Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 8, 2018

ළමා ඉතුරුම් ගිණුම් වලින් බදු මුදල් ලබාගැනීම හෙළා දකිනවා - පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

රජයේ නව බදු පනත අනුව ළමා ඉතුරුම් ගිණුම් වලින් සියයට 5 ක බදු මුදලක් 2018 අප්‍රේල් පළමු වැනි දින සිට ලබා ගැනීමට ක්‍රියා කිරීම තරයේ හෙළාදකින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

එම සංවිධානය පවසන ලෙස ළමා ඉතුරුම් ගිණුම් සඳහා ලැබෙන පොලියෙන් සියයට 5 ක මුදලක් රජය ලබා ගනී. නව බදු පනත හදුන්වාදීමේ දී රජය ප්‍රකාශ කර සිටියේ ජෙෂ්ඨ පුරවැසි ගිණුම් මඟින් බදු ලබා ගන්නේ ලක්ෂ 15 කට වැඩි ගිණුම් වලින් පමණක් වන බවයි.

 නමුත් අප්‍රේල් මස සිට සෑම ජෙෂ්ඨ පුරවැසි ගිණුමකින්ම බදු ලබාගෙන ඇති බවත් එම සංවිධානය පවසයි. ළමා ඉතුරුම් ගිණුම් වලින් සියයට 5ක රැදවුම් බද්ද ලබා ගැනීම වහා නවතන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටියි.