Social Icons

facebookrss feedemailtwitter

Tuesday, February 27, 2018

අර්තාපල් බද්ද රුපියල් 29 කින් ඉහළට

ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑම් එකක් මත මෙතෙක් පනවා තිබූ රුපියල් 1/=ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද 23 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 30/= දක්වා ඉහළ දමා තිබේ. දේශීය අර්තාපල් අස්වැන්න වෙළෙඳ පොළට පැමිණෙමින් තිබෙන හෙයින් ගොවියාට සහන ලබා දීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇත. මාර්තු මස 31 වැනිදා දක්වා නව බදු සංශෝධනය ක්‍රියාත්මක වේ.

ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදනයක්

2006 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේ දී සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමික්තාවය සම්බන්දයෙන් රුපියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදනයක් නිකුත් කර ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කර ඇත.

සජීවී වැඩසටහන අතරතුර නිවේදිකාව දරුවා බිහි කරයි

අමෙරිකාවේ ගුවන් විදුලි නිවේදිකාවක් සිය වැඩසටහන සජීවීව සිදුකරන අතරතුර දරුවෙකු ප්‍රසූත කර තිබේ. කැසිඩේ ප්‍රොක්ටර් නැමැති එම නිවේදිකාව උදෑසන ගුවන් විදුලි වැඩසටහනක් සිදුකරන අතරතුර සිසේරියන් සැත්කමක් මඟින් දරුවෙකුට උපත ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මෙම දරු පුසූතිය සජීවිව වැඩසටහන සිදුකරන අතරතුර සිදුකිරීමට සැලසුම් කර තිබූ අතර ඒ සඳහා රෝහල් කාර්යමණ්ඩලයක සහය ද හිමිව තිබේ.

අධි-සංවේදි ස්කෑනරයක්

සෞදි ගුවන්තොටුපලෙන්ගුවන්යානාවලට ගොඩ වීමට ප්‍රථමයෙන් ගුවන් මඟින්ගේ පාවාහන් පරීක්ෂා කිරීමසඳහා අධි-සංවේදි පාවාහන් සුපිරික්ෂකයන් (scanners) සවි කිරීමට සැළසුම් කර ඇති බවටමාධ්‍ය හමුවක් පවත්වමින් සෞදි ගුවන්තොටුපල බලධාරීන් ප්‍රකාශ කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ලොව විශාලතම මොලයේ පිළිකාව

ලොව විශාලතම මොලයේ පිළිකාව ඉවත් කිරීමට ඉන්දීය වෛද්‍යවරුන් පිරිසක් සමත් වෙයි. පුද්ගලයෙකුගේ ලොව විශාලතම, මොලයේ පිළිකාව ලෙස සැලකෙන පිළිකාවක් ඉවත් කිරීමට ඉන්දීය වෛද්‍යවරුන් පිරිසක් සමත්ව තිබේ. අදාළ පිළිකාව  කිලෝ දෙකකට ආසන්න බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහුගේ හිසට පිටුපසින් ඉහලට අදාළ පිළිකාව වර්ධනය වී තිබූ අතර මුම්බායි හි රෝහලකදි පැය 07ක් පුරා සිදුකළ සැත්කමකින් පසුව එම කොටස ඉවත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට භූ තාප බලාගාරයක් ඉදිකිරීමට සැළසුම්

ශ්‍රී ලංකාවේ පළමු වරට භූ තාප බලාගාරයක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. එළඹෙන මාර්තු මස අවසන් වන විට එහි කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේය.

පාපන්දුවේ වගකීම ෆකර් අලීට

ශ්‍රි ලංකා පන්දු කන්ඩායමේ නව පුහුණුකරු ලෙස ශ්‍රි ලංකාවේ ප්‍රවීන පාපන්දු පුහුණුකරු මොහෝමඩ් නිසාම් පකර් අලි අද පත් කෙරුණා. ඔහු ජාත්‍යන්තර පාපන්දු සංගමයේ විශේෂිත පුහුණුව සහිත පුහුණුකරුවෙකු වනවා. මොහෝමඩ් නිසාම් පකර් අලි මීට පෙර රටවල් කිහිපයක් පුහුණුරු වශයෙන් කටයුතු කර තිබෙනවා. ඔහු මිට පෙර මෙරට පාසැල් සහ කාන්තා පාපන්දු කණ්ඩායම් වල පුහුණුකරු වශයෙන් ක්‍රියා කර තිබෙනවා.

