Social Icons

facebookrss feedemailtwitter

Wednesday, November 7, 2018

වැඩිම ශතක ලාභී ක්‍රීඩකයා ලෙස රෝහිත් ශර්මා වාර්තා අතරට

පන්දුවාර 20යි 20 ක්‍රිකට් අංශයේ වැඩිම ශතක ලාභී ක්‍රීඩකයා ලෙස ඉන්දියාවේ රෝහිත් ශර්මා වාර්තා අතරට එක්වේ. ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේදී ය.

ගත වූ කාලය තුළ සරණාගතයින් 2000ක් මරුට

යුරෝපීය රටවල් වලට ඇතුළු වීම සඳහා මුහුදු මාර්ග ඔස්සේ ගමන් කළ සරණාගතයින් දෙදහසකට අධික පිරිසක් දියේ ගිලීමෙන් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ ආයතනය පවසයි.

ඇමරිකානු මැතිවරණය අවසන් අදියරට

ඇමරිකාවේ මධ්‍යකාලීන කොංග්‍රස් මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් අදියරට පැමිණ තිබේ.

නවදිල්ලියේ නැවතත් අයහපත් කාළගුණ තත්වයක්

පවතින අයහපත් කාලගුණය සහ පිඳුරු දහනය කිරීමෙන් වායුගෝලයට එක්වන වායුන් හේතුවෙන් ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ වායු දූෂණය සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ.

ඉරාකයේ IS සංවිධානයට අයත්ව තිබූ ප්‍රදේශවලින් සමූහ මිනීවළවල් 200ක්

IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය යටතේ තිබී මුදාගනු ලැබූ ඉරාකයේ ප්‍රදේශ රැසක තිබී සමූහ මිනී වළවල් 200කට වැඩි ප්‍රමාණයක් හමුව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

රුපියල් බිලියන 10.97 ක බැඳුම්කර විදෙස් ආයෝජන ඉවතට

2018 ඔක්තෝබර් 23 වැනි දින සිට ඔක්තෝබර් 31 වැනි දින දක්වා කාලය තුළ දී රජයේ සුරැකුම්පත් ආයෝජන වල විදේශීය හිමිකාරීත්වය රුපියල් බිලියන 10.97 කින් පහළ ගොස් තිබේ.

කැමරූන් රාජ්‍යයේ පාසලක දරුවන් 79ක් පැහැර ගැනේ

කැමරූන් රාජ්‍යයේ වයඹ දිග බමෙන්ඩා හී පාසලක නේවාසිකාගාරයකින් දරුවන් 79 දෙනකු සහ තවත් තිදෙනකු පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

එක්සත් අරාබි එමිරේට්ස් හි රැදී සිටින ලාංකික ශ්‍රමිකයින්ට පොදු සමාකාලය දීර්ඝ කෙරේ

නීත්‍යනුකූලව වීසා බලපත්‍ර නොමැතිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හී රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීම සඳහා ප්‍රකාශයට පත් කර ඇති පොදු සමාකාලය දෙසැම්බර් 01 වැනි දින තෙක් දීර්ඝ කෙරේ.

තලේබාන් ප්‍රහාරයකින් ඇෆ්ගන් හමුදා සාමාජිකයින් 20 ක් ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්ථානයේ බටහිර ඉරාන දේශසීමාවේ පිහිටි මුරපලකට තලේබාන් සටන්කාමීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් රජයේ හමුදා සාමාජිකයන් 20ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

ඇමරිකාව සමග සාකච්ඡා කිරීමට චීනය සූදානම්

වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් මත ගැටුම් පැවැතියත්, තමන් ඇමරිකාව සමඟ සාකච්ඡා පවත්වා එම ගැටුම් මඟ හරවාගැනීමට උත්සාහ කරන බව චීන ජනාධිපති ෂී ජින්පින් මහතා පවසයි.

Tuesday, November 6, 2018

ඇමරිකානු සම්බාධකවලට එරෙහිව ඉරානයේ විරෝධතා

ඇමරිකාව ඉරානයට පැනවූ නව සම්බාධකවලට එරෙහිව ටෙහෙරාන් නගරයේ පිහිටා ඇති ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වේ.

උතුරු කොරියාව යළි ඇමරිකාවට අනතුරු අඟවයි

නැවත වරක් න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් සඳහා යොමු වන බව උතුරු කොරියාව ඇමරිකාවට පවසයි.

වවුචර් ක්‍රමය නවතී - පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි

පාසල් සිසුන්ට නැවත නිල ඇඳුම් රෙදි ලබා දීමට රජය තීරණය කර තිබේ. පාසැල් සිසුන්ට ලබා දෙන නිල ඇඳුම් වව්චර ක්‍රමය නතර කර නැවතත් පැරණි ක්‍රමයට රෙදි ලබා දීමට තීරණය කර තිබෙන බව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

වීසා නැතිව ඉන්දියාව සහ නේපාලය අතර දුම්රිය ගමනක්

ඉන්දියාව සහ නේපාලය අතර පළමු මගී දුම්රිය ධාවන කටයුතු ලබන දෙසැම්බර් මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ජයනගර් ප්‍රදේශය සහ නේපාලයේ ජනක්පූර් ප්‍රදේශය අතර මෙම මගී දුම්රිය ධාවනය වීමට නියමිතයි.

ඉතිහාසයේ වැඩිම පිරිවැයක් සහිත මැතිවරණය

අද (06) පැවැත්වීමට නියමිත කොංග්‍රස් මැතිවරණය අමෙරිකානු ඉතිහාසයේ වැඩිම පිරිවැයක් සහිත මැතිවරණය වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම මැතිවරණය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 5යි දශම දෙකක මුදලක් වැය වනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති බව සඳහන් වේ.

පාර්ලිමේන්තුව යළි කැඳවිමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

කොලර්පර ආරක්ෂාවට ආලේප තහනම් කෙරේ

හිරු ආවරණ කිරීම් ආලේපන භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.  හිරු ආවරණ කිරීම් ආලේපනවල පවතින රසායනික ද්‍රව්‍යයය හේතුවෙන් කොරල්පර සහ මුහුදු ජිවීන් විනාශ වන බවට අනාවරණය කර ගැනිමෙන් පසු පලාව් රාජ්‍ය එම ආලේපන භාවිතය තහනම් කර තිබේ.

Sunday, November 4, 2018

සෞදි මාධ්‍යවේදියා ඝාතනය වූ ආකාරය ගැන තුර්කි රජයෙන් පළමුවරට නිල ප්‍රකාශයක්

සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ ඝාතනය වූ ආකාරය සම්බන්ධයෙන් තුර්කි රජය ප්‍රථම වරට නිල ප්‍රකාශයක් නිකුත් කර ඇත.

චීන‍ය තවත් බෙයි දෝ ත්‍රී චන්ද්‍රිකාවක් සාර්ථකව කක්ෂගත කරයි

චීන‍ය තවත් බෙයි දෝ ත්‍රී (BeiDou-3) වර්ගයේ චන්ද්‍රිකාවක් සාර්ථකව කක්ෂගත කරයි. එම චන්ද්‍රිකාව කක්ෂගත කෙරුණේ චීනයේ ස්චුවාන් පළාතේ ෂීචංග් චන්ද්‍රිකා කක්ෂගත කිරීමේ මධ්‍යස්ථානයෙනි.

ට්‍රම්ප් හා චීන ජනපති අතර දුරකතන සංවාදයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා චීන ජනපති ෂී ජින් පිං අතර දුරකතන සංවාදයක් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.