මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින අර්ජුන් ඇලෝසියස් මහතා සම්බන්ධ පර්පචුවල් සමූහ ව්‍යාපාර තුළ ඇති සමාගම් 28 ම බැංකු ගිණුම් අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය කටයුතු කර ඇත. එම ගිණුම්වල ඇති මුදල් බැඳුම්කර ගණුදෙනු පිළිබඳ පරීක්ෂණයන්ට යටත්ව පවතින බැවින් එම ගිණුම් වලින් වෙනත් ගිණුම් වලට රහසිගතව මුදල් හුවමාරු විය හැකි නිසා මෙම අත්හිටුවීම පසුගිය බදාදා සිට සිදු කර තිබේ.
ඒ අනුව එම සමාගම් 28 ට අයත් කිසිදු ගිණුමකින් මුදල් ගණුදෙනු කළ නොහැකි මුත් සේවක පඩි නඩි ගෙවීම් වැනි අවශ්‍යතා එම ගිණුම් මගින් ඉටුකරගැනීමට හා වෙනත් නීත්‍යානුකූල ගෙවීම් සිදුකිරීමට හැකි බව පැවසේ.
ඒ අනුව එම සමාගම් 28 ට අයත් කිසිදු ගිණුමකින් මුදල් ගණුදෙනු කළ නොහැකි මුත් සේවක පඩි නඩි ගෙවීම් වැනි අවශ්‍යතා එම ගිණුම් මගින් ඉටුකරගැනීමට හා වෙනත් නීත්‍යානුකූල ගෙවීම් සිදුකිරීමට හැකි බව පැවසේ.