Social Icons

facebookrss feedemailtwitter

Monday, April 30, 2018

උතුරු කොරියාව වේලාව වෙනස් කරයි

උතුරු කොරියාව සිය රටෙහි වේලාව මිනිත්තු 30 කින් ඉදිරියට ගෙන ගොස් තිබේ. නව වේලාව ලබන මස 5 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත බව කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

චීන විදේශ අමාත්‍යවරයා උතුරු කොරියාවේ නිල සංචාරයකට සූදානම්

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, චීන විදේශ අමාත්‍ය වං යී මහතා උතුරු කොරියාවේ සංචාරයකට සුදානම් වේ. විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ලු කන් මහතා අද (30) පැවසුවේ ලබන මස  2 සහ 3 යන දෙදින වං යී මහතා උතුරු කොරියාවේ සංචාරය කරන බවයි.

හෙළයේ සිනමාවේ ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් දැයෙන් සමුගනී

හෙළ සිනමාවේ අග්‍රගන්‍ය සළකුණක් ලෙස සැලකෙන ලොව ජ්‍යෙෂ්ඨතම සිනමාකරු වන ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා අභාවප්‍රාප්ත වේ. ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය. මිය යන විට 99 වියේ පසුවිය.

කාබුල් අගනුවරට බෝම්බ ප්‍රහාර දෙකක්

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවරට අද (30) උදෑසන එල්ල වූ බෝම්බ ප්‍රහාර දෙකෙන් ප්‍රංශ පුවත් සේවයේ ප්‍රධාන ඡායාරූප ශිල්පී ෂාහ් මරායි ඇතුළු 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

‍දික්කසාද නීතිය සංශෝධනයට පියවර

දික්කසාද නීතිය සංශෝධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර තිබේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අදාල කමිටුව පත් කර ඇති අතර කෙටි කාලයක් තුළ මිට අදාල යෝජනා ඉදිරිපත් කිරිමට නියමිතයි.

සිරිපා කරුණා සමය අදින් අවසන්

මෙවර ශ්‍රී පාද වන්දනා සමය 30 වැනි දිනෙන් අවසන්වේ. අද (30) ශ්‍රී පාද මළුවේ පැවැත්වෙන විශේෂ ආගමික වතාවත් වලින් අනතුරුව ශ්‍රී පාද වන්දනා සමය අවසන් කෙරෙන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමව පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පවසයි.

ඇමරිකාවේ නව රාජ්‍ය ලේකම්වරයා

ඇමරිකානු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය 26 වැනි දින Mike Pompeo මහතා 70 වැනි රාජ්‍ය ලේකම්වරයා ලෙස පත් කරයි. මීට පෙර අවස්ථාවේදී අපේක්ෂිත රාජ්‍ය ලේකම්වරයා වූ ඔහු පසුගියදා සමරනු ලැබූ පාස්කු දින කාලයේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතවරයකු වශයෙන් උතුරු කොරියාවේ නිල නොවන අන්දමින් සංචාරය කර ඇති බව ද වාර්තා වේ.

මාධ්‍ය නිදහසින් ශ්‍රී ලංකාව ස්ථාන 10ක් ඉදිරියට

ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබද දර්ශයකට අනුව ශ්‍රී ලංකාව පැවති ස්ථානයේ සිට ස්ථාන 10ක් ඉදිරියට ඒමට සමත් වේ. මෙම දර්ශකයේ පිළිවෙලින් පළමු හා දෙවැනි ස්ථානවල පසුවන්නේ නෝර්වේ සහ ස්විඩන යයි.

AI Beauty 2.0 නවීන තාක්ෂණයෙන් යුත් OPPO F7 වෙළදපළට

නවතම AI Beauty 2.0 තාක්ෂණය ඇතුළු තවත් විශේෂාංග රාශියක් සමඟින් OPPO  F7 නව දුරකථනය මෙරට වෙළඳපොලට හදුන්වාදීම පසුගියදා සිදුකෙරිණ. OPPO  F7 නව දුරකථනය මාදිලි දෙකකින් සමන්විතය.

