Social Icons

facebookrss feedemailtwitter

Wednesday, November 7, 2018

වැඩිම ශතක ලාභී ක්‍රීඩකයා ලෙස රෝහිත් ශර්මා වාර්තා අතරට

පන්දුවාර 20යි 20 ක්‍රිකට් අංශයේ වැඩිම ශතක ලාභී ක්‍රීඩකයා ලෙස ඉන්දියාවේ රෝහිත් ශර්මා වාර්තා අතරට එක්වේ. ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේදී ය.

ඉන්දියා – බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලක්නව්හි දී 6 වැනි දින පැවැත්විණ. මෙම තරගයේදී ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ රෝහිත් ශර්මාය. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ශර්මා සහ ශිකර් ධවාන් සාර්ථක ආරම්භයක් ලබා දුන්හ. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 123කි.