Social Icons

facebookrss feedemailtwitter

Wednesday, November 7, 2018

කැමරූන් රාජ්‍යයේ පාසලක දරුවන් 79ක් පැහැර ගැනේ

කැමරූන් රාජ්‍යයේ වයඹ දිග බමෙන්ඩා හී පාසලක නේවාසිකාගාරයකින් දරුවන් 79 දෙනකු සහ තවත් තිදෙනකු පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වේ.
පැහැර ගනු ලැබූවන් අතර පාසලේ විදුහල්පතිවරයා ද සිටින බව බලධාරීහු පවසති. මේ වන විට මොවුන් සොයා දැවැන්ත මෙහෙයුමක් දියත් කර ඇති බව කැමරූන් හමුදාව පවසයි. මෙම දරුවන් වයස අවුරුදු 10ත් 14ත් අතර වයසේ පසුවන පිරිමි දරුවන් බව පැවසේ. මොවුන් කුඩා කාමරයක සිරකරගෙන සිටින බව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචාරනය වන බව පොලිසිය වාර්තා කර ඇත. ප්‍රදේශයේ ආණ්ඩුකාර ඇඩොල්ෆ් ලිලී පවසන්නේ කැමරූන් හී ක්‍රියාත්මක කැරළි කණ්ඩායම් මෙම පැහැරගෙන යෑම පසුපස සිටින බවයි.