Social Icons

facebookrss feedemailtwitter

Tuesday, January 30, 2018

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

ඩකාහිදී පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ලකුණු 79 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශයට පන්දුවාර 41 යි පන්දු 01 ක් අවසානයේ ලබාගැනීමට හැකිවුයේ ලකුණු 142 ක් පමණි. මුශ්ෆිකර් රහීම් ලකුණු 22 ත් සහ මහමුදුල්ලා 76 ක් ලබාගත් අතර පන්දු යැවීමේදී අකිල ධනංජය සහ දුෂ්මන්ත චමීර කඩුලු 02 බැගින් බිඳහෙලීය.
සිය පළමු එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ ශෙහාන් මදුෂංක කඩුලු ත්‍රිත්වයක් ද ලබා ගනිමින් වාර්තා අතරට එක්වීම විශේෂත්වයකි. කෙසේ වෙතත්, කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 221 ක් ලබාගත්තේය.

උපුල් තරංග 56ක් මෙන්ම නායක දිනේෂ් චන්දිමාල් 45 ක් ද ලබාගත් අතර, පන්දු යැවීමේදී රුබල් හුසේන් කඩුලු 04 ක් බිඳහෙලීය.