සැසිවාරය ඇරඹීමටත් පෙර ශ්‍රී ලංකාව ගැන ජගත් මානව හිමිකම් කොමසාරිස්ගෙන් වාර්තාවක්

ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කළ හැකි වෙනත් ක්‍රියාමාර්ග සොයා බැලිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු පවසයි. මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි මහ සභා සැසිවාරය ඇරඹීමට පෙර ශ්‍රී ලංකාව පිළිබඳව වාර්තාවක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පළ කළ බවයි වාර්තා වී ඇත්තේ.

ශ්‍රිදේවි නිහඩ වේ

ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි නිළියක වූ ශ්‍රීදේවි කපූර් අභාවප්‍රාප්ත වුවාය. හෘදයාබාධයකට ලක්ව මිය යනවිට ඇය 54 වෙනි වියේ පසුවූ බව ඇගේ පවුලේ සාමාජිකයෝ පැවසුහ. ශ්‍රිදේවි යන නමින් කා අතරත් ප්‍රකටව සිටි ඇය ඩුබායි හිදී අවසන් සුසුම් හෙළුවේ පවුලේ මංගලෝත්සවයකට සහභාගීවෙමින් සිටියදීය. වයස අවුරුදු හතරේ සිටම ඇය දෙමළ, තෙලුගු, මලයාලම්, කන්නඩ මෙන්ම හින්දි භාෂා වලින් නිමවුණු චිත්‍රපටවලට එක්වූවාය.

උතුරු කොරියාවට එරෙහිව ඉතිහාසයේ ප්‍රබලම සම්බාධක පණවන බව ඇමෙරිකානු ජනපති පවසයි

ජනාධිපතිවරයා පසුගිය 23 වැනි දා කොන්සර්වටිව් සාමාජික රැස්වීමක් අමතමින් මේ බව පැවසීය. මේ අතර ඇමෙරිකානු මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කළේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික සංවර්ධන ව්‍යාපෘතීන්හී මුදල් මූළාශ්‍රය බිඳීමට පුද්ගලයන්  හා පුද්ගල නොවන ඒකකයන් 56කට එරෙහිව සම්බාධක පණවන බවය. ඇමෙරිකාව උතුරු කොරියාවට දැඩි පීඩනයක් එල්ල කිරීම  පිළිබඳ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම එහි අරමුණ බව මුදල් අමාත්‍යංශය නිවේදනය කළේය.

ජෙරුසලමෙහි ඇමෙරිකා තානාපති කාර්යාලයක්

ඇමෙරිකාව ජෙරුසලමෙහි තානාපති කාර්යාලයක් ස්ථාපිත කිරීමට පියවර ගනී. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා Heather Nauert මහත්මිය 23 වැනිදා ප්‍රකාශ කළේ ජෙරුසලමෙහි තානාපති කාර්යාලය මැයි මාසයේ දී විවෘත වනු ඇති බවයි. ඒ ඊශ්‍රායල 70 වැනි නිදහස් සංවත්සරයට සමගාමීවය. ඇමෙරිකාවේ ජෙරුසලම් කොන්සල් ජෙනරාල් කාර්යාලය පිහිටි ස්ථානයේ ඇමෙරිකාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලය තාවකාලිකව ක්‍රියාත්මක කිරීම‍ට අපේක්ෂා කෙරේ.

සෝමාලියාවේ මොගඩිෂු ද්විත්ව බෝම්බ පිපිරීමක්

සෝමාලියාවේ මොගඩිෂු අගනුවර සිදුවූ ද්විත්ව බෝම්බ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 32ක් දක්වා ඉහළ යයි. බරපතල තුවාල ලැබූ කිහිප දෙනෙකු මියයාමෙන් මියගිය පිරිස ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ. සෝමාලියා ජනාධිපති මන්ධිරයට ඇතුළු වූ සටන්කාමීන් 5 දෙනාම මරා දැමීමට එරට ආරක්ෂක අංශ සමත් වී ඇත. සටන්කාමීන් ගේ ප්‍රහාරයෙන් ජනාධිපති ආරක්ෂකයෙකු මිය ගොස් තිබේ.

ඇමෙරිකාවට ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට කොන්දේසි පැනවිය නොහැකි බව ඉරාන විදේශ අමාත්‍යවරයා සදහන් කර සිටී

ඉරාන විදේශ අමාත්‍ය Mohammad Javad Zarif මහතා 24 වැනිදා ‍ටෙහෙරාන් විශ්ව විද්‍යාලයේ දේශනයක් කරමින් මේ බව සදහන් කර ඇත. ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ජාත්‍යන්තර බහුපාර්ශවික ගිවිසුමක් බැවින් ඒක පාර්ශවික අත්සන් කිරීමේ සාමාජික රටක් වන ඇමෙරිකාවට ගිවිසුමට කොන්දේසි පැනවිය නොහැකි බව විදේශ අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ ය.

පුංචි ඡන්දයෙන් තේරී පත් වූ කාන්තා සභික ප්‍ර‍තිශතය 10%ක්

මෙවර පළාත් පාලන ආයනත ඡන්ද විමසීමේදී ඡන්දයෙන් තේරී පත් වූ කාන්තා සභික ප්‍ර‍තිශතය 10% දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. කාන්තා නියෝජනය අඩු කිරීමේ අදහසක් නැති බවද හෙතෙම කියා සිටී.

දුම්රිය අනතුරු වැළැක්වීමට සැලසුම්

දුම්රිය මාර්ග අනතුරු සිදුවන ස්ථාන හඳුනාගනිමින් ඒවා වැළැක්වීම සඳහා කෙටිකාලීන හා දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) විජය සමරසිංහ මහතා පවසයි. ඒ අනුව මේ විට කෙටිකාලීන ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කර තිබෙන බව පෙන්වා දුන් ඒ මහතා දුම්රිය, දුම්රිය ස්ථානවල නැවැත්වීමේ ස්ථාන ප්‍රමාණය අඩු කිරීම මෙන්ම දුම්රිය කාලසටහන වෙනස් කිරීම සිදු කර තිබෙන බව සඳහන් කළේය.

කැබිනට් මණ්ඩලය සංශෝධනය කෙරේ

නීතිය හා සාමය පිළිබඳ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිබේ. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙසද අග්‍රමාත්‍යවරයා කටයුතු කරයි. නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සාගල රත්නායක මහතා යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

G - 24 තාක්ෂණික කමිටු රැස්වීම ශ්‍රී ලංකාවේදී

G -24 රටවල්හි තාක්ෂණික කමිටු රැස්වීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් 27 කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කරනු ඇත.   දෙදිනක් මුළුල්ලේ පැවැත්වෙන මෙම තාක්ෂණික කමිටු රැස්වීම සඳහා සාමාජික රටවල මුදල් අමාත්‍යංශ ලේකම්වරුන් හා මහා බැංකු අධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් 45 කට වැඩි ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතය.

23වැනි සීත සෘතු ‍ඔලිම්පික් උළෙල නිමාවට පත්වේ

සමාප්ති උත්සවය 25 වැනි දින රාත්‍රීයේ පැවැත්විණ. දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් හා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බැච් යන මහත්වරුන් සමාප්ති උළෙලට එක්වූහ. මීළග සීත සෘතු ‍ඔලිම්පික් ක්‍රීඩා උළෙල වසර 4 කින් චීනයේ පැවැත්වීමට නියමිතය.

උතුරු කොරියාවේ අමෙරිකානු ප්‍රතිපත්තිය

දකුණු කොරියා ජනාධිපති මන්දිරයේ ප්‍රකාශක Kim Eui-kyeom මහතාගේ ප්‍රකාශයකට අනුව දකුණු කොරියානු ජනාධිපති Moon Jae-in මහතා 25 වැනි දා PyeongChang නගරයේදී සීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා පැමිණි උතුරු කොරියාවේ ජ්‍යෙෂ්ඨ නියෝජිත කණ්ඩායම හමු වී තිබේ. එම හමුවේදී දෙපාර්ශ්වය ද්විපාර්ශ්වික සබඳතාව පෙරට වඩා පුළුල් ක්ෂේත්‍රවලදී වඩාත් වැඩි ප්‍රගති ලබා ගැනීමට කැමැත්තක් දැක්වූහ.

තුර්කියේ කාන්තාවන් 15කට මරණ දඩුවම

අයි.එස් සංවිධානයට සම්බන්ධව කටයුතු කළ බවට චෝදනා එල්ල වී ඇති තුර්කි කාන්තාවන් 15 දෙනෙකුට ඉරාක අධිකරණයටක් විසින් මරණ දඩුවම නියම ව  ඇත. විදෙස් වාර්තා පවසන්නේ කාන්තාවන් 16 දෙනෙකුට අදාල චෝදනාව එල්ල වී ඇති අතර ඉන් එක් අයෙකුට ඉරාක අධිකරණය විසින් ජිවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කර ඇති බවය.

Saturday, February 24, 2018

ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නොර්වේ රාජ්‍යය ඉදිරියෙන්

දකුණු කොරියාවේ පියොංචෑන්ග් හීදි පැවැත්වෙන ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට නෝර්වේ රාජ්‍ය සමත්ව තිබේ. ඔවුන් රන් පදක්කම් 13ක්, රීදී පදක්කම් 11ක් සහ ලෝකඩ පදක්කම් 09ක් දිනාගැනීමට සමත්විය. ජර්මනිය රන් පදක්කම් 12ක්, රිදී පදක්කම් 07ක් සහ ලෝකඩ පදක්කම් 05ක් දිනා දෙවන ස්ථානයේ පසුවේ.

සිරියාවේ ගුවන් ප්‍රහාර වලින් 400ක් මියයයි

18 වැනි දින සිරියාවේ නැගෙනහිර ගූථා ප්‍රදේශයට එල්ල වන ගුවන් ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 400 ඉක්මවා ඇතැයි වාර්තා වේ.  රුසියානු සහ සිරියානු ගුවන් හමුදා ඉරිදා සිට අඛණ්ඩව මෙම ප්‍රදේශයට ගුවන් ප්‍රහාර එල්ල කරන අතර මෙම ප්‍රදේශය සිරියානු කැරැලිකරුවන්ගේ පාලනයේ පවතින අවසන් ප්‍රදේශය යැයි ද පැවසේ. ගුවන් ප්‍රහාරවලින් තුවාල ලැබූ පිරිස 2,200 ඉක්මවා ඇතැයි මානව හිමිකම් නිරීක්ෂණ සංවිධාන සඳහන් කර ඇත.  

ඉරානය න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වන ලකුණු

දිගින් දිගටම ප්‍රමාණවත් ආර්ථික ප්‍රතිලාභ නොලැබුණහොත් මීට වසර තුනකට පෙර අත්සන් තබන ලද න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වන බව ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යය අබ්බාස් අරාකි පවසයි. එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් බ්‍රිතාන්‍ය, චීනය, ප්‍රංශය, ජර්මනිය, රුසියාව යන ඉරානය සමඟ 2015 වසරේදී “ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට” එකඟත්වය පළ කළේය.

කළුගඟේ ජලයට ලවණ මුසුවීමෙන් පානිය ජලය පිළිබද ගැටලුවක්

වියළි කාලගුණ තත්ත්වය සමඟ කළු ගඟට ලවණ මුසු මුහුදු ජලය එක්වන බැවින් එයින් සැපයෙන ජලය පානයට නුසුදුසු බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව වාද්දුව, වස්කඩුව, කළුතර උතුර, කළුතර දකුණ, නාගොඩ, බෝම්බුවල, පිළිමිනාවත්ත, පයාගල, මග්ගොන, බේරුවල, අළුත්ගම, දර්ගා නගරය සහ ඛෙන්තර යන ප්‍රදේශයන් සඳහා ජල සම්පාදන මණ්ඩලයෙන් සැපයෙන ජලයෙහි මෙම ගැටළුව පවතින අතර එම ජලය පානයට හැර සෙසු සියලූ දෛනික කටයුතු සඳහා යොදාගත හැකි බව ද එම මණ්ඩලය සඳන් කරයි.

සිංගප්පූරු ජනතාවට ඩොලර් 300ක පාරිතෝෂිකයක්

අවුරුදු 21 ට වැඩි සෑම සිංගප්පූරු වැසියකුටම සිංගප්පූරු ඩොලර් 300ක පාරිතෝෂිකයක් ගෙවන බව සිංගප්පූරුවෙන් වාර්තාවේ. පසුගිය වසරේ අයවැයෙන් සිංගප්පූරු ඩොලර් බිලියන 10ක අතිරික්තයක් ලැබී ඇති බවත් එහි ප්‍රතිලාභ සිංගප්පූරු වැසියන්ට හිමි විය යුතු බව සඳහන් කරමින් සිංගප්පූරු මුදල් අමාත්‍යවරයා මේ පිළිබදව අදහස් දක්වමින් සදහන් කර ඇත.

