Social Icons

facebookrss feedemailtwitter

Monday, January 29, 2018

ජී.එස්.පී. බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව ඇමරිකානු ජී.එස්.පී. බදු සහනය යළි බලාත්මක කරගැනීමට අපේක්ෂා කරන බව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඇමරිකානු තානාපති කාර්යාලය පසුගියදා සදහන් කර ඇත්තේ, එය ඉක්මණීන් ක්‍රියාත්මක නොවන බවය. මෙරට සමස්ත අපනයන වලින් සියයට 27.5 ක් ඇමරිකාවට යැවෙන අතර, පසුගිය වසරේ එමඟින් ලැබූ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 2.8 කි.
මේ වසරේ පළමු මාස 10 තුළ එම අපනයන වලින් ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 2.4 ක් උපයාගෙන ඇත. කෙසේ වෙතත් රජය පවසන්නේ එක්සත් ජනපදයෙන් ජී.එස්.පී. සහනය බලාත්මක කිරීම අත්හිටවූ පළමු අවස්ථාව මෙය නොවන බවය.