Social Icons

facebookrss feedemailtwitter

Sunday, December 9, 2018

ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු තානාපති ධූරයේ වෙනසක්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු නව තානාපතිනිය ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා හීදර් නැවර්ට් නම් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කරයි.

තානාපති ධූරයේ කටයුතු කළ නිකී හේලි මේ වසර අවසානයේදී එම ධූරයෙන් ඉල්ලා අස්වන බව පසුගිය ඔක්තෝබර් මාසයේදී නිවේදනය කර තිබිණ. ඒ අනුව ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා හීදර් නැවර්ට් එම ධූරය සඳහා නම් කළේය. අමෙරිකානු මාධ්‍ය ආයතනයක නිවේදිකාවක් ලෙස කටයුතු කර ඇති නැවර්ට් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය සඳහා එක්වී ඇත්තේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදීය.