Social Icons

facebookrss feedemailtwitter

Wednesday, November 7, 2018

එක්සත් අරාබි එමිරේට්ස් හි රැදී සිටින ලාංකික ශ්‍රමිකයින්ට පොදු සමාකාලය දීර්ඝ කෙරේ

නීත්‍යනුකූලව වීසා බලපත්‍ර නොමැතිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හී රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීම සඳහා ප්‍රකාශයට පත් කර ඇති පොදු සමාකාලය දෙසැම්බර් 01 වැනි දින තෙක් දීර්ඝ කෙරේ.
මේ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සඳහන් කර සිටී. ඉකුත් අගෝස්තු 01 දින ප්‍රකාශයට පත් කළ මෙම පොදු සමාකාලය ඔක්තෝබර් 31 දිනෙන් අවසන් වීමට තියමිතව තිබිණ. මේ අතර පෙරොන්දු වූ පරිදි වැටුප් නොලැබීම, සේවා ස්ථානයන්හී විවිධ හිංසනයන්ට ලක්වීම ආදී විවිධ හේතූන් මත යළි දිවයිනට පැමීණීමේ අපේක්ෂාවෙන් සිටින ලාංකිකයින්ට නාමික ගාස්තුවක් පමණක් ගෙවා ආපසු පැමිණීමට ද අවස්ථාව සැළසේ.