ට්‍රම්ප් බ්‍රිතාන්‍යයේ සංචාරයකට සූදානම්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන ජුලි 13 වන සිකුරාදා බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර සිටී. පසුගිය වසරේ ජනවාරි මාසයේදී බලයට පැමිණි ඇමරිකානු ජනාධිපති ඩොනඩ් ට්‍රම්ප්ගේ පළමු බ්‍රිතාන්‍ය චාරිකාව මෙයයි.

යුරෝපයේ Whats App භාවිත කිරීමේ වයස් සීමාව ඉහළට

යුරෝපා කලාපයේ Whats App අන්තර්ජාල පණිවිඩ සේවය භාවිත කළ හැකි පුද්ගලයින්ගේ අවම වයස් සීමාව වයස අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමට එම සමාගම පියවර ගෙන තිබේ.

මෙවර කාන්ස් සිනමා උළෙල සඳහා සෞදි අරාබියාවේ සහභාගීත්වය

මෙවර කාන්ස් සිනමා උළෙල සඳහා තමන් සහභාගී වන බව සෞදි අරාබිය නිවේදනය කර තිබේ. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ එහිදී කෙටි චිත්‍රපට 9 ක් ද ප්‍රදර්ශනය කිරීමට නියමිත වන බවයි. කාන්ස් සිනමා උළෙල මැයි මස 8 වන දා සිට 19 වන දා දක්වා ප්‍රංශයේ කාන්ස්හිදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

පළාත් 6ක ඡන්දය වසර අග පරණ ක්‍රමයටම

නිල කාලය අවසන් වන පළාත් සභා 6 ක ඡන්ද විමසීම මේ වසර අග දී පැවැත්වීමට තීරණය කෙරේ. දැනට නිල කාලය අවසන්ව ඇති පළාත් සභා තුනක සහ ලබන සැප්තැම්බර් මාසයේදි අවසන් විමට නියමිත පළාත් සභා තුනක ඡන්දය මේ වසර අගදි පැවැත්වීමට රජය තීරණය කර ඇත. රජය මෙම තිරණයට එළැඹ ඇත්තේ, මැතිවරණ කොමිසම විසින් මෙම පළාත් සභා හයේ මැතිවරණය මෙම වසරේ පවත්වන ලෙසට කළ නිර්දේශය අනුවය.

මෙවර බෞද්ධ සම්මේලනය නේපාලයේ ලුම්බිණියේදී

2018 වසරේ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය නේපාලයේ ලුම්බිණි හි දී පැවැත්වේ. 28 වැනි දින ආරම්භ වූ එම සම්මේලනය සඳහා චීනය, නේපාලය, ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය ඇතුළු රටවල බෞද්ධ සංගම් නියෝජියින්, බෞද්ධ ශ්‍රාස්තෘවරුන් සහ බැතිමතුන් දහසකට වැඩි පිරිසක් සහභාගිවී සිටියහ.

න්‍යෂ්ටික අත්හදාබැලීම් සිදු කරන පර්යේෂණ භූමි මැයි මස වසා දැමේ

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අත්හදාබැලීම් සිදු කරන පර්යේෂණ ස්ථාන වසා දැමීමට පියවර ගනී. ඒ අනුව උතුරු කොරියානු නායක කිම් - ජෝන් - උන් මහතා ගනු ලැබූ මෙම තීරණය ලබන මැයි මාසයේදී ක්‍රියාත්මක කෙරෙන බව, දකුණු කොරියානු ජනාධිපති මන්දිරය ප්‍රකාශ කරයි.

චීන ජනාධිපතිවරයා හා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර පැවැත්වූ නිළ නොවන හමුව දෙරටේ නව සංධිස්ථානයක්

චීන ජනාධිපතිවරයා හා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර පැවැත්වූ නිළ නොවන හමුව, රටවල් දෙකක ඉහළ පෙළේ නායකයින් සබඳතා පැවැත්වූ නව ක්‍රමවේදයක සංකේතයක් ලෙස හැඳින්වේ. පසුගිය 27 හා 28 යන දෙදින චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍යය නරේන්ද්‍ර මෝදි මහතා “වූ හැන්” නගරයේදී නිළ නොවන හමුවක් පැවැත්වූහ.

