Social Icons

facebookrss feedemailtwitter

Wednesday, July 11, 2018

ප්‍රංශය, පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට

රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රංශය සමත් වුණා.

ඒ, පළමු අවසන් පූර්ව තරගයේ දී බෙල්ජියම ගෝල 1-0ක් ලෙස පරාජයට පත් කරමින්. තරගයේ පළමු අර්ධය නිමා වන විට කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කර තිබුණේ නැහැ. කෙසේ වෙතත් තරගයේ 51 වන මිනිත්තුවේ දී ප්‍රංශය ජයග්‍රාහී ගෝලය වාර්තා කළා.

ඒ අනුව ප්‍රංශ කණ්ඩායමක් පාපන්දු ලෝක කුසලාන තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලැබූ තුන්වන අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. මීට පෙර 1998 වසරේ දී ලෝක ශූරතාවය දිනා ගැනීමට ඔවුන් සමත් වූ අතර 2006 වසරේ දී අනුශූරතාවය හිමි කර ගැනීමට ද ප්‍රංශය සමත් වුණා. තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය එංගලන්තය සහ ක්‍රොඒෂියාව අතර අද පැවැත්වීමට නියමිතයි.