Social Icons

facebookrss feedemailtwitter

Tuesday, February 6, 2018

සීගිරිය කැටපත් පවුරේ නැවතත් දීලීරයක් පැතිරයාමේ අවධානමක්

සීගිරිය කැටපත් පවුරේ කොටසක දීලීරයක් පැතිරයාමේ අවදානමක් මතුව ඇති බව පසුගියදා වාර්තා විය. සීගිරි කැටපත් පවුර සංරක්ෂණය සම්බන්ධයෙන් කටයුතු සිදු කරන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනික සංරක්ෂකයින් සහ කැළණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකරන ලද පර්යේෂණයකින් අනතුරුව මේ බව අනාවරණය විය.




අදාළ තත්ත්වය පිළිබඳ රසායනික සංරක්ෂණය සිදුකිරීමට මෙරට ප්‍රවීණයන් කඩිනමින් ක්‍රියා කරයුතු බව ඔවුන් පෙන්වා දී තිබිණ. ඒ අනුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාවල මහතාගේ උපදෙස් මත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රසායනික සංරක්ෂණය පිළිබඳ විශේෂඥයින් සීගිරිය කැටපත් පවුරේ අදාළ කොටසේ සංරක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.


මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් මහාචාර්ය පී. බී. මණ්ඩාවල මහතා විසින් විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ද වහා දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව සදහන්. මෙම තත්ත්වයට වහා පිළියම් යෙදීම සඳහා දේශීය විශේෂඥයින්ගේ උපරිම දායකත්වය ලබා ගන්නා ලෙස උපදෙස් ලැබී ඇති බව සදහන්වේ.


අවශ්‍ය ඕනෑම අවස්ථාවක විදේශීය විශේෂඥයින් ගේ ද සහය ලබා ගැනීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා දැනුම් දී තිබේ. වැය වන මුදල පිළිබද නොහිතා ඉක්මණින් ඒ සදහා ක්‍රියාත්මක වන ලෙසයි, උපදෙස් ලැබී ඇත්තේ.



ඒ සදහා දිලීරයේ වර්ධන වේගය හදුනා ගැනීමට පවතින උෂ්ණත්වය නිරීක්ෂණය කිරීමට හැකි අධි තාක්ෂණික කැමරා යොදා ගන්නා බව ද පැවසේ. සීගිරි කැටපත් පවුර ආරක්ෂා කිරීම ඇත්තෙන්ම ජාතියේ වගකීමකි.