්, එය සැළකිල්ලට ගනිමින් යළි නියමිත පරිදි සමුළුව පැවැත්වෙනු ඇති බවත් ජනාධිපති ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත. හමුව පැවැත්වීම සිදුවන අයුරු සම්බන්ධයෙන් කටයුතු සොයා බැලීමට ධවල මන්දිරයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් සිංගප්පූරුව බලාගොස් සිටින බව ද ඇමරිකන් පුවත් සේවා පෙන්වා දේ.