Social Icons

facebookrss feedemailtwitter

Wednesday, January 31, 2018

චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමුවන සැසිවාරය මාර්තු මාසයේ

13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමුවන සැසිවාරය මාර්තු මස 5 වැනිදා බෙයිජිං හිදී පැවැත්වේ. 12 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 32 වැනි සැසිවාරයේදී මේ බව තීරණය කර ඇත.

චීන රජයේ කාර්ය වාර්තාව පරීක්ෂා කොට සාකච්ඡා කිරීම, පසුගිය වසරේ චීන ජාතික ආර්ථික හා සමාජ සංවර්ධන සැලැස්මේ ක්‍රියාකාරී තත්ත්වය සහ මේ වසරේ ජාතික ආර්ථික හා සමාජ සංවර්ධනය පිළිබඳ සැළසුම් කෙටුම්පත් වාර්තාව පරීක්ෂා කිරීම මෙවර සැසිවාරයේදී සිදු කෙරේ.