කොළඹ නගරය තෙත් බිම් නගරයක් ලෙස ප්‍රකාශ කෙරේ. පසුගියදා ඩුබායි හී පැවති රැම්සා පාර්ශවකරුවන්ගේ සම්මුතියෙහි 13 වැනි සැසිවාරයේ දී මේ බව ප්‍රකාශකර ඇත.
කොළඹ අවට පවත්නා තෙත් බිම් මඟින් සිදුවන පාරිසරික සේවයේ ඇති වැදගත්කම සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ. එම සැසියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ වරයා සහභාගී විය.
රැම්සා සම්මුතිය පළමු වරට මෙම තෙත්බිම් නගර සංකල්පය ප්‍රකාශ කර ඇති අතර, ලෝකයේ රටවල් 6 ක නගර 18 ක් තෙත්බිම් නගර ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. චීනයේ නගර 6ක් ද, ප්‍රංශයේ නගර 4ක් ද, කොරියාවේ නගර 4ක්, හංගේරියාවේ නගරයක්, ටියුනීසියාවේ නගරයක්, මැඩගස්කරයේ නගරයක්, හා කොළඹ නගරය මෙසේ නාගරික තෙත් බිම් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. කොළඹ නගරයේ ඉදිරි සංවර්ධන ක්‍රියාකාරකම් සිදු කිරීමේ දී නාගරික තෙත් බිම් නගරයක් බව සැළකිල්ලට ගනිමින් සැලසුම් කළ යුතු වේ.