මාලදිවයිනේ විදේශ ආයෝජන අපේක්ෂාව ඇමෙරිකානු ඩොලර් කෝටි 340ක්

ඇමෙරිකානු ඩොලර් කෝටි 340ක වි‍දේශ ආයෝජනය ආකර්ෂණය කිරීමට ඉදිරි වසර පහ තුළ තම රට පියවර ගන්නා බව, මාලදිවයින් ජනාධිපතිවරයා පවසයි. ඔහු මේ බව සදහන් කළේ 2018 පාර්ලිමේන්තු පළමු සැසිවාරයේදීය. ගෙවී ගිය වසර කිහිපය තුළ මාලදිවයින් රජය හා ජනතාව රටේ ආර්ථික සංවර්ධනය උදෙසා කැපීපෙනෙන ලෙස දායක වී ඇතැයි ජනාධිපති  Abdullah Yameen මහතා පෙන්වා දුන්නේ ය.

ඉන්දීය ධීවරයන් 20කට නිදහස

නීති විරෝධීව මෙරට මුහුදු සීමාවේ දී මසුන් ඇල්ලීමේ නිරතවූ ඉන්දීය ධීවරයින් 129 දෙනෙක් මෙම වසරේ දී අත් අඩංගුවට ගනු ලැබීය. ඉන් 109 දෙනෙක් පසුගියදා නිදහස් කර ඉන්දීය නාවික හමුදාවට හා වෙරළාරක්ෂක බලකායට බාර දෙනු ලැබීය. ඒ ඉතිරි ධීවරයින් 20 දෙනාත් නිදහස් කිරීමට නියමිතයි. මේ වනවිට ඉන්දීය මුහුදු සීමාවේ දී අත්අඩංගුවට පත්ව සිටින ශ්‍රී ලාංකික ධීවරයින් 06 දෙනෙක් ද ඉන්දීය රජය විසින් නිදහස් කර ඇති අතර තවත් 06 දෙනෙක් ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවේ පසුවෙති. ඔවුන්ගෙන් 04 දෙනෙක් ධීවරයින් නොවන අතර මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුක්ත වුවෝ වෙති.

පෘථිවි 2 ක මිසයිලය සාර්ථකයි

ගොඩබිමක සි‍ට ගොඩබිමකට එල්ල කළ හැකි මෙම මිසයිලය සම්පූර්ණයෙන්ම ඉන්දීය දේශීය නිශ්පාදනයකි. නැගෙනහිර ඔඩිස්සා ප්‍රාන්තයේදී අත්හදා බැලීම සිදු කෙරිණ.මිසයිලයේ ප්‍රහාරක පරාසය කිලෝමීටර 350කි. අත්හදා බැලීමේදී අපේක්ෂා කළ සියළු නිර්ණායකයන් සම්පූර්ණ කර ගැනීමට හැකිවූ බව ඉන්දීය ආරක්ෂක නිලධාරීහූ පවසති.

පළාත් පාලන ආයතන සඳහා සභිකයින් 5075ක්

මෙවර පළාත් පාලන ඡන්ද විමසීම අනුව පළාත් පාලන ආයතන සඳහා සභිකයින් 5075ක් තේරී පත් ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි. මෙම මැතිවරණයෙන් සෑම කොට්ඨාසයකින්ම 5%කට අඩු ඡන්ද ප්‍ර‍තිශතයක් ලබාගත් සියලු දෙනාගේම ඇප මුදල් රාජසන්තක වන බව මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවේදී සභාපතිවරයා සඳහන් කළේය.

Friday, February 23, 2018

නාසා වියදම් කප්පාදුවකට ට්‍රම්ප් සැරසේ

ඇමරිකානු නාසා ආයතනයේ වියදම් වෙනුවෙන් 2018 වසර සඳහා වෙන් කරන මුදල කැපී පෙනෙන ලෙස කපා හැරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කර ඇති බව වාර්තාවේ. නාසා ආයතනය ප්‍රකාශ කළේ එහි ඇතැම් අභ්‍යාවකාශ ගවේෂණ කටයුතු සීමා කිරීමට සිදුවනු ඇති බවයි. බ්‍රහස්පතිගේ හිමෙන් වැසුණු යුරෝපා චන්ද්‍රයා වෙත ගවේෂණ යානයක් යැවීම ද මේ අනුව නතර කිරීමට සිදුවනු ඇති. ජනාධිපති ට්‍රම්ප් ඉදිරි වසරේදී කලා කටයුතු සඳහා මෙන්ම, විදේශ ආධාර ලෙස ලබාදෙන මුදල් ප්‍රමාණය ද අඩු කිරීමට යෝජනා කර ඇති බව සඳහන්.

