Social Icons

facebookrss feedemailtwitter

Sunday, August 26, 2018

බාලවයස්කරුවන් 10 000 අධික පිරිසක් හමුදාවට බඳවා ගනී

ජර්මානු යුධ හමුදාවට නිසි වයස සම්පූර්ණ නොකළ දස දහසකට අධික පිරිසක් බඳවාගෙන ඇති බව වාර්තාවේ.

ශ්‍රවණාබාධිත පුද්ගලයින්ට නව මෘදුකාංගයක්

දකුණූ කොරියාවේ ශ්‍රවණාබාධිත පුද්ගලයින්ට කූලි රථ රියදුරු වෘත්තියේ යෙදිය හැකි පරිදි නව මෘදුකාංගයක් හදුන්වාදේ.

යුක්‍රේනයෙන් දැවැන්ත හමුදා පෙළපාලියක්

නිදහස් දිනයට සමගාමීව යුක්‍රේනය පසුගියදා දැවැන්ත හමුදා පෙළපාලියක් පැවැත්විය.

ගෑස් රුපියල් 158කින් ඉහළ නගී

කිලෝග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල 25 වැනි දින සිට රුපියල් 158 කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුව තීරණය කර ඇත.

ඕස්ට්‍රේලියාවේ අගමැතිධූරයට ස්කොට් මොරිසන්

ඕස්ට්‍රේලියාවේ නව අගමැතිවරයා ලෙස ස්කොට් මොරිසන් පත්වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

යේමනයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 30ක් මරුට

යේමනයේ වයඹ දිග කැරළිකරුවන්ගේ පාලනය යටතේ පවතින ප්‍රදේශයට එල්ල වූ ගුවන් ප්‍රහාර හේතුවෙන් දරුවන් 22ක් ඇතුළුව 30දෙනකු මියගොස් තිබේ.

Friday, August 24, 2018

සීමා නිර්ණ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද

පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව පිළිබඳ විවාදය අද (24) පැවැත්වේ. පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරනු ඇති.

යාපනය ප්‍රාදේශීය නිල මෙහෙවර ජනතා සේවාවන් හතරක් අද සිට ඇරඹේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකත්වයෙන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් යාපනය දිස්ත්‍රික්කයේ පැවැත්වෙන නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ ප්‍රාදේශීය ජනතා සේවාවන් හතරක් ඇරඹේ.

රන් මිශ්‍ර පස් කන්ටේනර් 51ක් රට යවා ඇති බවට හෙළිවේ

රන් කැබලි මිශ්‍ර පස් අපනයන කිරීමේ සිද්ධියට අදාලව රේගුවේ රඳවාගත් කන්ටේනර් 15ට අමතරව මීට පෙරාතුව බහලුම් 51ක් පිටරට යවා ඇති බව ජනාධිපති විමර්ශන ඒකකය සිදුකර ඇති පරීක්ෂණ වලදී හෙළිවේ.

රබර් වගාවට ලබාදෙන සහනාධාරය ඉහළ නැවීමට කැබිනට් අනුමැතිය

මෙරට රබර් වගාවේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා ලබාදෙන සහනාධාරය ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවේ.

කොළඹ ජල මාර්ග මගින් ප්‍රවාහන පහසුකම් සැළසීමට පියවර

කොළඹ නගර කලාපය ආවරණය වන පරිදි අභ්‍යන්තර ජල මාර්ග ආශ්‍රිතව මගී ප්‍රවාහන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවේ.

ඇමෙරිකාවට ඊශ්‍රායලයට ඉරානයෙන් තර්ජන

ඉරානයට පහරදීමට පසුබට නොවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් කළ ප්‍රකාශය ඉරානයේ දැඩි විරෝධයට හේතුවේ.

අයි.එස්.අයි.එස් නායක අබු බකාර් අල් බැග්ඩෑඩිගේ හඩ පටයක් නිකුත්වේ

අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකාර් අල් බැග්ඩෑඩි හඬ පටයක් නිකුත් කරමින් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.