Sunday, April 29, 2018

පිළිකා රෝගය සඳහා භාවිත කෙරෙන ආනයනික ඖෂධ සඳහා තීරු බදු ඉවත් කෙරේ

පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර කිරීමේ ආනයනික ඖෂධ සඳහා තීරු බදු ඉවත් කිරීමට චීනය පියවර ගනී. මේ අනුව ලබන පළමු වැනි දින සිට පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර කිරීමේ ආනයනික ඖෂධ ඇතුළු අනෙකුත් ඖෂධවල ආනයනික තීරු බදු ඉවත් කරන බව චීන රාජ්‍ය මණ්ඩලයේ තීරු බදු පිළිබඳ කමිටුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

සිරියා අර්බුදය පිළිබඳ නව වටයේ Astana සාකච්ඡා 14 සහ 15

සිරියා අර්බුදය පිළිබඳ නව වටයේ සාකච්ඡාව පැවැත්වීමට සැළසුම් කෙරේ. රුසියාව, තූර්කිය හා ඉරානය යන රටවල් 3හි විදේශ අමාත්‍යවරු මොස්කව් (Moscow) නගරයේදී මේ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වූහ.

සෞඛ්‍ය සේවාව ඉහළ නංවන්න කියුබාවේ සහය

මෙරට සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීම සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බව කියුබාව ප්‍රකාශ කර තිබේ. කියුබාවේ පැවැත්වෙන ජාත්‍යන්තර සෞඛ්‍ය සමුළුවකට සහභාගී වී සිටින සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ කියුබානු මහජන සෞඛ්‍ය අමාත්‍ය රෙබෙටෝ මොරාලේ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එහිදී කියුබානු සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති බව සඳහන්ය.

ශාන්තිනායක අමාමෑනී බුදු පියාණන්වහන්සේගේ තෛමංගල්‍යය අදයි. වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි (29).

ලොව්තුරු අමාමෑණි බුදු පියාණන්වහන්සේගේ තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක සිදුවීම ලෝක වාසි බෞද්ධ ජනතාව සමරනු ලබයි. ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ලෝකවාසි බෞද්ධ ජනතාව වෙසක් දිනය සමරන්නේ මහත් බැති සිතිනි.

Saturday, April 28, 2018

මහ බැංකු වාර්තාව මුදල් අමාත්‍යවරයාට… ඉදිරියේදී රුපියල අව ප්‍රමාණය වීම වළක්වා ගත හැකියි

2017 - ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට භාරදේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2017 වාර්ෂික වාර්තාව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත එම අමාත්‍යාංශයේ දී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් 26 වැනි දින භාර දෙන ලදී.

චීන - ඇමරිකා වෙළඳ ආරවුල විසදීමට සාකච්ඡා කිරීම වඩාත් සුදුසුයි - චීන අගමැති

සාකච්ඡා මාර්ගයෙන් චීනය හා ඇමරිකාව අතර සිදු වූ වෙළඳ ආරවුල විසඳා ගැනීම චීනයේ අදහස බව චීන අග්‍රාමාත්‍යවරයා පවසයි. චීන අග්‍රාමාත්‍ය ලී ක චයං මහතා මේ බව සඳහන් කළේ 26 වැනි දින පස්වරුවේ බෙයිජිංහි ඇමරිකානු ප්‍රවාහන කටයුතු පිළිබඳ ලේකම් Elaine L. Chao මහත්මිය හමුවූ අවස්ථාදීය.

කොරියානු යුද්ධය අවසන් කිරීමට නායකයෝ එකඟ වෙති

වසර 65 ක් තිස්සේ ඇදී යමින් පවතින කොරියානු යුද්ධය මේ වසර තුළදී නිමා කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට උතුරු කොරියාවනු සහ දකුණු කොරියානු නායකයෝ සූදානම් වෙති.

මෙරට තේ සදහා ජපානයෙන් සීමා පැනවීමේ අවධානමක් මතුවේ

ජපානය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන තේ සඳහා සීමාවන් පැනවීමේ අවදානමක් මතුව ඇති බව පැවසේ. ඊට හේතුව වී ඇත්තේ ජපානය විසින් පනවා තිබෙන සීමාව ඉක්මවා ශ්‍රී ලංකාවේ තේවල MCPA රසායනිකය අන්තර්ගත වී තිබීම බව වාර්තා වේ.

