Social Icons

facebookrss feedemailtwitter

Tuesday, January 30, 2018

ඡන්දය කල්දාන සූදානමක් නෑ

වසර පහකට පසුව මෙවර පළාත් පාලන මැතිරවණය පෙබරවාරි 10 දාට පැවැත්වීමට නියමිත බවත් එම මැතිවරණය කල් දැමීමේ සූදානමක් මැතිවරණ කොමිසමට නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මැතිවරණ ක්‍රියාවලියේ නිහඩ කාලය වන පෙබරවාරි 08 වන දා බැදුම්කර කොමිසන් වාර්තාව පිළිබඳ විවාදය පැවැත්වුවහොත් එය මැතිවරණයට බාධාවක් විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් කොමිසමේ සාමාජිකයන් තිදෙනා එක්ව සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද සභාපතිවරයා සදහන් කර සිටී.
මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන ජනාධිපති නිතිඥ හිටපු නිති සම්පාදක නිලන් අබේසේකර මහතා සහ තමන් මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීවන් එච්. හූල් මහතාව ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගෙන මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු කරන බව කී සභාපතිවරයා ලබන පළමු වනදා සහ දෙවන දා දේශපාලන පක්ෂ නායකයන්ගේ රැස්වීමක් පැවැත්වීමට තින්දු කර ගෙන ඇති බවද කියා සිටියේය.

බැදුම්කර විවාදය හෝ මහාපරිමාණ දූෂණ වංචා පිළිබඳ විවාදය හෝ පැවැත්වීම කොමිසමට ආදළ නැති බවත් එහෙත් පෙබරාවාරි 08 සහ 09 වන දා නිහඩ කාලසීමාවකට එම විවාදය වැටීම බාධාවක් වී ඇති බව ද කොමිසමේ සභාපතිවරයා සදහන් කර සිටී.