Social Icons

facebookrss feedemailtwitter

Sunday, November 4, 2018

සෞදි මාධ්‍යවේදියා ඝාතනය වූ ආකාරය ගැන තුර්කි රජයෙන් පළමුවරට නිල ප්‍රකාශයක්

සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ ඝාතනය වූ ආකාරය සම්බන්ධයෙන් තුර්කි රජය ප්‍රථම වරට නිල ප්‍රකාශයක් නිකුත් කර ඇත.
කෂෝගි තුර්කි සෞදි කොන්සල් කාර්යාලය තුළට ඇතුලූ වූ වහාම ඔහුගේ ගෙළ සිරකර ඝාතනය කර ඇති බවටයි එම නිල ප්‍රකාශයේ දැක්වෙන්නේ. අනතුරුව ඔහුගේ ශරීරය කොටස්වලට වෙන් කර විනාශ කිරීමට කටයුතු කර ඇති බවට තොරතුරු සනාථ වී ඇති බවටද සඳහන් කර තිබෙනවා.