මෙරටදී පළමු වරට හමුවූ බ්ලැක් මැන්ඩි

දකුණු පළාතේ තංගල්ල රැකව ප්‍රදේශයේ සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීමකින් නවතම මත්ද්‍රව්‍ය විශේෂයක් වන “බ්ලැක් මෙන්ඩි” (BLACK MENDI) නැමැති මත්ද්‍රව්‍ය ලග තබා ගෙන සිටි විදේශීය ජාතිකයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනේ.

හැරී - මේගන් වෙනුවෙන් මැටි බදුන් වෙළඳ පළට

බ්‍රිතාන්‍ය මැටි භාණ්ඩ නිෂ්පාදන සමාගමක් විසින් හැරී කුමරු සහ මේගන් මර්කල් යුවළගේ රාජකීය විවාහ මංගලෝත්සවය වෙනුවෙන් අලංකාර බඳුන් නිෂ්පාදනය කර තිබෙනවා.

සෞදි කාන්තාවන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමට 6 ගුණයක් ගෙවන්නට සිදුවේ

සෞදි රජුකාන්තාවන්ට මෝටර් රථ පැදවීමට 2018 ජුනි මාසයෙන් පසු අවසර ලබාදීමට නියෝග කිරීමෙන් පසු කාන්තාවන්ට රියදුරු බලපත්‍ර ලබගැනීමේදි සෞදි රියාල් 2,000ක මුදලක් ගෙවීමට සිදුව ඇති බව පැවසේ. එම ගෙවීම පිරිමින්ට වඩා හය ගුණයක පමණ වැඩිවීමකි.

ඕමාන් සහ හංගේරියානු පුරවැසියන්ට වීසා අවශ්‍ය නොවේ

ඕමාන් සහ හංගේරියානු පුරවැසියන්ට දෙරටේ සංචාරය කිරීම සඳහා විසා ලබාගැනීමට අවශ්‍ය නොවන බව නිවේදනයක් නිකුත් කරමින් ඕමාන් සහ හංගේරියානු විදේශ අමාත්‍යවරු ප්‍රකාශයක් සිදු කර ඇති බව පැවසේ.

සිරියානු අර්බුදය නිසා ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම් උග්‍ර වේ

ඉරානය ඊශ්‍රායලයට එල්ල කරන ඕනෑම ආකාරයක ප්‍රහාරයකට එකට එක කිරීමකට වඩා වැඩි සහ දැඩි ප්‍රතිචාරයක් දක්වන බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පැවැසීය. සිරියානු අර්බුදය හේතුවෙන් ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම උග්‍ර වී තිබේ.

“ලුවී ආතර් චාල්ස්” - බ්‍රිතාත්‍ය රජ කිරුළේ පස්වැනි හිමිකරුවා

බ්‍රිතාත්‍ය රජ පවුලේ අලුත්ම සාමාජිකයාගේ නම කේම්බ්‍රිජ් හි ලුවි කුමරු යැයි කෙන්සින්ග්ටන් මාලිගය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් 27 වැනි දින ප්‍රකාශ කර තිබිණ.

රාජ්‍ය වෙසක් මහෝත්සවය ජනපති - අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ

මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථනයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

Friday, April 27, 2018

කිලුවෙයා වසර 10 කට පසු සක්‍රීය වේ

හවායි දූපත්හි පිහිටි කිලුවෙයා ගිනි කන්දෙන් ලාවා නිකුත් වීම ආරම්භ වී තිබේ. එම දසුන් කිහිපයක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. 2016 ඔක්තෝබර් මාසයෙන් පසුව කිලුවෙයා ගිනි කන්ද විධාරණය වූ පළමු අවස්ථාව මෙයයි.

න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකල භූගත පර්යේෂණාගාරයක කොටසක් කඩා වැටෙයි

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකල භූගත පර්යේෂණාගාරයේ කොටසක් කඩා වැටී ඇති බව චීන විද්‍යාඥයින් පවසයි. මේ හේතුවෙන් එම පර්යේෂණාගාරය යළි භාවිතයට ගත නොහැකි වනු ඇති බවත් සඳහන් වෙයි.

