Social Icons

facebookrss feedemailtwitter

Sunday, December 9, 2018

ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය ගෝලීය දර්ශකයේ ඉහළට

ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලත්‍ර සඳහා ලබාදෙන ගෝලීය වර්ගීකරණය ඉහළ නංවා තිබේ. පසුගිය වසරට වඩා ස්ථාන 9 කින් එය ඉදිරියට පැමිණීම විශේෂත්වයකි.

මේ වනවිට එයට හිමිව ඇත්තේ, ගෝලීය වර්ගීකරණය යටතේ 84 වැනි ස්ථානයයි. වීසා නොමැතිව රටවල් වෙත ගමන් කිරීමට ඇති හැකියාව සහ පැමිණීමට ඇති හැකියාව මෙන්ම අදාළ රටේ මානව සංවර්ධන දර්ශකය මෙම වර්ගීකරණය සඳහා උපයෝගී කර ගැනේ. දැනට ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය යටතේ රටවල් 16 කට වීසා නොමැතිව ගමන් කළ හැකි අතර, ලංකාවට පැමිණ වීසා ලබාගත හැකි රටවල් සංඛ්‍යාව 29 කි. කෙසේ නමුත් ලොව රටවල් 153 ක් සඳහා ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රය යටතේ තවදුරටත් වීසා බලපත් ලබාගත යුතු වේ. ගෝලීය දර්ශකයේ අංක එකේ ගමන් බලපත්‍රය ලෙස නම් කර ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමන් බලපත්‍රයයි. සිංගප්පූරුවට එහි දෙවන තැනත් ජර්මනියට තුන්වන ස්ථානයත් හිමිව ඇත.