Social Icons

facebookrss feedemailtwitter

Tuesday, November 6, 2018

ඇමරිකානු සම්බාධකවලට එරෙහිව ඉරානයේ විරෝධතා

ඇමරිකාව ඉරානයට පැනවූ නව සම්බාධකවලට එරෙහිව ටෙහෙරාන් නගරයේ පිහිටා ඇති ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වේ.
2015 වසරේ ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අනුව ඉවත් කෙරුණු සම්බාධක සියල්ල යළි පැනවීමට ඇමරිකානු ට්‍රම්ප් පරිපාලනය පසුගියදා තීරණය කළේය. ඉරානයට එරෙහිව මෙතෙක් පැනවුණු දැඩිම සම්බාධක පෙළ මෙය වන අතර, එහිදී ඉරානයේ බලශක්ති, නාවික සහ බැංකු ක්ෂේත්‍ර ඉලක්ක කර ගැනේ. කෙසේ නමුත්, ඉරානය ප්‍රකාශ කළේ තමන් 2015 වසරේ මහ බලවතුන් සමඟ ඇති කර ගත් න්‍යෂ්ටික ගිවිසුමේ කොන්දේසි අනුව කටයුතු කර ඇති බවයි.