උතුරු කොරියානු නායකයා දකුණු කොරියා දේශසීමාව තරණය කරයි

ඒ  උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් අතර ඓතිහාසික හමුව අද (27) උදෑසන දෙරට අතර යුද මුක්ත කලාපයේ පිහිටි ගම්මානයකදී පැවැත්වීමට නියමිතය.

රටවල් 104 කට ජාත්‍යන්තර ක්‍රිකට් වරම්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් සිය සාමාජික රටවල් 104 කට විස්සයි විස්ස ක්‍රිකට් වරම්  (කාන්තා සහ පිරිමි) ලබා දෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ප්‍රධාන විධායක නිලධාරී ඩේව් රිජෙට්සන් මහතා 26 වැනි දින පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළේය.

දිගු කාලීන විදුලි ජනන සැලැස්ම ක්‍රියාවට නැංවීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා ගෙන් උපදෙස්

රට තුළ දිගු කාලීන විදුලි ජනන සැලැස්ම කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉල්ලා සිටී. 2018 - 2037 කාල පරාසය සඳහා සකස් කරන ලද දිගු කාලීන විදුලි ජනන සැලැස්ම ක්‍රියාවට නැංවීමට අදාළ ඉදිරි පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපතිතුමා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත උපදෙස් දේ.

මත්ස්‍ය අපනයනයෙන් විදේශ විනිමයේ වර්ධනයක්

යුරෝපයට මත්ස්‍ය අපනයනයෙන් මිලියන 92,117 ක විදේශ විනිමයක් ඉපයීමට ශ්‍රී ලංකාව සමත් වේ. යුරෝපා සංගමය විසින් පනවා තිබු මත්ස්‍ය තහනම ඉවත් කිරීමෙන් පසුව මාස 21 ක් තුළ මසුන් මෙට්‍රික් ටොන් 58,578 පමණ අපනයනය කර ඇත. මත්ස්‍ය අපනයනය තහනමට පෙර 2014 වර්ෂයේ හා තහනම පැවැති කාලය තුළ මත්ස්‍ය අපනයනයේ සීඝ්‍ර පහත වැටීමක් පෙන්නුම් කෙළේය.

එජාපයේ ලොකු පුටුවලට අලුත් මුහුණු

එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිවරයා ලෙස අමාත්‍ය කබීර් හෂීම් මහතා ද මහ ලේකම්වරයා ලෙස අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ද පක්ෂයේ දේශපාලන උපදේශන මණ්ඩලය විසින් තෝරා පත්කර ගැනේ.

2018 රාජ්‍ය වෙසක් සතිය ඇරඹේ

“වෙසක් සතිය” අප්‍රේල් මස 26 වැනි දින සිට මැයි මස 02 වැනි දින දක්වා දක්වා පැවැත් වෙන බව රජය ප්‍රකාශ කරයි.

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී වසර 29ක් පැරණි වාර්තාවක් බිඳ වැටෙයි

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ 56 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනය යේදී වසර 29ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් බිඳ වැටෙයි.

නයිජීරියාවේ වෙඩි තැබීමකින් 16 ක් මරුට

නයිජීරියාවේ ආගමික ස්ථානයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබේ. එරට පවතින වාර්ගික ගැටුම් මුල් කරගනිමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ. මියගිය පුද්ගලයින් අතර, පූජකවරුන් දෙදෙනෙකු ද සිටී.

ඉරානයෙන් දැඩි ප්‍රතිචාර

ඉරානයේ බැලිස්ටික් මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් නව එකඟතාවයකට පැමිණෙන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැකොන් පවසයි.

ලොව ප්‍රථම ශිශ්න හා වෘෂණ පැස බද්ධ කිරීම සාර්ථකයි

ලොව ප්‍රථමවරට පූර්ණ ශිශ්නය හා වෘෂණ පැස බද්ධ කිරීමක් සාර්ථකව ඉටුකිරීමට ඇමෙරිකානු වෛද්‍ය කණ්ඩායමක් සමත් වූහ. ඇෆ්ඝනිස්තානයේදී බෝම්බයකින් තුවාල ලද සෙබළෙකුට අදාළ අවයව බද්ධ කරනු ලැබුවේ මේරිලන්ඩ්, බෝල්ටිමෝර් හි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් විසිනි.