අමෙරිකාවේ ගිනි අවි භාවිතය පිළිබඳ සෝදිසි කිරීම් ඉහළ නැංවීමට ට්‍රම්ප්ගේ කැමැත්ත

අමෙරිකාවේ පාසලක සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව එරට ගිනි අවි භාවිතය පිළිබඳ සෝදිසි කිරීම් ඉහළ නැංවීමට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැමැත්ත පළ කර තිබේ. මේ අනුව පොදු ස්ථානවලට ඇතුළු වීමේ දී ගිනි අවි තිබේද නැද්ද යන්න කරන සෝදිසි කිරීම් වැඩි කිරීමට නියමිතය. පසුගියදා ෆ්ලොරීඩා ප්‍රාන්තයේ උසස් පාසලක සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

පෘතුවියේ උතුරු අර්ධගෝලයේ රටවල් කිහිපයක ඉන්ෆ්ලුවෙන්සා රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. A.H1NI, A.H3N2 සහ ඉන්ෆ්ලුවෙන්සා B වර්ගයේ වෛරස දැනට සක්‍රීයව ව්‍යාප්ත වෙමින් පවතින බවත් එම රෝගය වැලැක්වීමේ හොඳම ක්‍රමය එන්නත් කිරීම බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර ඇත.

ටෙරා කොටා පුතිමාවක ඇඟිල්ලක් සොරා ගනී.

24 හැවිරිදි ඇමෙරිකානු ජාතිකයෙකු එරට කෞතුකාගාරයක ප්‍රදර්ශනය කෙරෙන චීනයේ සුප්‍රකට පුරාවස්තුවක් ලෙස සැළකෙන ටෙරා කොටා ප්‍රතිමාවක වම් අතේ මහපටැඟිල්ල කඩා බිඳ සොරකම් කළ බව වාර්තා වේ. එම ටෙරා කොටා ප්‍රතිමාව වසර 2000 කට වැඩි ඉතිහාසයක් සහිත ඇ.ඩො. මිලියන 4.5 ක වටිනාකමකින් සමන්විතය.

එකම රොකට්ටුවකින් චන්ද්‍රිකා 7 ක් අභ්‍යාවකාශ ගත කිරීමට චීනයට හැකි වේ.

ච්‍යාං හෙන්ග් අංක එක විද්‍යුත් චුම්බක නිරීක්ෂණ ‍චන්ද්‍රිකාව පසුගිය 02 වැනි දා චීනයේ ජියු චිඅන් චන්ද්‍රිකා කක්ෂ ගත කිරීමේ මධ්‍යස්ථානයේදී අභ්‍යාවකාශ ගත කෙරිණ. එම රොකට්ටුව මගින් චීනය, ඌරුගුවේ සහ ඩෙන්මාර්ක් යන රටවල කුඩා චන්ද්‍රිකා හයක් ද කක්ෂගත කර තිබේ.

ඉන්දීය අයවැයෙන් එරට යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ වැඩි අවධානයක්

ඉන්දියානු නව මූල්‍ය අයවැය මගින් එරට යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ වැඩි අවධානය යොමු කෙරේ. ඉන්දීය මුදල් අමාත්‍ය Arun Jaitley එරට පාර්ලිමේන්තුව වෙත 2018- 2019 වර්ෂයේ අයවැය ලේඛනය ඉදිරිපත් කර ති‍බේ. ඒ අනුව, එරට කෘෂිකර්මාන්තය, වෛද්‍ය සේවා, දුම්රිය ඇතුළු යටිතල පහසුකම් සඳහා ප්‍රමුඛතාවන් ලබා දී ඇත.

සයිබර් ආරක්ෂාව තරකර ගැනෙයි

පරිගණක සහ අන්තර්ජාල හරහා සිදුවන “සයිබර් අපරාධ” වලින් ආරක්ෂාවීම පිළිබද ලෝකයම මේ වන විට විශේෂ අවධානයක් යොමු කරමින් සිටී. කටාර් රාජ්‍යයත් - ඇමෙරිකාවත් අතර විශේෂ ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබුණි. ගිවිසුමට අත්සන් තැබුණේ, ඩෝහාහිදීය.

ඇමෙරිකාව නිකුත් කළ න්‍යෂ්ටික වාර්තාව චීනය දැඩි ලෙස හෙළා දකී

ඇමෙරිකාව නිකුත් කළ න්‍යෂ්ටික වාර්තාව චීනය දැඩි ලෙස හෙළා දකී. ඇමෙරිකානු ජාතිකාරක්ෂක දෙපාර්තමේන්තුව එම වාර්තාව නිකුත් කරමින් පදනම් විරහිතව චීනයේ සංවර්ධන සැළැස්ම අනුමාන කර තිබේ. එමඟින් චීනයෙන් එල්ලවිය හැකි න්‍යෂ්ටික තර්ජනය පිළිබඳව දැඩි අවධානයට ලක් කර ඇත.

ග්වන්තනාමෝ බන්ධනාගාරය වහන්න දෙන්න බෑ - ට්‍රම්ප්ගෙන් නියෝගයක්

මත භේදයට තුඩු දී ඇති ග්වන්තනාමෝ බන්ධනාගාරය තව දුරටත් පවත්වා ගෙන යන ලෙස නියෝග කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයක් අත්සන් කළ බව ජාතිය අමතමින් ඔහු ප්‍රකාශ කළේය. බරක් ඔබාමා ජනාධිපතිව සිටියදී පැවසුවේ මෙම මතභේදාත්මක පරිශ්‍රය හැකි ඉක්මනින් වසා දැමීමට අවශ්‍ය බවය.

කොළඹ වරායේ ප්‍රතිනැව්ගත මෙහෙයුම් ධාරිතාවේ කැපී පෙනෙන වර්ධනයක්

කොළඹ වරායේ ප්‍රතිනැව්ගත මෙහෙයුම් ධාරිතාවේ කැපී පෙනෙන වර්ධනයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව එය 20.4%ක වර්ධනයක් බවයි එම අධිකාරිය පෙන්වා දේ. පසුගිය වසරේ ජනවාරි මස ප්‍රතිනැව්ගත බහලු මෙහෙයුම් තුන්ලක්ෂ හැටදෙදහස් හාරසිය පනස් එකක් මෙහෙයුම්කර ති‍බේ.

ඉරාකයේ පශ්චාත් සංවර්ධනයට ඇ.ඩො. බිලියන 30ක්

ඉරාකයේ පශ්චාත් සංවර්ධනය වෙනුවෙන් ඇ.ඩො. බිලියන 30ක් සැපයීමට ජගත් ප්‍රජාව එකඟ වී තිබේ. කුවේට්හි පැවති ඉරාකයේ පශ්චාත් සංවර්ධනය පිළිබඳ ජාත්යන්තර සමුළුවේ අවසන් රැස්වීමට එක්වෙමින් කුවේට් උප අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙවර සමුළුව සඳහා රටවල් හා ජගත් සංවිධාන 76 ක්, අන්තර්ජාතික සංවර්ධන අරමුදල් 51ක් හා රාජ්‍ය නොවන සංවිධාන 107 ක් ඇතුළු තවත් ආයතන සහභාගී විය.

කැබිනට් මණ්ඩල සංශෝධනය අද සිදුවන ලකුණු

අද (23) දිනයේදී කැබිනට් මණ්ඩලයේ වෙනසක් සිදුවිය හැකි බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි. කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

නගර 13ක් උපායමාර්ගික නගර ලෙස සංවර්ධනයට පියවර

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන උපායමාර්ගික නගර සංවර්ධන සැලැස්ම යටතේ නගර 13ක් උපායමාර්ගික නගර ලෙස සංවර්ධනය කිරීමට පියවර ගැනේ. ඒ අනුව මහනුවර, ගාල්ල, යාපනය, අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකළපුව, බදුල්ල, රත්නපුර, මාතර, කුරුණෑගල, නුවරඑළිය සහ දඹුල්ල එලෙස සංවර්ධනය කරනු ඇත.

බුද්ධි තොරතුරු හුවමාරු කලාපයක් ශ්‍රී ලංකාවට

දකුණු ආසියානු කලාපයේ රටවල් අතර බුද්ධි තොරතුරු හුවමාරු කිරීමේ කලාපීය මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට රජයේ අවසරය හිමිවේ. එම කලාපීය මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

Thursday, February 22, 2018

2017 වසරේ මත්ස්‍ය අපනයනයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 15ක්

2017 වසරේ මත්ස්‍ය අපනයනයෙන් රටට ලැබුණු ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 15 ඉක්මවන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. පසුගියදා මට්ටක්කුලිය සීනෝර් සී නෝර් පදනමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය. ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය මේ වනවිට විශාල දියුණුවක් ලබා තිබේ.

නව ආර්ථික වැඩපිළිවෙළ ලබන සතියේදී ප්‍රකාශයට

ඒ අනුව රටට අවශ්‍ය කඩිනම් ආර්ථික කළමනාකරණ වෙනස්කම් සහිත නව වැඩපිළිවෙල ජාතික ආර්ථික සභාව ඉදිරිපත් කිරීමට ක්‍රියා කෙරේ. ජාතික ආර්ථික සභාව ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළැඹිණ.

ජාතික ආණ්ඩුවේ ගිවිසුම තවදුරටත්

ජාතික ආණ්ඩුව තවදුරටත් ක්‍රියාත්මක බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරු පාර්ලිමේන්තුවට දැනුම් දෙති. ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතිකර ගෙන තිබෙන ගිවිසුම තුළ තවදුරටත් රැදී සිටින බව ඔවුහු සඳහන් කළහ. ව්‍යවස්ථාවට අනුව යෝජනාව තවදුරටත් වළංගු බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

වසර 2022 බෙයිජිං සීත සෘතු ඔලිම්පික් උළෙලට චීනය සූදානම්

වසර 2022 බෙයිජිං සීත සෘතු ඔලිම්පික් උළෙල පිළිබඳ සූදානම තවදුරටත් විධිමත් කෙරේ. චීනයේ චං ජ්‍යා කෝ නගරයේ පිහිටි බෙයිජිං සීත සෘතු ඔලිම්පික් තරග පැවැත්වෙන ස්ථානයක් වන යුන්ඩිං හී හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාංගනයේ ඉදි කිරීම කඩිනම් කෙරේ.

මාලදිවයිනේ හදිසි තත්ත්වය තවත් මසකින් දීර්ඝ කෙරේ

එරට ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව මාලදිවයින් පාර්ලිමේන්තුව ඊට අනුමැතිය ලබාදී ඇත. සැසිවාරයට සහභාගීවූ මන්ත්‍රීවරුන්ගෙන් සියය‍ට 40 කට වැඩි පිරිසක් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. ජාතික ආරක්ෂාවට පවතින තර්ජනය හා ව්‍යවස්ථා අර්බුද හේතුවෙන් හදිසි තත්ත්වය තවත් මසකින් දීර්ඝ කරන ලෙසට එර‍ට ජනාධිපතිවරයා විසින් ඉල්ලා ති‍‍බේ. එය විවාදයට ගත් පාර්ලිමේන්තු සැසිවාරය එරට විපක්ෂය විසින් වර්ජනය කර තිබිණ.

ජල විදුලි නිෂ්පාදනයට කෘතීම වැසි

ජල විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ජලය සපයා ගැනීම සඳහා කෘත්‍රිම වැසි ඇති කිරීමේ හැකියාව පිළිබද සොයා බැලේ. තායිලන්තය සමඟ එය ක්‍රියාත්මක කිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පියවර ගෙන ඇත. මෙරට විදුලි නිෂ්පාදනයෙන් 40% කට අධික ප්‍රමාණයක් ජලය මගින් නිශ්පාදනය කෙරේ. පවත්නා වැසි රහිත කාලගුණය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනයට ජලය සපයා ගැනීම දිනෙන් දින ගැටලුවක් වෙමින් පවතී.

“BAFTA” හොඳ ම නළුවාට හිමි සම්මානය ගැරී ඕල්ඩ්මන්ට

පසුගිය දා නිමාවට පත්වූ බැෆ්ටා සිනමා සම්මාන උළෙලේ හොඳ ම නළුවාට හිමි සම්මානය හිමි කර ගැනීමට බ්‍රිතාන්‍ය රංගන ශිල්පී ගැරී ඕල්ඩ්මන් සමත් විය. ඒ Darkest Hour හොලිවුඩ් සිනමා නිර්මාණයේ රංගනය වෙනුවෙනි. 59 හැවිරිදි ගැරී සිනමාවට සේම වැඩසටහන් ඉදිරිපත් කිරීමට ඉතා දක්ෂයෙක් ලෙස සැළකේ.