පවුල් 8 ලක්ෂයකට සමෘද්ධිය ලබන මස සිට

ප්‍රතිලාභ හිමිවිය යුතු එහෙත් මෙතෙක් සමෘද්ධි දීමනාව නොලැබුණු පවුල් 8 ලක්ෂයකට සමෘද්ධි දීමනාව ලබන මස සිට ලබා දීමට රජය තීරණය කරයි.

ආනයනික භාණ්ඩ මත නව තීරු බදු පැනවීමේ සූදානමක්

දෙරට අතර සිදු කෙරෙන භාණ්ඩ ආනයන මත නව තීරු බදු පැනවීමට ඇමෙරිකාව සහ චීනයත් මේ වනවිට සුදානමින් සිටී.

රෝන් ග්ලැසියරය දියවීම වැළැක්වීමට සුදු පැහැති ආවරණයක්

ගෝලීය උණුසුම ඉහළ යාමෙන් රෝන් ග්ලැසියරය දියවීම වැළැක්වීම සඳහා ඊට සුදු පැහැති ආවරණයක් යෙදීමට පියවර ගෙන තිබේ.

Thursday, August 23, 2018

ඔස්ට්‍රේලියානු අගමැතිට පක්ෂ නායකත්වය පිළිබද අර්බුධයක්

අමාත්‍යවරුන් දස දෙනෙකු සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමේ සූදානමක් හේතුවෙන් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් හට පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් යළි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇති බව වාර්තාවේ.

රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා ගැන සෙවීමට කොමිසමක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා හා සංශෝධන සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ කොමිෂන් සභාවක් පත් කර තිබේ.

උතුරු කොරියාව න්‍යෂ්ටික ක්‍රියාකාරකම් නවතා නෑ

උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් නවතා නැතැයි එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණ සංවිධානයක් උපුටා දක්වමින් ඒ.බී.සී. නිව්ස් පුවත් සේවය වාර්තා කරයි.

සඳ මත ධ්‍රැව අයිස් තිබෙන බව විද්‍යාඥයෝ සොයා ගනී

චන්ද්‍ර පෘෂ්ඨය මතුපිට ධ්‍රැව අයිස් තිබෙන බවට පිළිගත හැකි සාක්ෂි හමුවි ඇතැයි විද්‍යාඥයෝ පවසති.

වයඹ ඇල - දෙවැනි අදියර ඇරඹේ

ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කිරීමේ සහ වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියරේ කටයුතු ආරම්භ කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොල්පිතිගම කුඹුකුලාව වැව් පරිශ්‍රයේදී පැවැත්විණ.

ත්‍රෛයි භාෂා නව ජාතික පාසල් කොළඹට

ත්‍රෛයි භාෂා නව ජාතික පාසලක් කොළඹ ප්‍රදේශයේ ආරම්භ කිරිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවේ. ඒ සදහා වැය කිරීමට නියමිත මුදල රුපියල් මිලියන 900ක්.

නව අපනයන නිෂ්පාදන ගම්මාන 5,000ක්

අපනයන නිෂ්පාදන ගම්මාන 5,000ක් පිහිටුවීමට රජය පියවර ගනී. අපනයන වෙළෙදපළට ගැලපෙන පරිදි අගය එකතු කිරීමේ ක්‍රියාවලියක් ලෙස මෙය ප්‍රවර්ධනය කෙරේ.

ඉරානයෙන් නව ප්‍රහාරක ජෙට් යානයක්

ඉරානය විසිස් පළමු වරට නව ප්‍රහාරක ජෙට් යානයක් හදුන්වා දී ඇත. එය වැඩිදියුණු කළ තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කළ බව ඉරාන ජනාධිපති හසන් රවුහානි ප්‍රකාශ කර තිබේ.

කුඩා තේ වතුවල පළදායිතාව වැඩි කිරීමට රු.මිලියන 250ක්

කුඩා තේ වතුවල පළදායිතාව වැඩි කිරීම සඳහා රුපියල් මිලියන 250ක ආයෝජනයක් ලබාදීමට වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පියවර ගෙන ඇත.

උතුරේ ඉඩම් මුල් පදිංචිකරුවන්ට

ආරක්ෂක අංශ භාරයේ පැවැති උතුරේ ඉඩම් වලින් සියයට 88ක් පමණ මේ වන විට මුල් පදිංචිකරුවන් වෙත නිදහස් කර අවසන් වේ.

ඇමෙරිකා රාජ්‍ය ලේකම් පාකිස්තාන සංචාරයක

ආසියානු කලාපයේ සංචාරයක් අතරතුරේ තමන් පාකිස්තානයට පැමිණ පාකිස්තාන නව අගමැති ඉම්රාන් ඛාන් හමුවී සාකච්ඡා පවත්වන බව ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ පවසයි.

සමුද්‍රීය ආරක්ෂාව වර්ධනය කිරීමට ජපානයේ සහය

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ අවධානය යොමු වේ.

Wednesday, August 22, 2018

විදේශ ණය ගැනීමේ දී ස්වෛරී බැඳුම්කර නිකුත් කිරිමට රජයේ අවධානය

විදේශ ණය ගැනීමේදී යෙන් සහ යුවාන් වලින් ගැනීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.

රම්බියා චණ්ඩ මාරුතයෙන් ප්‍රදේශ රැසකට දැඩි බලපෑම්

රම්බියා චණ්ඩ මාරුතයෙන් නැගෙනහිර චීනයට ඔබ්බෙන් වූ ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වී තිබේ. ඉන් බලපෑම් එල්ල වූ ප්‍රදේශ රැසක අධික වැසි හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගං වතුර නිසා කොචින් ගුවන් තොටුපලේ පාඩුව කෝටි 220යි

ගං වතුරෙන් එල්ල වූ බලපෑම හේතුවෙන් ඉන්දියාවේ කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපලට ඉන්දීය රුපියල් කෝටි 220 ක් පමණ පාඩුවක් සිදුව ඇති බව ගුවන් තොටුපල බලධාරීන් සඳහන් කර තිබේ.

ත්‍රස්ත මිසයිල ප්‍රහාරයකින් මොහොමඩ් අෂ්රෆ් ඝානි දිවි ගලවා ගනී

ඇෆ්ඝනිස්ථාන ජනපති මන්දිරය ඉලක්ක කර එල්ල කෙරුණු ත්‍රස්ත මිසයිල ප්‍රහාරයකින් එරට ජනාධිපති මොහොමඩ් අෂ්රෆ් ඝානි දිවි ගලවා ගනී.

පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනය ඉක්මන් වේ

පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනය කිරීමේ අවසන් වාර්තාව කඩිනමින් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත උපදෙස් ලබාදී තිබේ.

විශේෂ මහාධිකරණයේ පළමු නඩුව අගෝස්තු 24

මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් වන නඩු විභාගකිරීම සඳහා ස්ථාපිත කෙරුණු පළමු ස්ථිර මහාධිකරණය විවෘත කෙරිණ.

නෑදෑයින් බලන්න යන්න අවස්ථාවක්

2018 මැයි මස උතුරු කොරියානු නායක කිම් ජොන් අන් හා දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස රාජ්‍යයන් දෙකෙන් තෝරා ගත් පුද්ගලයන් සිය දෙනෙකු

දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ විදුලි සීනු පද්ධති දුම්රිය සේවාව සඳහා විවෘත කෙරේ

ශ්‍රී ලංකාව පුරා පිහිටා තිබෙන දුම්රිය හරස් මාර්ග වලින් සිදුවන අනතුරු සංඛ්‍යාව පසුගිය වසර කිහිපය පුරා වැඩිවෙමින් පැවතිණ.

Tuesday, August 21, 2018

දේශසීමාවේ යළිත් නොසන්සුන් තත්වයක්

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගාසා දේශසීමාවේ යළිත්වරක් නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ.

ශ්‍රී ලංකා IMF ගිවිසුම අවසන්වේ යළි දීර්ඝ නොකිරීමට සැරසේ

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම මේ වසරේදී අවසන් වේ. එය යළි දීර්ඝ නොකිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

ඉන්දුනීසියාවේ තවත් භූමි කම්පාවක්

ඉන්දුනීසියාවේ සංචාරක දූපතක් වන ලොම්බොක් දූපතට උතුරට හා ඊසන දිගට වන්නට වන මුහුදේ රික්ටර් මාපකාංක 7.2ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් සිදුව ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද භූ සමීක්ෂණ ආයතනය සඳහන් කරයි.