ඉන්දුනීසියාවේ හිටපු කථානායකට වසර 15 ක සිර දඩුවම්

ඉන්දුනිසීයාවේ හිටපු කථානායක සෙට්යා නොවන්තෝට වසර 15 ක සිරදඬුවම් නියම වී තිබේ. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 170 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අදාළවයි. විද්යුත් ජාතික හැඳුනුම්පත් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියකට අදාළව ඔහු  මෙම මුදල වංචා කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ටොරෙන්ටෝ ඝාතන සිද්ධියේ සැකකරුගෙන් ප්‍රශ්න කෙරේ

කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ කාර්යබහුල වීථියක ගමන් කරමින් සිටි පිරිසක් ඉලක්ක කර වෑන් රථයක් පදවා පුද්ගලයෙකු විසින් සිදුකළ අනතුරකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 15 දෙනෙකු තුවාල ලැබීය. වෑන් රථය පදවන ලද 25 හැවිරිදි ඇලෙක් මිනසියන් නම් සැකකරු මේ වන විට පොලිස් අත්අඩංගු වේ පසුවේ.

කැනඩා අනතුරෙන් මියගිය පුද්ගලයින් අතර, ශ්‍රී ලාංකික කාන්තාවක්

කැනඩාවේ - ටොරොන්ටෝ නගරයේදී පදිකයින් පිරිසක් වෙතට වෑන් රථයක් කඩා වැදී පෙරේදා සිදුවූ අනතුරින් ශ්‍රී ලාංකික කාන්තාවක් ද මියගොස් ඇත. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රේණුකා අමරසිංහ නමැති 45 හැවිරිදි එක්දරු මවක් වන අතර, ඇය හොරණ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්කි. මෙම අනතුරින් පුද්ගලයින් 10 දෙනෙකු මියගිය අතර තුවාල ලැබූ සංඛ්‍යාව 15 ක් වේ.

පරාක්‍රම සමුද්‍රයේ ජලය නිකුත් කෙරේ

පොළොන්නරුව - පරාක්‍රම සමුද්‍රයේ ජලයෙන් වගා කෙරෙන ගොවි බිම් සඳහා යල කන්නයට ජලය නිකුත් කිරීම ඇරඹි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.කේ. හේවාගම ප්‍රකාශ කළේ මේ වන විට පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි එක්ලක්ෂ 16,100 ක මට්ටමේ පවතින බවය.

15 වැනි ශංහයි සහයෝගීතා සංවිධානයේ ජාතිකාරක්ෂක අමාත්‍යවරුන්ගේ සමුළුව ඇරඹේ

15 වැනි ශංහයි සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල ජාතිකාරක්ෂක අමාත්‍යවරුන්ගේ සමුළුව පැවැත්වේ. චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, ජාතිකාරක්ෂක අමාත්‍ය වේ ෆෙං හ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සමුළුව 24 වැනි දින බෙයිජිංහි දී පැවැත්විණ.

තෙල් මිල වැඩි නොකරන බවට සහතිකයක්

ඉන්ධන මිල වැඩි කිරීමේ අදහසක් නැතැයි, ඛණිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කරයි. ඛණිජ තෙල් සංස්ථාව පාඩු ලැබුවත්, මේ අවස්ථාවේ ඉන්ධන මිල වැඩි කර ජනතාව ඉන් පීඩනයට පත්කිරීමට අදහස් නොකරන බව, අමාත්‍යවරයා පවසයි.

ලොව සෑම විනාඩි දෙකට වරක් අවුරුදු 05ට අඩු දරුවෙකු මැලේරියාව නිසා ජීවිතක්ෂයට පත් වේ

ශ්‍රී ලංකාව තුළ මැලේරියා රෝගය යළිත් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. මේ වන විට ශ්‍රී ලංකාව මැ‍ලේරියාව තුරන් කළ රටක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර ඇත. මැ‍ලේරියාව යනු, මාරාන්තික රෝගයක් මෙන්ම දිගු කාලීන සමාජීය හා ආර්ථිකමය ප්‍රතිවිපාක ගෙන දෙන විනාශකාරී රෝගයකි.