Social Icons

facebookrss feedemailtwitter

Thursday, November 8, 2018

මධ්‍යවාර මැතිවරණය අවසන් - ට්‍රම්ප්ට දැනෙන පහරක් එල්ලවේ

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ට්‍රම්ප්ගේ පක්ෂයෙන් ගිලිහේ. ඒ අනුව, ඇමරිකානු පහළ මන්ත්‍රණ සභාවේ බහුතරය දිනාගැනීමට ඩිමොක්‍රොටික් පක්ෂය සමත්ව ඇත.



මෙතෙක් එහි පාලනය පැවැතියේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුත් රිපබ්ලිකන් පක්ෂයටය. මේ හේතුවෙන් විපක්ෂය ලද ජයග්‍රහණය ට්‍රම්ප් පාලනයට එරෙහිව ඇමරිකානු ජනතාව දැල්වූ රතු එළියක් බව විචාරකයින් පවසයි. සෙනෙට් සභාවේ පාලනය නැවතත් දිනා ගැනීමට රිපබ්ලිකන් පක්ෂය සමත් වූ අතර ඉන්ඩියානා, ටෙක්සාස් සහ උතුරු ඩැකෝටා යන ප්‍රාන්තවල බලය රිපබ්ලිකන් පක්ෂය සතුවීම හේතුවෙන් සෙනෙට් සභාවේ ජය ඔවුන්ට හිමිවූ බව ඔවුන් වැඩිදුරටත් පවසා ඇත.


ඩිමොක්‍රටික් පක්ෂය ඇමරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පාලනය තමන් සතු කරගත්තේ වසර අටකට පසුවය. ඒ සමගම ජනපති ට්‍රම්ප්ගේ අත්තනෝමතික න්‍යාය පත්‍රයට බලපෑම් කිරීමේ හැකියාව දැන් ඩිමොක්‍රටික් පක්ෂයට හිමිව තිබේ. කෙසේ වෙතත්, ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ බලය ශක්තිමත් කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට හැකි වී ඇත.

කෙසේ වෙතත් ජනාධිපති ට්‍රම්ප් 2020 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවනු ඇතැයි පැවසේ. ඩිමොක්‍රටික් පක්ෂය මධ්‍යවාර මැතිවරණයෙන් ජය ලැබීම ඓතිහාසික ප්‍රවණාතව තවදුරටත් තහවුරු වීමකි. ඉතිහාසයේ සෑම අවස්ථාවකදීම මධ්‍යවාර මැතිවරණයේ ජය හිමිවූයේ ජනාධිපතිවරයාගේ පක්ෂයට නොව අනෙක් පක්ෂයටය.