එක්වදෝරය සංක්‍රමණික නීති දැඩි කරයි

අසල්වැසි වෙනිසියුලාවෙන් පැමිණෙන විදේශ ගමන් බලපත්‍ර නොමැති සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් නව නීති ක්‍රියාත්මක කිරීමට එක්වදෝරය පියවර ගෙන ඇත.

ඉන්ටර්නෙට් සීමා කළ ඊජිප්තුව

ඊජිප්තුවේ අන්තර් ජාල කටයුතු සීමා කිරිමේ නව පනත් කෙටුම්පතකට ඊජිප්තු ජනාධිපති ෆාටා අල් සීසීගේ අවසරය හිමිවේ.

ජර්මන් චාන්සලර්වරිය සහ රුසියා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක්

සිරියාව, යුක්‍රේනය, ඉරානය ඇතුළු තීරණාත්මක ගැටළු පිළිබඳ ජර්මන් චාන්සලර්වරිය සහ රුසියා ජනාධිපතිවරයා අතර සාකච්ඡා පැවැත්වේ.

චීන ගුවන් යානයක් 165 ක් සමග අනතුරට

චීනයේ Xiamen ගුවන්සේවයට අයත් බොයිං 737 දරණ ගුවන් යානයක් මගීන් හා කාර්ය මණ්ඩලයේ 165 ක් සමග පිලීපිනයේ මැනිලා ගුවන්තොටුපලට ගොඩ බැස්විමේදි ධාවන පථයේ ලිස්සා ගොස් අනතුරට පත්ව ඇති බව වාර්තා වේ.

දුම්රිය මගීන්ගේ පහසුකම් ඉහළ නැංවීට පියවර

දුම්රිය මගීන්ට පහසුකම් සැලසීම සඳහා ඉදිරි මාස කිහිපයක් ඇතුළත ඇමරිකාව, චීනය හා ඉන්දියාවෙන් නවතම දුම්රිය මැදිරි, එන්ජින් සහ බලවේග කට්ටල ගෙන්වීමට පියවර.

ජර්මනිය කටාර්ය තුර්කියේ සහායට

ඇමෙරිකාවෙන් එල්ල වන පීඩනය හමුවේ තමන් සැමවිටම තුර්කිය සමඟ සිටින බව කටාරය සහ ජර්මනිය පවසයි. ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල් සහ කටාර් එමීර් අල් තානී තුර්කිය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත්තේ දුරකතනය ඔස්සේය.

Monday, August 20, 2018

ආනයනික අර්තාපල් සදහා රු.40ක බද්දක්

ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 40ක බද්දක් පැනවීමට රජය තීරණය කරයි.

මත්ජාවාරම් පිළිබඳ දැනුම් දීමට දුරකතන අංක තුනක්

දිවයිනෙන් මත් උවදුර තුරන් කිරීම වෙනුවෙන් නව නියමු ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ. ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ‍පොලීසියට තොරතුරු ලබාදීම සඳහා නව දුරකතන අංක 3ක් හඳුන්වා දී ඇත.

ලෝක වෙළඳපලේ තෙල් මිල අඩුවන ලකුණු

ඇමරිකාව සහ චීනය අතර පවතින වෙළඳ ආරවුල නිසා ගෝලීය ආර්ථිකය මන්දගාමී වීමේ අවදානමක් පවතී.

කේරළ ප්‍රාන්තයේ මියගිය සංඛ්‍යාව 350 දක්වා ඉහළට

සියවසේ දරුණුතම මෝසම් වර්ෂාපතනය හේතුවෙන් දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ඇතිවූ අයහපත් කාලගුණ තත්වයෙන් මියගිය සංඛ්‍යාව 350කට අධික බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

හජ් වන්දනා සමය ඇරඹේ

ලොව පුරා මිලියන දෙකක ඉක්මවූ මුස්ලිම් බැතිමතුන් හජ් වන්දනා සඳහා එක්වේ. සෞදි අරාබියේ මැකා නුවරට මේ වන විටත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණ සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.