Social Icons

facebookrss feedemailtwitter

Tuesday, January 30, 2018

නිරායුධකරන සමුළුවෙහි සභාපතීත්වය යළිත් වරක් ශ්‍රී ලංකාවට

ජිනීවාහි නිරායුධකරන සමුළුවෙහි 2018 වසරෙහි සභාපතිධූරයට ශ්‍රී ලංකාව තේරී පත් වේ. මෙම තනතුරෙහි කටයුතු ආරම්භ කරමින් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා සදහන් කර සිටියේ ශ්‍රී ලංකාව මෙම සමුළුවෙහි සභාපතීත්වයට පත්වන්නේ එය හමුවේ තීරණාත්මක අභියෝග රැසක් පවත්නා වකවානුවක බවය.
මෙම අභියෝග අතර වර්තමාන ලෝකයේ පවත්නා ආරක්ෂාව සම්බන්ධයෙන් වන සංකීර්ණ පරිසරය, ගෝලීය ත්‍රස්තවාදය ලෝක සාමයට එල්ල කරන්නාවූ අභියෝග මෙන්ම සීතල යුද සමයෙන් පසුව මතුව ඇති න්‍යෂ්ටික ආයුධ තර්ජන ආදිය අද මානව පැවැත්මට තර්ජනයක් වී තිබේ.

මෙම අභියෝග හේතුවෙන්ම නිරායුධකරන සමුළුවට ඉතාමත් වැදගත් ක්‍රියාකාරී කාර්යභාරයක් ඉටුකිරීමට සිදුවේ. අවසාන වරට ශ්‍රී ලංකාව නිරායුධකරන සමුළුවෙහි සභාපතීත්වයට පත්වූයේ 2007 වසරෙදීය.